රනිල් සහ මහින්ද අතර ඇති ඩීල් දේශපාලනය ඇමති රාජිත සාක්ෂි සහිතව මාධ්‍යයන්ට හෙළිකරයි (විශේෂ)
- RSL
- February 15, 2018
- උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
- Mahinda Rajapaksa, Rajitha Senarathne, Ranil Wickeramasinghe
- 0 Comments
වත්මන් අගමැතිවරයා ලෙස කටයුතු කරන රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර තිබෙන ගජමිතුරු දේශපාලනය සහ ඩීල් ගැසීම දෙස්-විදෙස් සියලු දේශපාලඥයින් සහ ජනතාව අතර ප්‍රසිද්ධ රහසකි.
අද එය සාක්ෂි සහිතව අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් ප්‍රසිද්ධියේ සියලු මාධ්‍ය වෙත අනාවරණය කර සිටියේය.
අගමැති ධූරයෙන් ඉවත් නොවන්නැයි මහින්ද රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතාට දුරකතනයෙන් පැවසූ බවත්, පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය අනුව එජාපය යම් ඡන්ද ප්‍රතිශතයක් ලබා තිබෙන බවද අගමැතිධුරයෙහි වෙනසක් අවශ්‍ය නොවන බවද රාජපක්ෂ මහතා අගමැතිවරයාට පවසා ඇතැයි කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පවසයි.
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මේ බව ප්‍රකාශ කළේ අද (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රීලනිප එකමුතු ආණ්ඩුව තවදුරටත් පාලනය ගෙන යාමට තීරණය කර තිබෙන බවත්, රනිල් වික්‍රමසිංහ තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ ක්‍රියාකරන අතර කැබිනට් සංශෝධනයක් නුදුරේම සිදුවන බව ප්‍රකාශ කළේය.

