වසර දෙකකට පසු ‘ප්‍රථම වරට එකිනෙකාගේ මුහුණ දුටු’ නිවුන් දැරියන් දෙදෙනා

හිසෙන් එකිනෙකා බද්ධ වී සිටි දෙහැවිරිදි නිවුන් දැරියන් දෙදෙනකු සාර්ථක සැත්කමකින් වෙන් කිරීමට ඊශ්‍රායල් වෛද්‍යවරුන් කණ්ඩායමක් සමත් වී තිබෙනවා. පසුගිය සතියේ ඊශ්‍රායලයේ බියර්ෂෙබා නගරයේ පිහිටි සොරෝකා වෛද්‍ය මධ්‍යස්ථානයේ පැය 12ක සැත්කම සඳහා මාස ගණනක සූදානම් වූ අතර දැරියන්ට හිස කෙස් බද්ධ කිරීම ද සැත්කමට ඇතුළත් විය. ඊශ්‍රායලයේ සහ විදේශයන්හි විශේෂඥයින් විශාල පිරිසක් මෙම දුර්ලභ සැත්කම සදහා සහභාගී වූහ. නම් සඳහන් …

Continue Reading

ඇෆ්ගන් අන්තවාදීන් වැඩ අරඹයි – කාබුල් කාන්තා උද්ඝෝෂණයට ප්‍රහාරයක්

  ‍ඇෆ්ගනිස්ථාන කාන්තා ක්‍රියාකාරීන් කණ්ඩායම පවසන්නේ ජනාධිපති මන්දිරය දක්වා පයින් යාමට උත්සාහ කිරීමේදී තලේබාන් සංවිධානය තමන්ට කඳුළු ගෑස් සහ ගම්මිරිස් ප්‍රහාර එල්ල කළ බවයි. නමුත් තලේබාන් සංවිධානයට එම විරෝධතාව පාලනය කරගත නොහැකි ලෙස කාන්තාවන් එය පවත්වාගෙන ගිය බව ඇෆ්ගන් ටොලෝ නිව්ස් පවසයි. මෙම විරෝධතාව කාබුල් සහ හේරත්හි කාන්තාවන් විසින් පැවැත්වූ විරෝධතා කිහිපයක නවතම අවස්ථාවයි. කාන්තාවන් ඉල්ලා සිටියේ වැඩ කිරීමේ අයිතිය …

Continue Reading

ඇෆ්ගන් අර්බුදය ගැන චීනයේ නව ස්ථාවරය

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් (Wang Wenbin) ඇෆ්ගනිස්ථානයේ වත්මන් තත්වය පිළිබඳව බ්‍රික්ස් සමුළුවේ දී බොහෝ දුරට  ඉස්මතු කිරීමට ඉඩ ඇති බව ඊයේ (03) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළ බැව් India News Network වාර්තා කරයි.  චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින්(Wang Wenbin) තලේබාන් පාලනය හමුවේ ඇෆ්ගනිස්ථානයේ දිගින් දිගටම සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නිසා ව්‍යාකූල සහගත අවිනිශ්චිතතාවයකට මුහුණ …

Continue Reading

ඉන්දියාව කොවිඩ් වසංගතය පාලනය කරගනී

ගතවූ පැය 24 තුළ ඉන්දියාවේ කොවිඩ්-19 ආසාදිතයින් 42,909 ක් වාර්තා වී තිබේ. මේ වන විටත් අඛණ්ඩව දින 64 ක් තුළ පෙර පැවති නව ආසාදන 50,000ට වඩා අඩු ගණනක් වාර්තාවීමේ ප්‍රවණතාවක් ඇති බව සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍යංශය ඊයේ පැවසීය. මේ අතර, ගතවූ පැය 24 තුළදී එන්නත් මාත්‍රා 31,14,696ක් ලබාදීමත් සමඟ ඉන්දියාවේ කොවිඩ්-19 එන්නත් ආවරණය සඳුදා දිනයේදී මිලියන 63.43 ක් ලෙස …

Continue Reading

ඇෆ්ගනිස්ථානයේ තලේබාන් ආණ්ඩුව පිළිගන්නේද නැද්ද ? – ඉන්දීය රජයේ ස්ථාවරය

කාබුල්හි නව රජයක් පිහිටුවන කිසිදු පාර්ශ්වයක් පිළිබඳව මේ වන විට පැහැදිලි බවක් නොමැති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්දම් බග්චි ඊයේ (27) පැවැති සතිපතා මාධ්‍ය හමුවකදී පැවසීය. ඇෆ්ගනිස්ථානයේ තලේබාන් නායකත්වයෙන් යුත් රජයක් ඉන්දියාව පිළිගන්නේද නැද්ද යන ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ “ඇෆ්ගනිස්ථානු භූමියේ තත්ත්වය අවිනිශ්චිතයි. මූලික වශයෙන් සැලකිලිමත් විය යුත්තේ මිනිසුන්ගේ ආරක්‍ෂාව ගැනයි. දැනට, කාබුල්හි රජයක් පිහිටුවන කිසිදු පාර්ශ්වයක් ගැන …

Continue Reading

ඉන්දියාවේ අවුරුදු 18ට වැඩි 50%කට කොවිඩ් එන්නත ලබා දී අවසන්

ඉන්දියාවේ පුද්ගලයින් 47,19,00,520 ක් කොවිඩ් -19 එන්නතෙහි පළමු මාත්‍රාව ලබාගෙන ඇත ඉන්දියාවේ සුදුසුකම් ලත් ජනගහනයෙන් 50%ක් කොවිඩ් -19 එන්නතෙහි පළමු මාත්‍රාව ලබා ගත් බව මධ්‍යම රජයේ සෞඛ්‍ය ඇමති මන්සුක් මාන්දවියා (Mansukh Mandaviya) ඊයේ (26) සවස ට්විටර් පණිවිඩයක් මඟින් ප්‍රකාශ කළේය. එය “පෙර නොවූ විරූ සන්ධිස්ථානයක්” ලෙස ඇමතිවරයා විස්තර කළේය. “ඉන්දියාව පෙර නොවූ විරූ සන්ධිස්ථානයක් අත්කර ගනී! සුදුසුකම් ලත් ජනගහනයෙන් 50 …

Continue Reading

‘ඉන්දු – ඇමෙරිකා පුනර්ජනනීය බලශක්ති සහයෝගීතාව‘ පුළුල් කිරීමට කේරී ඉන්දියාවට

පුනර්ජනනීය බලශක්තිය සඳහා එක්සත් ජනපදය සමඟ වැඩ කිරීමට කැපවී සිටින බව ඉන්දියාව පැවසීය ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර පුනර්ජනනීය බලශක්ති (clean energy) ක්ෂේත්‍රයේ හවුල්කාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා එක්සත් ජනපද දේශගුණ විපර්යාස සඳහා වූ විශේෂ ජනාධිපති නියෝජිත ජෝන් කෙරී ලබන මාසයේ ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතය. ලබන නොවැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සාකච්ඡා (UN Climate Change negotiations – COP 26)  …

Continue Reading

ඩොලර් බිලියන 46ක ‘ආසියාන් ඉංජිනේරු වෙළෙදපොළ‘ ජය ගන්න ඉන්දියාවෙන් සැලසුම්

ඉන්දියානු ඉංජිනේරු නිෂ්පාදන අපනයනය කරන තුන්වන විශාලතම ගමනාන්තය ආසියාන් රටවල් වේ මධ්‍යම වාණිජ හා කර්මාන්ත රාජ්‍ය ඇමති අනුප්‍රියා පටෙල් 2021-22 දී ඩොලර් බිලියන 46ක අපනයන ඉලක්කයක් ඇති ආසියාන් රටවල් ඉන්දියාවට වැදගත් අපනයන කලාපයක් වනු ඇතැයි ඉන්දීය මධ්‍යම රජයේ වාණිජ හා කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය අනුප්‍රියා පටෙල් (Union Minister of State for Commerce & Industry Anupriya Patel) පැවසුවාය. මෙය 2021-22 මූල්‍ය වර්ෂය …

Continue Reading

ඇෆ්ගන් මානුෂික අර්බුදය ගැන ඉන්දිය අගමැති සහ රුසියන් ජනපති අතර හදිසි දුරකථන සාකච්ඡාවක්

තලේබාන් පාලනය යටතේ ඇෆ්ගනිස්ථානය දැඩි මානුෂීය අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක දුරකථන සංවාදය සිදු විය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර ඇෆ්ගනිස්ථානයේ වර්ධනය වෙමින් පවතින තත්වය පිළිබඳව දීර්ඝ දුරකථන සාකච්ඡාවක් ඊයේ (24) සිදු වූ බව indianewsntwork.com වෙබ් අඩවිය වාර්තා කරයි. මෙම වර්ධනය පිළිබඳව දැනුවත් කරමින් අගමැති මෝදි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මෙසේ පැවසීය: “ඇෆ්ගනිස්ථානයේ මෑත කාලීන …

Continue Reading

කොවිඩ් වසංගතයෙන් බැටකන ඉන්දියාවේ කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනයේ 44%ක වර්ධනයක්

කොවිඩ් -19 සීමා කිරීම් තිබියදීත් 2021-22 පළමු කාර්තුවේදී කෘෂිකාර්මික හා සැකසූ ආහාර නිෂ්පාදන අපනයනයෙන් 44.3%ක වර්ධනයක් ඉන්දියාව විසින් අත්පත් කරගෙන ඇත. ඉන්දීය මධ්‍යම වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසන පරිදි, 2020-21 මූල්‍ය වර්ෂය තුළදී සිදු වූ අපනයනවල අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින් වත්මන් මූල්‍ය වර්ෂයේ මුල් මාස තුන තුළ කෘෂිකාර්මික හා සැකසූ ආහාර නිෂ්පාදන අපනයනවල විශාල වර්ධනයක් පෙන්නුම් කරයි. ලෝක වෙළඳ සංවිධානයේ වෙළඳ …

Continue Reading