අද දින කොරෝනා ආසාදිතයින් වාර්තා වී නෑ – සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා

අද (25) දිනයේ පස්වරු 4.30 වනවිට කොරෝනා වෛරසය ආසාදිත කිසිදු රෝගියෙකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් පැවසූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ. ඊයේ (24) වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත බවට තහවුරු වූ රෝගීන් ගණන 102කි.

Continue Reading

චාල්ස් කුමරුටත් කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වේ

බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරුට ද කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව ඔහුගේ නිල නිවස වන ක්ලැරන්ස් මන්දිරය තහවුරු කළේය. 71 හැවිරිදි කුමරු සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම “හැරුණුවිට හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන” බව ප්‍රකාශකයකු පැවසීය. චාල්ස් කුමරුගේ බිරිය වන කෝන්වෝල්හි ආදිපාදවරිය කැමිලා පාකර් ද පරීක්ෂාවට ලක් කෙරුණත් ඇයට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී නැත. චාල්ස් කුමරු හා කැමිලා යන දෙදෙනා …

Continue Reading

චීනයේ මාධ්‍ය නිදහස තිබුණි නම් නව කොරානා රෝගය ගෝලීය වසංගතයක් නොවන්නට ඉඩ තිබුණි – දේශසීමා රහිත වාර්තාකරුවෝ්

චීනයෙහි බලධාරීන් විසින් පනවා ඇති වාරණය සහ පාලනය නොතිබුනි නම් චීන ජනමාධ්‍ය විසින් කොරොන වෛරස් වසංගතයේ බරපතලකම පිළිබඳව කල්තියා මහජනතාවට දැනුම් දෙන්නට තිබූ බවත් එමගින් ජීවිත දස දහස් ගණනාවක් බේරාගෙන වර්තමාන ගෝලීය වසංගතයෙන් වැළකීමට ඉඩ තිබූ බවත් “දේශසීමා රහිත වාර්තාකරුවෝ්” සංවිධානය (ආර්එස්එෆ්) පෙන්වා දෙයි. මාර්තු 13 වන දින ප්‍රකාශයට පත් කරන ලද විශ්ලේෂණයක් මගින්, සවුත්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් යෝජනා කරන්නේ චීන බලධාරීන් ජනවාරි 20 වන දින ගනු ලැබූ පළමු පියවර ඊට සති දෙකකට පෙර ක්‍රියාත්මක කළේ නම් චීනයේ කොරොන වෛරස් රෝගීන්ගේ සංඛ්‍යාව 86% කින් අඩු කළ හැකිව …

Continue Reading

නිවසටම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ විශේෂ වැඩසටහන ඇරඹේ

රට තුළ කොරෝනා වෛරසය (COVID- 19) පැතිර යාම වැළැක්වීමට ජනතාව වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ යාන්ත්‍රණයක් ස්ථාපනය කෙරේ. සමූපකාර සහ සුපිරි වෙළෙඳසැල් ඒකාබද්ධව ප්‍රාදේශීය යාන්ත්‍රණය මගින් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ දී ජන ජීවිතය යථා තත්ත්වයෙන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නා වූ සේවාවන් අඛණ්ඩව සැපයීම, මෙහෙයවීම සම්බන්ධීකරණය සහ පසුවිපරම පිණිස වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ …

Continue Reading

ලේ බැංකුවේ රුධිර සංචිත වේගයෙන් ක්ෂය වෙයි: රණ විරුවෝ ලේ පරිත්‍යාග කරති

මේ වන විට රටේ පවතින හදිසි තත්ත්වය හේතුවෙන් රුධිර බැංකුවේ රුධිර සංචිතයන් වේගයෙන් ක්ෂය වෙමින් පවතින බැවින් ජාතික රුධිර බැංකුව වෙත අත්‍යවශ්‍ය වී ඇති රුධිර සංචිතයන් පරිත්‍යාග කිරිමේ අරමුණින් හොරණ දොඹගොඩ පිහිටි ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා කර්මාන්තශාලාවේ මෙන්ම යුධෝපකරණ පුහුණු පාසලේ නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 100 කට අධික …

Continue Reading

ගම්පහ දිස්ත්‍රික්කයේ සමෘද්ධි ප්‍රතිලාභීන් 1,38,777කට අත්‍යවශ්‍ය භාණ්ඩ

ගම්පහ දිස්ත්‍රික්කයේ සමෘද්ධි ප්‍රතිලාභීන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ වැඩපිළිවෙල ඇරඹේ. දිස්ත්‍රික්කයේ ස්ථාන 13කදී එය ක්‍රියාත්මකයි. ගම්පහ දිස්ත්‍රික්කයේ සමෘද්ධි ප්‍රතිලාභීන් එක් ලක්ෂ තිස් අටදහස් හත්සිය හැත්තහතකට (1,38,777) අත්‍යවශ්‍ය භාණ්ඩ මලු ලබා දීම මේ අනුව සිදු කෙරේ. භාණ්ඩ ලබා ‍දෙන්නේ ඔවුන්ගේ ඊළග මස සහනාධාරයෙන් අය කර ගැනීමේ පදනම මතයි. පළාත් පාලන විවිධ සේවා සමූපාකර සමිති, සමෘද්ධි අධිකාරීය, ප්‍රාදේශිය ලේකම් කාර්යාලය එක්ව වැඩ …

Continue Reading

අපේ හෙළ වටිනාකම් බැහැර නොකළා නම් අද අපිට කොරෝනා භීතියක් නෑ

වෛරසයක් සතුව පවතින සීඝ්‍ර ගුණන හැකියාව සහ එකිනෙකට වෙනස් වූ විවිධ වර්ගයේ මාදිලි කෙටි කලක් තුළ ඇතිකර ගැනීමේ හැකියාව හේතූවෙන් වෛරස් රෝගයක් සඳහා ඖෂධයක් සොයා ගැනීම තරමක් අපහසු ය. මේ අතර එවැනි වෛරසයක් ගුණනය සඳහා කෙල බිඳිති, ශ්ලේෂ්මල යනාදිය මාධ්‍යයක් වූ විට කෙනෙකුගෙන් තව කෙනෙකුට ඉතාමත් සීඝ්‍රයෙන් වෛරසය ව්‍යාප්ත වේ. ජීවිත රැසක් බිලි ගනිමින් මුළු ලෝ පුරා ව්‍යාප්තව ගොස් ඇති …

Continue Reading

Covid 19 වසංගතය අවසන් වී ජීවිතය යථාතත්ත්වයට පත්වන්නේ කවදා ද?

ලෝකය වැසී යමින් තිබේ. ලොක්ඩවුන් කිරීම්, පාසල් වසා දැමීම්, සංචාරක සීමා සහ පුද්ගල ඒකරාශී වීම් වැනි දැවැන්ත සීමා පැනවීම් හරහා ජනාකීර්ණ කාර්යබහුල නගර නිසොල්මන් ස්ථාන බවට පත්ව තිබේ. මෙම තත්ත්වය යම් රෝගයක් වෙනුවෙන් ලැබුණු අසමසම ගෝලීය ප්‍රතිචාරයකි. මෙම තත්ත්වය අවසන් වන්නේ කවදා ද? යළිත් අපගේ ජීවිත යථාතත්ත්වයට පත්වන්නේ කවදා ද? එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැවසුවේ, සති 12ක කාලයකින් කොරෝනාවෛරස් …

Continue Reading

Covid 19 පාලනයට ලෝකයේ සියලුම රටවල් ගත් තීන්දු සියල්ල

COVID-19 මැඩපැවැත්වීම සඳහා ලොව පුරා රටවල් දේශසීමා වැසීම ඇතුළු දැඩි පියවර ගෙන තිබේ. මේ ඒ සියල්ල ගැනයි ගුවන්තොටුපල වසා දැමීම, සංචාරක සීමාවන් පැනවීම සහ ඔවුන්ගේ දේශසීමා සම්පූර්ණයෙන්ම මුද්‍රා තැබීම ඇතුළුව නව කොරෝන වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ලොව පුරා රටවල් වැඩි වැඩියෙන් පියවර ගනිමින් සිටී. කොරෝන වෛරසය වසංගතයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ලේබල් කර තිබේ. පහත දැක්වෙන්නේ මෑත දිනවල එවැනි පියවර ගෙන ඇති රටවල් …

Continue Reading

අද දිනයේ Covid 19 උණුසුම් දේශීය පුවත් සියල්ලම

පෙර ගෙවුම් සහ පසු ගෙවුම් පාරිභෝගිකයින්ට ජනපති නියමයෙන් සහන කොවිඩ් 19ට එරෙහි සටනේදී තොරතුරු බෙදා හැරීම සදහා සම්බන්ධතා පැවැත්වීම අත්‍යවශ්‍ය වන මෙම කාලයේදී සිය පසුගෙවුම් පාරිභෝගිකයින් සදහා බිල්පත් ගෙවීමට සහන කාලයක් සලසා එම සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසත්, පෙර ගෙවුම් පාරිභෝගිකයින් සදහා හදිසි ණය පහසුකම් සහ අමතර කතා කාලයක් ලබාදීමේ යාන්ත‍්‍රණය කි‍්‍රියාත්මක කරන ලෙසත් සියලුම ටෙලිකොම් දුරකථන, ජංගම දුරකථන, නිවෙස්වලට …

Continue Reading