විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලොක්කන් ලවා වත්මන් අධිකරණ ඇමතිනිය රුපියල් මිලියන 123ක් පිල්ලි ගැසූ බවට චෝදනා ලිඛිතව
- RSL
- March 22, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා, විමර්ශන
- Thalatha Athukorala
- 0 Comments
2010-2015 වර්ෂයේ දක්වා කිසිදු ශ්‍රමිකයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ ලියාපදිංචි කිරිමට අපොහොසත් විම හේතුවෙන් බලපත්‍රය පවා අහිමිකරගත් හයිෆා මෑන්පවර් රේකෲමන්ට් ආයතනයට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය මගින් නැවත රුපියල් මිලියන 81.6 ගෙවිම හරහ මහා මුල්‍ය වංචාවක් කිරිමට කටයුතු කර තිබේ.
වත්මන් අධිකරණ අමාත්‍යවරිය වන තලතා අතුකෝරළ මහත්මිය විදේශ රැකියා ඇමතිනි ලෙස කටයුතු කල සමයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සිදුවු මහා පරිමාණ දුෂණයක් සම්බන්ධයෙන් අමාත්‍යංශයේ අභ්‍යන්තර විගණන අංශයේ නිළධාරි යොදවා කරන ලද විමර්ශන වාර්තාවට 2016 වසරේදි රුපියල් මිලියන 123ක පාඩුවක් බවත් එය අයකර ගැනිමට කටයුතු කරන ලෙසත් යෝජනා කර ඇත.
අදාළ මුල්‍ය වංචාව් සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති මෙන්ම ඉහල නිළධාරින්ද වගකිවයුතු බව වාර්තාව හරහ පෙන්වා දි තිබේ.
එම වාර්තාවට අනුව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය විසින් සැපයු තොරතුරු වලට අනුව සභාපතිවරයා චක්‍ර ලේඛය 02/2015 අනුමැතිය ලබාදි තිබෙඋ විදේශ රැකියා නියෝජිත ආයතන වෙත 2016/12/31 දින දක්වා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ ලියාපදිංචි ගාස්තු නැවත් ගෙවු (70%) මුදල රුපියල් මිලියන 123ක් වේ.
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ පනත හා පටහැගි මෙන්ම ප්‍රසිද්ධයට පත් නොකල මෙම 02/2015 චක්‍රලේඛය මගින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයට ලැබිය යුතු තිබු ඉහත මුදල් විදේශ රැකියා නියෝජිත ආයතන වෙත ලබ ගැනිමඅවස්ථාවක් සලසා ඇත.එමෙන්ම ඒ මගින් 1994 අංක 04 පනතින් සංශෝධිත ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පනත් අංක 4ද උල්ලංඝනය කර තිබේ.
ඒ හරහා 2010-2015 වර්ෂයේ දක්වා කිසිදු ශ්‍රමිකයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ ලියාපදිංචි කිරිමට අපොහොසත් විම හේතුවෙන් බලපත්‍රය පවා අහිමිකරගත් හයිෆා මෑන්පවර් රේකෲමන්ට් ආයතනයට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය මගින් නැවත රුපියල් මිලියන 81.6 ගෙවිම හරහ මහා මුල්‍ය වංචාවක් කිරිමට කටයුතු කර තිබේ.
උපුටනය: ලංකා ලීක්ස්























































