ධම්මික රණතුංගට වෙන ම නීතියක් ද? විනිසුරු පොලිසියෙන් අසයි!
- RSL
- March 24, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- news, reports, Sri Lanka Law
- 0 Comments
අමාත්‍ය අර්ජුන රණතුංගගේ සොයුරු, සහෝදර පදනමින් වරාය අධිකාරියේ සභාපති ධුරය දරන ධම්මික රණතුංග විසින් ඉකුත් දා අධිකරණයේ දී මාධ්‍යවේදින්ට තර්ජනය කිරීම පිළිබඳ නඩුව අද විභාගයට ගැනුණු අවස්ථාවේ මෙලෙස පොලිසියෙන් ප්‍රශ්න කරනු ලැබුවේ කොළඹ මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය විසිනි.
අශිෂ්ට ලෙස අධිකරණයේ දී හැසිරුණු සභාපතිවරයා වෙත අද රුපියල් ලක්ෂ 2 බැගින් ශරීර ඇප මත මුදා හරිනු ලැබුණු අතර මහේස්ත්‍රාත්වරයා ඔහුට දැඩිව අවවාද කළේ ය. පොලිසිය විසින් ධම්මික රණතුංගගේ ජංගම දුරකතනය භාරයට නොගත්තේ මන්දැයි ප්‍රශ්න කළ මහේස්ත්‍රාත්වරයා පොලිසියෙන් විමසුවේ ඔහුට විශේෂ වරප්‍රාසද දෙනවා දැ යි කියා ය.
අවසානයේ දී මහේස්ත්‍රාත්වරයා විමසා සිටියේ අධිකරණ භූමියේ දී මෙලෙස හැසිරෙනවා නම්, සභාපතිවරයා වරාය අධිකාරියේ දී හැසිරෙන ආකාරය වටහාගත හැකි බවයි.
කෙසේ වෙතත්, රණතුංග චූල සහෝදර සමාගම යනු වත්මන් පාලනය අධිකතර ලෙස ගර්හාවට ලක්කරවන එකක් ලෙස වැඩිදුරටත් මෙහි ලියා තබමු.
