තායිලන්ත වීසා ප්‍රතිපත්තිය ලිහිල් වෙයි – ශ්‍රී ලාංකිකයින්ට ‘සුභ පණිවුඩයක්‘

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 93 ක සහ ප්‍රදේශවලින් පැමිණෙන සංචාරකයින් සඳහා හෙට (ජුලි 15) සිට වීසා රහිතව ඇතුළුවීමට අවසර ලබා දෙන බව තායිලන්තයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි. තායිලන්තයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද නව ප්‍රතිපත්තිය, වීසා රහිත රැඳී සිටීම දින 30 සිට 60 දක්වා දීර්ඝ කර ඇත. නමුත් තායිලන්තයට පැමිණෙන අමුත්තන්ට අරමුදල්, නවාතැන් සහ ආපසු පැමිණීමේ හෝ …

Continue Reading

ට්‍රම්ප් ඝාතන තැතතක්: ජනපති බිඩෙන්ට ප්‍රබල චෝදනා

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්සිල්වේනියාවේ පැවති ජන රැලියක් අමතමින් සිටියදී අද (14) උදෑසන වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇති අතර ඔහුට කිසිම අනතුරක් නැතැයි වාර්තා වේ. ප්‍රහාරය එල්ල වීමට පෙර ඔහු සිනහවෙන් හා ඔහුගේ දකුණු කනට අතක් ඔසවන අයුරු දර්ශනවල දැක්විණි. ප්‍රහාරය සමග වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ ට්‍රම්ප් ආරක්ෂා සහිතව වේදිකාවෙන් ඉවත් කර ගෙන මෝටර් රථයක් වෙත ගෙන ගියේය. සිය …

Continue Reading

පුරවැසියන්ගේ ‘දුරකතන ඇමතුම් ටැප්’ කිරීමට පකිස්ථාන බුද්ධි අංශයට අවසර

ජාතික ආරක්ෂාව වෙනුවෙන් පුරවැසියන්ගේ දුරකතන ඇමතුම් සහ කෙටි පණිවිඩ ‘ග්‍රහණය කිරීමට’ පකිස්ථානයේ ෆෙඩරල් රජය අන්තර්-සේවා බුද්ධි අංශයට (ISI) අවසර දී තිබේ. මේ සම්බන්ධයෙන් විපක්ෂය නියෝජනය කරන දේශපාලන නායකයින් පමණක් නොව සමාජ ක්‍රියාකාරීන් ද කනස්සල්ල පළ කරන අතර, ඔවුන්ගේ අදහස වන්නේ, මෙම ක්‍රියාමාර්ගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති පුරවැසියන්ගේ අයිතිවාසිකම්වලට පටහැනි බව ය. ජුලි 8 වන දින නිකුත් කරන ලද දැනුම්දීමකට …

Continue Reading

ඕස්ට්‍රේලියාවේ ‘මිනිස් – කිඹුල් යුද්ධය‘

පුද්ගලයින් 250,000ට කිඹුලන් 100,000ක් 12 හැවිරිදි දැරියක් පණ පිටින් කාලා ඕස්ට්‍රේලියාවේ උතුරු ප්‍රදේශයේ කිඹුලන් ගහනය පාලනය කිරීම සඳහා අතිරේක ක්‍රියාමාර්ග ගත යුතුද යන්න පිළිබඳව පසුගිය දා එල්ල වූ ප්‍රහාරය සමග යළිත් සාකච්ඡාවට ලක්ව තිබේ. මෙම ආරක්‍ෂිත සත්ත්ව විශේෂය වඩ වඩාත් මිනිසුන් සමඟ ගැටෙමින් සිටී. පසුගිය සතියේ සිය පවුලේ අය සමඟ පිහිනමින් සිටියදී 12 හැවිරිදි දැරියක් මරා දැමීමෙන් පසු උතුරු ඕස්ට්‍රේලියාවේ …

Continue Reading

ඉරාන පනාධිපතිවරණයේදී සිදු වුණේ කුමක් ද ?

ප්‍රතිසංස්කරණවාදී මසූද් පෙසෙෂ්කියාන් ඔහුගේ දැඩි ගතානුගතික ප්‍රතිවාදියා වන සයීඩ් ජලීලී පරදවමින් ඉරානයේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය. මැතිරවරණ ජයග්‍රාහකයා ලෙස වෛද්‍ය පෙසෙෂ්කියාන් ප්‍රකාශයට පත් කෙරුණේ, ගණනයට ලක් වුණු මිලියන 30කට වැඩි ඡන්දවලින් ඔහු ඡන්ද 53.3%ක් ලබා ගැනීමෙන් පසුව ය. ජලීලී ලබා ගත්තේ, ඡන්ද 44.3%ක් පමණි. ජූනි 28 වන දින පැවති මැතිවරණයේ පළමු වටයේදී කිසිදු අපේක්ෂකයෙකු බහුතරයක් ලබා ගැනීමට අසමත් …

Continue Reading

බ්‍රිතාන්‍යය මහ මැතිවරණය: කම්කරු පක්ෂයට අතිවිශිෂ්ට ජයක්

එක්සත් රාජධානියේ මහ මැතිවරණයෙන් එරට කම්කරු පක්ෂය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා තිබේ. ඒ අනුව කම්කරු පක්ෂය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් කරා මෙහෙයවූ ශ්‍රීමත් කියර් ස්ටාර්මර් නව අග්‍රාමාත්‍යවරයා බවට වනු ඇත. මේවන විට කම්කරු පක්ෂය පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 650 න් 400 කට වඩා දිනාගෙන ඇති අතර මෙතෙක් බලයේ සිටි අග්‍රාමාත්‍ය රිෂි සුනක්ගේ නායකත්වයෙන් යුත් කොන්සර්වේටිව් පක්ෂයට හිමිකර ගැනීමට හැකිව ඇත්තේ ආසන 110කට වැඩි …

Continue Reading

හින්දු ආගමික උත්සවයකදී 121කට දිවි අහිමි වෙයි

උතුරු ඉන්දියාවේ ආගමික උත්සවයක් අතරතුර ඇති වූ තෙරපීමකින් අවම වශයෙන් පුද්ගලයින් 121 දෙනෙකු මිය ගොස් ඇති බව පොලිස් පරීක්ෂක ජෙනරල් ශලබ් මාතුර් ප්‍රකාශ කර තිබේ. මෙම සිදුවීම සිදුව ඇත්තේ, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හත්‍රාස් දිස්ත්‍රික්කයේ ‘සට්සංග්‘ නමැති හින්දු ආගමික උත්සවයකදී ය. කාන්තාවන් විශාල ගණනක් සහ කුඩා දරුවන් පිරිසක් ඇතුළු මෙම සිදුවීමෙන් විපතට පත්වූවන් හඳුනා ගැනීමේ කටයුතු තවමත් සිදුවෙමින් පවතී. මුගල්ගාර්හි නම් …

Continue Reading

ඇමෙරිකාවට හිසරදයක් වූ ‘විකිලීක්ස් නිර්මාතෘ‘ ගැන අලුත්ම පුවත

වසර ගණනාවක් පුරා ක්‍රියාත්මක වුණු නඩුහබවලින් පසු, අපරාධ චෝදනාවලට වරද පිළිගැනීමටත් සහ ඉන්පසු නිදහස් කිරීමටත් එක්සත් ජනපද බලධාරීන් සමග ඇති කරගත් එකඟතාවකින් අනතුරුව ජූලියන් අසාන්ජ් එක්සත් රාජධානියෙන් පිටව ගොස් ඇතැයි විකිලීක්ස් පවසයි. 52 හැවිරිදි අසාන්ජ්ට ජාතික ආරක්ෂාව සම්බන්ධ තොරතුරු ලබා ගැනීමට සහ ඒවා හෙළි කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල විය. ඉරාක සහ ඇෆ්ගනිස්ථාන යුද්ධ පිළිබඳ තොරතුරු හෙළි කළ විකිලීක්ස් …

Continue Reading

ඉන්දීය විදේශ ඇමති ජනපති හමු වෙයි

ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවන්හි නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සිදුකෙරුණු සංවර්ධන ව්‍යාපෘති 03 ක් ජනතා අයිතියට පවරා දෙයි. දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර නිල හමුව අද (20) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී සිදු විය. ඉන්දියාවේ නව රජය පත්වීමෙන් පසුව එරට රාජ්‍ය තාන්ත්‍රිකයෙකු මෙරට සිදුකරන පළමු සංචාරය සනිටුහන් කරමින් …

Continue Reading

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා 2024 ජුනි 20 වැනි දින ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වේ. මෙම සංචාරයේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් බැහැදැකීමට නියමිතය. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රමුඛ දූත පිරිස විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා සමඟ නිල ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතව  තිබේ. විදේශ කටයුතු අමාත්‍ය ජයශංකර් මහතා සමඟ ඉන්දීය විදේශ කටයුතු …

Continue Reading