ශ්‍රී ලංකාව තුල අධිවේගී විදුලි දුම්රිය නිෂ්පාදනය කිරීම සදහා ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සදහා ආයෝජන මණ්ඩයේ අනුමැතිය දීම සදහා රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා කොමිස් මුදල් ඉල්ලා සිටි බව ‘සිලෝන් හයිස්පීඩ් රේල්වේස් ලිමිටඩ්’ සමාගම චෝදනා කරයි.
මීට පෙර මෙම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් වාර්තා වී තිබුණේ, වත්මන් රජයේ ආයෝජන ඇමති මලික් සමරවික්‍රම සහ ඇමති සුජීව සේනසිංහ විසින් මේ සඳහා කොමිස් ඉල්ලූ බවයි. එහෙත් ඊයේ (13) පැවති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ‘සිලෝන් හයිස්පීඩ් රේල්වේස් ලිමිටඩ්’ සමාගමෙහි මෙහෙයුම් අධ්යක්ෂ නික්ලර් ශ්‍රීමාල් නැමැත්තෙකු විසින් පවසා සිටියේ, යෝජිත අධිවේගී දුම්රිය නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියට ඉඩ ලබා දීම සඳහා ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍යවරයා විසින් ඇමරිකා ඩොලර් මිලියන 537ක් ආයෝජනයෙන් 10%ක කොමිස් මුදලක් ඉල්ලූ බවත් එය ඔහුගේ නියෝජිතයෙකු හරහා පැමිණි බවත්ය. මෙහි දී මීට ඉහතදී ප්‍රකාශ වුණු රටම දන්නා වත්මන් ආණ්ඩුවේ එජාපය නියෝජනය කරන කුප්‍රකට මලික් සමරවික්‍රමගේ නම උපක්රමශීලීව අතුරුදහන්ව තිබීමයි.
මෙම ව්‍යාපෘතියෙන් කොමිස් ගැසීමට උත්සහ ගත්තේ නම්, ඊට සම්බන්ධ සියල්ලන් හෙළිකොට ඔවුන් නීතිය හමුවට ගෙන ආ යුතු අතර, එක් පුද්ගලයෙකුගේ සැලසුම් මත එකෙකු පාවා දෙමින් අනෙකා ඇඟ බේරාගනිමින් මඩ ගසා ජනතාවගේ ඇසට වැලි ගැසීමට උත්සහ ගන්නේ නම් අප ඊට එරෙහිව ක්‍රියාත්මක විය යුතුය.
අනෙක් සැකකටයුතු කරුණනම් මේ සම්බන්ධයෙන් පෙර අනාවරණයට ලබා නොදුන් ප්‍රසිද්ධියක් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ අන්තර්ජාල පුවත්පතක් සහ ඔවුන්ගේ සමාජජාල හරහා ලබාදීමයි. මෙම සැකය වඩාත් තහවුරුවන්නේ එජාපය නියෝජනය කරන ජාතික ලැයිස්තු ඇමතිවරයෙකු වන කුප්‍රකට මලික් සමරවික්‍රම සහ ජනතා විමුක්ති පෙරමුණ අතර පවතින ගනුදෙනු (ඩීල්) කිරීම් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ රහසයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පසුගියදා සුජීව සේනසිංහ ඇමතිවරයා පවසා සිටියේ, මෙම ‘සිලෝන් හයිස්පීඩ් රේල්වේ ලිමිටඩ්’ සමාගමේ අයවලුන් පල්හොරු ටිකක් බවත්, මොවුන් ව්‍යාපෘති සඳහා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන ඒවා වෙනත් සමාගම්වලට විකුණන බවත්ය.