ලොකු ලූණු සඳහා වන රජයේ අවම සහතික මිල ඉහළ නැංවේ

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, මුදල් අමාත්‍යවරයා ලෙස කළ නියෝගයකට අනුව, ලොකු ලූණු ගොවීන්ට සාධාරණ මිලක් ලබා දීමේ අපේක්ෂාවෙන් ලොකු ලූණු සඳහා වන රජයේ අවම සහතික මිල ඉහළ නැංවේ. ලොකු ලූණු කිලෝ ග්‍රෑම් එකක්  සඳහා රුපියල් 60ක් පැවැති රජයේ අවම සහතික මිල ඒ අනුව රුපියල් 80 දක්වා ඉහළ නංවා ඇත. ලොකු ලූණු මිල පහත වැටීම හේතුවෙන් පසුගිය කාලයේ දී ගොවීන්ට සාධාරණ …

Continue Reading

හැඳල ලාදුරු රෝහල ප්‍රථම නිරෝධායන මධ්‍යස්ථානය බවට පත් කෙරේ

කොරෝනා වෛරසය පිළිබදව ජාතික ක්‍රියාකාරී ආරක්ෂක කමිටුව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී රැස්විය. එහිදී ගනු ලැබූ තිරණයකට අනුව කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරෙන  ඉරානය, දකුණු කොරියාව සහ ඉතාලියේ සිට මෙරටට පැමිණෙන සියළු මගීන් දින 14 ක් නිරෝධානයකට ලක් කිරීමට තීරණය කෙරුණි. ඒ අනුව හැඳල ලාදුරු රෝහල ඒ සදහා යොදා …

Continue Reading

2021 ලෝක විවාහක රූ රැජින තරගාවලිය ලංකාවේදී

ලෝක විවාහක රූ රැජින 2021 තරගාවලිය’ ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන බව 2019 වසරේ ලෝක විවාහක රූ රැජින වූ කැරෝලයින් පූරි විසින් කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී අද (03) නිවේදනය කළාය. ඉකුත් වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් හි පැවැති ලෝක විවාහක රූ රැජින 2020 තරගාවලියේදී කිරුළු පැළැඳීමට කැරෝලයින් පූරි සමත් වූවාය. ‘ලෝක විවාහක රූ රැජින 2021 තරගාවලිය’ ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන බව නිවේදනය …

Continue Reading

බැදුම්කර වංචාවට සැක 11ක් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිගෙන් නියෝග

මහ බැංකු බැදුම්කර වංචාවට සැකපිට හිටපු ඇමැති රවී කරුනානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද‍්‍රන් ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා වැඩබලන පොලිස්පති සීගඩීගවික්‍රමරත්න මහතාට අ නියෝග කර තිබෙනවා. 2016.03.29 වැනිදා සහ 2016.03.31 වැනිදා පැවැත්වුණු බැඳුම්කර වෙන්දේසිවල සිදු කරන ලද අපරාධමය වැරදිවලට අදාළ චෝදනා සම්බන්ධයෙන් නම් කර ඇති සැකකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් කරුණු (සාධාරණ සැකයක්) ඉදිරිපත් වී …

Continue Reading

ආනයනික මසුන් සඳහා බදු ඉහළට

දේශීය ධීවරයන් ආරක්ෂා කිරීමේ සහ ධීවර කර්මාන්තය නඟාසිටුවීමේ පියවරක් ලෙස ආනයනික මසුන් මත අය කෙරෙන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට අග්‍රාමාත්‍ය, මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර තිබේ. ධීවරයන්ගේ ඉල්ලීම්වලට කන්දෙමින් ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් මුදල් අමාත්‍යවරයා මෙම පියවර ගෙන ඇත. ඒ අනුව බදු සහන මත ආනයනික මසුන් …

Continue Reading

යල කන්නයට අවශ්‍ය පොහොර කඩිනමින් සපයන ලෙස ජනපති නියෝග

හිඟයකට ඉඩ නොතබා ලබන යළ කන්නයට අවශ්‍ය පොහොර ගොවීන්ට කඩිනමින් සපයන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට නියෝග කරයි. ඉදිරි දින කිහිපය තුළ පොහොර තොග දිවයිනට ළඟාවීමට නියමිතව තිබේ. ප්‍රමාදයකින් තොරව පොහොර බෙදා හැරීමට විධි විධාන සලසන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා ගොවීන් කිසිදු විටක අපහසුතාවට පත් නොකරන්නැයි අවධාරණය කළේය. පොහොර ගෙන්වීම සහ බෙදාහැරීම පිළිබඳ වත්මන් තත්ත්වය සමාලෝචනය කරනු පිණිස අද (03) …

Continue Reading

මත්තලින් පිටරට යන සංක්‍රමණික සේවකයන්ට වට්ටම්

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන සංක්‍රමණික සේවකයන්ට වට්ටම් ලබා දීම සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග සාකච්ඡා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි. මත්තල ගුවන් තොටුපළට ජාත්‍යන්තර ගුවන් සේවා ආකර්ෂණය කිරීමේ පියවරක් ලෙස මෙම වට්ටම් ලබා දීමට අපේක්ෂිතයි. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සංඛ්‍යා ලේඛන වලට අනුව …

Continue Reading

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කොමිසමේ දෙවන අතුරු වාර්තාව ජනපතිට

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසන් සභාවේ දෙවන අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද (02) ජනාධිපති කාර්යාලයේ දී භාර දෙනු ලැබීය. පළමු අතුරු වාර්තාව දෙසැම්බර් 20වනදා ජනාධිපති වෙත පිළිගැන්විණ. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව විමර්ශනය කර වාර්තා කිරීම සහ අවශ්‍ය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම පිණිස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් 2019 සැප්තැම්බර් 22 වනදා කමිටුව පත් …

Continue Reading

පිටකොටුවේ තොග වෙළඳපොළේ ලොකු ලුණු හිඟයක්

මාර්තු මස වන විට මෙරට ලොකු ලූනු මිල ගණන් පහළ වැටෙනු ඇතැයි විශ්වාස කළ ද මේ වන විට පිටකොටුවේ තොග වෙළඳපොළේ විශාල වශයෙන් ලොකු ලූනූ හිඟයක් පවතින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ තොග වෙළඳ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක හේමක ප්‍රනාන්දු මහතා පැවසුවා. ඔහු සදහන් කළේ ඉන්දියාව ලොකු ලූනු අපනයනට එරෙහිව පනවා ඇති තහනම මේ මස මුලදී ඉවත් කරනු ඇතැයි යන …

Continue Reading

ඉන්දු – පාකිස්ථාන අපනයන සීමා හේතුවෙන් ‘ලොකු ලුණු හිගය උග‍්‍ර අතට’

මාර්තු මස වන විට මෙරට ලොකු ලූනු මිල ගණන් පහළ වැටෙනු ඇතැයි විශ්වාස කළ ද මේ වන විට පිටකොටුවේ තොග වෙළඳපොළේ විශාල වශයෙන් ලොකු ලූනූ හිඟයක් පවතින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ තොග වෙළඳ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක හේමක ප්‍රනාන්දු මහතා පැවසුවා. ඔහු සදහන් කළේ ඉන්දියාව ලොකු ලූනු අපනයනට එරෙහිව පනවා ඇති තහනම මේ මස මුලදී ඉවත් කරනු ඇතැයි යන …

Continue Reading