ඇවිලුණු කතරගම ගැන පරීක්ෂණ CIDයට – 63ක් අත්අඩංගුවේ
- RSL
- January 22, 2018
- උණුසුම් පුවත්, දේශපාලන
- 0 Comments
කතරගම දී පොලිස් වෙඩි පහරින් පුද්ගලයකු මිය යෑම ගැන පරීක්ෂණ පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරනු ලැබ තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් මේ වනවිටත් කතරගම බලා පිටත්ව ගොස් ඇති බව පැවසේ.
කතරගම පොලිසියෙන් කළ වෙඩි තැබීමකින් පෙරේදා (20) රාත්‍රියේ පුද්ගලයකු මිය ගිය අතර ඊට විරෝධ දක්වමින් ප්‍රදේශවාසීහු පොලිසිය ඉදිරිපිට උද්ඝෝෂණයක්ද කළහ.කෙසේ වෙතත් පොලිසිය රාත්‍රියේම උද්ඝෝෂකයන් විසිරුවා හැර තිබිණි.
මේ වනවිට පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගනු ලැබ සිටින අතර මෙම වෙඩි තැබීමට එරෙහිව විරෝධතා දැක්වූ කාන්තාවෝ 15ක් ඇතුළු පුද්ගලයින් 63ක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
https://youtu.be/dxqL-Gy0XHQ?t=13s

