ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරුන් තිදෙනෙක් සහ මහකොමසාරිස්වරුන් දෙදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙති
ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත්ව පැමිණි තානාපතිවරුන් තිදෙනෙක් සහ මහකොමසාරිස්වරුන් දෙදෙනෙක් අද (21) කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර භාරදුන්හ. අද අක්තපත්‍ර භාරදුන් රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ. 1. ඩයනා මෙකැවෙසියන් මහත්මිය (Diana Mickeviciene) – තානාපති – ලිතුවේනියා ජනරජය 2. ට්‍රින් තී ටැම් මහත්මිය (Trinh Thi Tam) – තානාපති – වියට්නාම් සමාජවාදී ජනරජය …
Continue Reading
2024 පළමු මාස 06 තුළ අමෙරිකානු ඩොලර් බිලියන 09ක අපනයන ආදායමක්
මෙම වසරේ ගතවුණු මාස හය තුළ අමෙරිකානු ඩොලර් බිලියන නවයක ( 09) අපනයන ආදායමක් ලබා ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය. එසේම පසුගිය මාස හයක කාලයක තුළ ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් මිලියන 800ක පමණ ආයෝජන සඳහා ගිවිසුම් ගත වී ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මේ බව සඳහන් කර …
Continue Reading
වඳුරු උණ වසංගතය සඳහා ශ්‍රී ලංකාව සූදානම් ද ?
ශ්‍රී ලංකාව වඳුරු උණ වසංගතය සඳහා වඩා හොඳින් සූදානම්ව සිටින බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ජනතාවට පීඩාවක් ඇති නොවන පරිදි අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි. “සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත සූදානම පෙර වසරවලට වඩා දැන් හොඳ මට්ටමක පවතිනවා. ජනතාව පීඩාවට පත් නොවන බව සහතික …
Continue Reading
සජිත් ගැන සැර ප්‍රකාශයක් කරමින් තලතා ගත් තීන්දුව
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව අද (21) නිවේදනය කළාය. පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය මේ බව කියා සිටියාය. සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් ඇය කියා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය පිහිටුවීමට ගත් තීරණයට තමන් විරුද්ධ බවයි. සජිත් ප්‍රේමදාස දේශපාලන සියදිවි නසාගෙන ඇතැයි ඇය කීවාය. එක්සත් ජාතික පක්ෂයේ (එජාප) …
Continue Reading
දරුවන් සිටින දෙමාපියන්ට වැදගත් සෞඛ්‍ය අවවාදයක්
මෙම දිනවල පවතින වර්ෂාපතනයක් සමග රාත්‍රී කාලයේ හා උදෑසන පවත්නා සීතල හේතුවෙන් ළමා හතිය ඉහළ ගොස් ඇතැයිද මේ පිළිබඳ සැලකිලිමත් වී දරුවන් ළමා හතිය වැළඳීමෙන් ආරක්ෂා කරගන්නා ලෙසද කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මේ බව පැවසුවේ ඊයේ (20) රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමිනි. ළමයින් අතර …
Continue Reading
ශ්‍රී ලංකාව පිරිසිදු සහ තිරසර බලශක්ති උත්පාදනයක් කරා යන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි
කෙරවලපිටිය “සොබාධනවි” ඒකාබද්ධ චක්‍රීය බලාගාරය සඳහා ද්‍රවීකෘත ස්වභාවික වායු (Liquefied Natural Gas – LNG) ගබඩා කිරීම වෙනුවෙන් යටිතල පහසුකම් සංවර්ධනය, LNG ප්‍රතිවායුකරණ කිරීම සහ සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ එල්ටීඑල් හොල්ඩිංග්ස් සමාගම (LTL Holdings Limited, Sri Lanka) සහ ඉන්දියාවේ පෙට්‍රොනෙට් එල්එන්ජී සමාගම (Petronet LNG Limited,India) අතර අවබෝධතා ගිවිසුමකට (MOU) අත්සන් තැබීම ඊයේ (20) පස්වරුවේ කොළඹ ගලධාරි හෝටලයේදී සිදු කෙරිණ. ශ්‍රී ලංකාවේ …
Continue Reading
මැකො සභාපතිගෙන් ඉල්ලීම් සහ රහස් රැසක්
-
Editor
-
August 20, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකාව අඟල් 27ක් දිගැති බවත් ඡන්ද පත්‍රිකා තවමත් මුද්‍රණය වෙමින් පවතින බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසයි. රත්නායක මහතා පැවසුවේ, 2024 ජනාධිපතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකාව මේ වන විට රජයේ මුද්‍රණාලයේදී විශේෂ ආරක්ෂාවක් යටතේ මුද්‍රණය කරන බවයි. ජනාධිපතිවරණයට අදාළ ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබන මස මුල සිට තැපෑලෙන් බෙදා හැරීමට කටයුතු කරන බව කී සභාපතිවරයා දේශපාලන …
Continue Reading
කෙහෙළියට රුපියල් මිලියන 300ක වන්දි නඩුවක්
රජයේ රෝහලක ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම්වලින් පසු භාවිත කරන ‘Prednisolone Acetatean’ අක්ෂි බිංදු භාවිතය හේතුවෙන් සදාකාලික පෙනීම අහිමි වූ රෝගීන් තිදෙනෙකු හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු දස දෙනෙකුගෙන් රුපියල් මිලියන 300ක වන්දියක් ඉල්ලා කොළඹ දිසා අධිකරණය හමුවේ අද (20) නඩු පවරා ඇත. කෙහෙළිය රඹුක්වැල්ල, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ජානක චන්ද්‍රගුප්ත, මහාචාර්ය එස්.ඩී. ජයරත්න, වෛද්‍ය විජිත් ගුණසේකර, වෛද්‍ය …
Continue Reading
95 වැනි වියේදී විවාහා වූ අපූරු පෙම් යුවළ
-
Editor
-
August 20, 2024
-
පුවත් සහ වාර්තා, විදේශීය
-
0 Comments
95 හැවිරිදි කෙන්යානු ජාතිකයෙක් සිය 90 හැවිරිදි දිගුකාලීන පෙම්වතිය සමඟ පසුගිය ඉරිදා (18) විවාහ වූ බව කෙන්යානු මාධ්‍ය ඊයේ (19) වාර්තා කළේය. එම වාර්තාවට අනුව මෙම විවාහය සිදුව ඇත්තේ එම යුවළ පළමු වරට මුණගැසුණු දා සිට දශක හයකට පසුවය. මනාලයා ඉබ්‍රාහිම් එම්බෝගෝ ලෙසත්, මනාලිය තබිතා වැන්ගුයි ලෙසත් කෙන්යානු මාධ්‍ය වාර්තාවල දැක්වේ. “අපි 1960 දී මුණගැසී ආදරයෙන් බැඳුණා” කෙන්යාවේ නයිරෝබි අගනුවරට …
Continue Reading
රාජ්‍ය සේවක දැවැන්ත වැටුප් වැඩිවීමට එරෙහි ප්‍රචාරණයන්ට රජය පිළිතුරු දෙයි
-
Editor
-
August 20, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
“සියලුම රාජ්‍ය සේවකයන්ට රුපියල් 25000ක දීමනාවක් වසර තුනක් පුරා. පහළම සේවකයන්ටත් අවම වශයෙන් මසකට රුපියල් 55000ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක්.” රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පසුගිය 18 වැනිදා පැවතී විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා රාජ්‍ය සේවක දැවැන්ත වැටුප් වැඩිවීමට එරෙහි ප්‍රචාරණයන් පිළිබඳ මෙලෙස අදහස් දැක්වීය. “කැබිනට් අනුමැතිය ලැබූ රාජ්‍ය සේවක වැටුප් වර්තක …
Continue Reading