හිටපු ජනපති අද CIDයට බයවෙයි! මහා සංඝරත්නයත් වැඩම කරයි (Video)

Spread the love

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යාමේ සිද්ධියට අදාළව හිටපු ජනාධිපති සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔහුගේ නිවසට පැමිණෙන බව දන්වා තිබූ අතර එම අවස්ථාව වන විට එතුමාගේ ආධාරකරුවන්, මන්ත්‍රීවරුන් සහ මහා සංඝරත්නය විශාල පිරිසක් රැස්ව සිටියහ.

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා 2008 වසරේදී මැයි මස 22 වනදා දෙහිවල වෛද්‍ය පාරේ පිහිටි සිය නිවස අසලදී පැහැරගැනීමට ලක්වූ අතර දින කිහිපයකට පසු ඔහු මුදා හැර තිබුණේ කෲර ලෙස වධ හිංසනයට ලක් කිරීමෙන් අනතුරුවයි.

මීට අමතරව මෙම පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කතානායක කරූ ජයසූරිය මහතාගෙන් ද ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පියවර ගෙන තිබුණි. එහෙත් CIDය මෙලෙස පැමිණෙන විට එතුමා මෙලෙස තම ආධාරකරුවන් කැඳවා තිබුණේ නැත.