සිරුරේ ස්වභාවය අපහාසයට ලක් කිරීම, ආකල්ප සහ සමාජ මාධ්‍ය ජාල
වයස 31ක් වුණත් මම අවිවාහකව ඉන්නේ මේ හේතුව නිසයි. මට බයයි මම මහත, කැත නිසා මාව කෙනෙක් දාලා යයි කියලා. කොහොමත් මගෙන් කිසි කෙනෙක් යාළු වෙන්නවත් අහලා නැහැ. මගේ ෆේස්බුක් එකේ පින්තූර දාන්නේ ෆිල්ටර් එකක් එක්ක. හැබැයි ඇත්තට මාව කෙනෙක් දැක්කොත් බය වෙයි කියලා මට හිතෙනවා ‘මගේ සිරුරේ ස්වභාවය අපහාසයට ලක් කිරීමට’ අනෙකාට අයිතියක් තිබේද ? ශරීර ස්වභාවය අපහාසයට ලක් …
Continue Reading
හිතේ ලෙඩින්ද ? එසේ නම් මේ ලිපිය ඔබටමයි !
වෛද්‍යවරු පමණක් නොවෙයි අපි බොහෝ දෙනෙක් කියන ආකාරයට අද සමාජයේ බොහෝ දෙනකුට තියෙන්නේ හිතේ ලෙඩ. ‘හිත සියලූ සිතුවිලිවලට මුල් වෙනවා’ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒත් බුදු දහම අනුව ජීවත් වෙන්නේ කීයෙන් කී දෙනාද ? ඒ නිසා හැමෝටම හිතේ ලෙඩ වැඩියි. ඒ නිසා ගතේ ලෙඩත් වැඩියි. ඒ දෙකම එකතු වුණාම මුළු ජීවිතේම අවුල්. අධ්‍යාපනය කඩාකප්පල් වෙනවා, රැකියාවේ අර්බුද ඇති වෙනවා, …
Continue Reading
‘ස්වයං විවේචනය’ ගැන ඔබ මේ කරුණු දැන සිටියා ද ?
ඔබ අසමත් වූ හෝ බරපතළ වැරැද්දක් කළ අවසන් අවස්ථාව ගැන නැවත සිතන්න. ඔබ තවමත් ලැජ්ජාවෙන් බොඳ වී, මෙතරම් මෝඩ හෝ ආත්මාර්ථකාමී වූ නිසා ඔබට බැණ වදිනවාද ? එම අසාර්ථකත්වය තුළ ඔබ තනිවම සිටින බවක් දැනෙනවාද ? එසේත් නැතිනම් එම දෝෂය මනුෂ්‍යයෙකුගේ කොටසක් බව ඔබ පිළිගෙන, ඔබ සමඟ ප්‍රවේශමෙන් හා මුදු මොළොක් ලෙස කතා කිරීමට උත්සාහ කරනවාද? බොහෝ මිනිසුන් සඳහා, වඩාත්ම දැඩි විනිශ්චය ප්‍රතිචාර …
Continue Reading
නැගෙනහිර පර්යන්තය : ආණ්ඩුවේ ව්‍යාජ හඬට රැවටෙනවාද?
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට 99 අවුරුදු බදු ක්‍රමයට ලබාදීම හෝ විකුණා දැමීමට තීරණය කිරීම ඉතිහාසයේ අදූරදර්ශීම තීරණයක් වනු ඇති බව නොඅනුමානය. එනිසාම අප දිගින් දිගටම ලිපි මගින් රාවය පාඨකයාට කියන්නට උත්සහ දරන්නේ මෙය වැළැක්විය යුතු ප්‍රයත්නයක් වන අතර ඊට පළල් ජනතා විරෝධයක්ද අවශ්‍ය බවයි. රට ණය උගුලක පැටලී ඇති බව සත්‍යයය. එය මහජනතාව විසින් මෙතෙක් පත් කරගත් පාලකයන් විසින් …
Continue Reading
මාර්ගගත ලොතරැයියෙන් මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලට රුපියල් මිලියන 673ක් අහිමි වෙයි
මහපොළ භාරකාර අරමුදලේ මාර්ගගත (Online) ලොතරැයියක් වෙනත් අතරමැදියෙකු හරහා අළෙවි කිරීම හේතුවෙන් එම පුද්ගලයා එමගින් උපයා රුපියල් මිලියන 673 ක මුදල මහපොළ භාරකාර අරමුදල වෙත ලැබී නොමැති බව කෝප් කමිටුවේදී අනාවරණය විය. මෙය මහා පරිමාණ දුෂණයක් බවත් මේ කාරණාව සම්බන්ධයෙන් නීතිපතිවරයා දැනුවත් කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත විධිමත් පරීක්ෂණයක් සඳහා යොමු කරන ලෙසට වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් ජේ.එම්.භද්‍රානි ජයවර්ධන මහත්මිය හට …
Continue Reading
ශ්‍රී ලංකාවේ අධිකරණයට අපහාස කිරීම: නීති පසුබිම
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලැබ සිවු අවුරුදු සිරදඩුවමක් නියම වීම සමග ශ්‍රී ලංකාවේ ‘අධිකරණයට අපහාස කිරීම’ ගැන දැන සිටිය යුතු නීති පසුබිම ගැන ජනතාව අතර උනන්දුවක් ඇති වී තිබෙනවා. මේ ඒ හා සම්බන්ධයෙන් ඔබ දැනගත යුතු මූලික නෛතික පසුබිම ගැන විද්වත් විමසුමක්. අධිකරණයට අපහාස කිරීම යනු කවරක් දැයි ශ්‍රී ලංකාවේ නීතිය තුළ නිශ්චිතව අර්ථ …
Continue Reading
බදු නොගෙවන මෝරුන්ගේ නම් ජනමාධ්‍ය මගින් රට හමුවට
විශාල වශයෙන් බදු නොගෙවන ආයතනවල ලේඛනය ඉදිරියේදී ජනමාධ්‍ය මඟින් මහජනතාව වෙත ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී පසුගිය (06 දා) තීරණය විය. එලෙස බඳු නොගෙවන ආයතනවල ලේඛනය මාස 02 ක් තුළ කාරක සභාවට ලබාදෙන ලෙස එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය. අයකර ගත හැකි බඳු කඩිනමින් අයකර ගැනීමට පියවර ගත යුතු …
Continue Reading
Covid -19 මෘතදේහ භූමදානය ගැන ‘විශේෂඥ කමිටුව’ සිය නිර්දේශ ලබා දෙයි
වෛරස් වලට ශරීරය තුළ එක් වර ප්‍රතිනිර්මාණයක් කළ නොහැක. ආසාදිත පුද්ගලයා මිය ගිය පසුව ශරීරයේ ජීව සෛල නොමැති බැවින් ඉතිරිව ඇති වෛරසය පුද්ගලයෙකුගේ මරණයත් සමඟ යම් කාලයක් තුළදී මිය යයි. SARS-Cov-2 වෛරස් ආසාදනය ජලයෙන් බෝවන රෝගයක් නොවේ,” යනුවෙන් ද මෙම වාර්තාවේ සඳහන් කර ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත් කරන ලද 11 දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුව, ශ්‍රී ලංකාවේ කෝවිඩ් -19 වෛරසය …
Continue Reading
කොවිඩ් ආසාදිත මළ සිරුරු ආදාහනය: ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයේ ස්ථාවරය
COVID-19 සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රකාශයට පත්කරනු ලැබ ඇති 85,000 කට අධික විද්‍යාත්මක වාර්තා අතර මළ සිරුරක් හරහා වෛරසය සම්ප්‍රේෂණය වීමක් පිළිබඳ එකදු සිද්ධියක්වත් වාර්තා වී නොමැත Covid-19 ආසාදිතව මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු භූමදානය කිරීමෙන් කොරෝනාවෛරසය පැතිරෙන බවට ප්‍රබල සාක්ෂි නොමැති අතර, දැනට පවතින විද්‍යාත්මක සාක්ෂි සහ ගෝලීය මාර්ගෝපදේශ අනුව යමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ කරනු ලබන දැඩි මාර්ගෝපදේශ අනුව ශ්‍රී …
Continue Reading
ශ්‍රී ලංකාවේ සියවස් දෙකක ප්‍රතිශක්තිකරණ උරුමය 2021දී උරගා බැලෙනු ඇති !
-
RSL
-
December 29, 2020
-
පුවත් සහ වාර්තා, විමර්ශන
-
featured
-
0 Comments
දශක ගණනාවක් තිස්සේ දැඩි ශික්ෂණයෙන් හා කැපවීමකින් ගොඩ නගා ගත් ජාතික ප්‍රතිශක්තිකරණ ක්‍රමවේදයක් ශ්‍රී ලංකාව සතුයි. වෛද්‍යවරුන්ගේ මගපෙන්වීම යටතේ මෙහි වැඩි වැඩ කොටසක් සිදු කරන්නේ ක්ෂේත්‍ර මට්ටමේ ප්‍රජා සෞඛ්‍ය සේවකයන් විසින්. නාලක ගුණවර්ධන 2020 වසරේ අපේ ලෝකය උඩුකුරු යටිකුරු කළ COVID-19 රෝගය වැළඳීමෙන් වැළකී සිටීමට හොඳම ආරක්ෂිත පියවර ලෙස එන්නත් සැලකිය හැකියි. ඇමරිකාව, යුරෝපා හවුල, රුසියාව සහ චීනය වැනි රටවල නිපදවූ එන්නත් නිසි සායනික …
Continue Reading