දයාසිරි පරණ කතාව අලුත් කරයි

Spread the love

ඊයේ පැවති ඒකාබද්ධ පොදු ජන පෙරමුණේ අපේක්ෂක සමාරම්භක උළෙල සඳහා සහභාගී වු ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ඉදිරියේ දී තීරණයක් ගන්නා බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඊයේ(02) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දී මේ පිළිබඳ තීරණයක් ගන්නා බවත් විකල්ප පක්ෂවලට උදව් කරන සියලු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් මෙම තීන්දුව ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම පක්ෂයේ නායකයාගේ රූපය නිරූපණය නොකර ප්‍රචාරක කටයුතු සිදු කරන පළමු දේශපාලන පක්ෂය බවට පොහොට්ටුව පත්ව ඇති බවත් ජී.එල්.පීරිස් මහතා එහි සභාපතිවරයා වුවද ඔහුගේ රූපය නිරූපණය නොකිරීම කණගාටුවට කරුණක් බව ද දයාසිරි ජයසේකර මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

මේ වන විට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ උපදේසකයෙකු ලෙස සිටින මහින්ද රාජපක්ෂ මහතාගේ රුව භාවිතා කිරීම නීතිවිරෝධි ක්‍රියාවක් බව ද ඇමතිවරයා සඳහන් කළේය.