ගෝඨාභය පිළිබඳව ආගමන විගමන පාලකට අධිකරණ නියෝගයක් !
- RSL
- September 26, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Gotabaya Rajapaksa
- 0 Comments
පොහොට්ටු පාර්ශවයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ 2005 මැතිවරණ සමයේ ඡන්දය භාවිත කිරීම හා ඔහු ලංකාවේ රැඳී සිටීම පිළිබඳව විස්තර හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ආගමන විගමන පාලකට හා හම්බන්තොට මැතිවරණ කොමසාරිස් වෙත නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළේය.
ද්විත්ව පුරවැසියෙකු ලෙස සිටින අතර තුරේ නීති විරෝධී ආකාරයට 2005 ජන්ද හිමි නාමලේඛණයට නම ඇතුළත් කරගැනීම සම්බන්ධව කෙරෙන විමර්ශනයට අදාලව මෙම මෝසම ඉදිරිපත් කිරීම සිදුකර තිබේ.

