උපාධිධාරී පත්වීම් ලිපි ලැබීමේ ප්‍රමාදයක් ඇත්නම් අනියත බියක් ඇති කර නොගන්නැයි රජය ඉල්ලයි
රැකියා විරහිත උපාධිධාරීන් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූ සියලුදෙනාට පත්වීම් ලිපි මේ වන විට තැපැල් මගින් යොමුකර තිබේ. සුදුසුකම් ලැබූ සියලුදෙනාගේ නාම ලේඛනය මාර්තු 11 වැනි දින රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට ඇතුළත් කෙරේ. ලිපි ලැබීමේ ප්‍රමාදයක් ඇත්නම් අනියත බියක් ඇති කර නොගන්නැයි රජය ඉල්ලා සිටී. පත්වීම ලැබී දින 03ක් …
Continue Reading
රජයේ වියදම් සඳහා ජනපති අවසරය ලැබේ
අද (මාර්තු 06) සිට ඉදිරි මාස 03 සඳහා මැතිවරණ වියදම් ඇතුළුව රජයේ වියදම් පියවා ගැනීමට භාණ්ඩාගාර ලේකම්වරයාට බලය පවරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අධිකාරි බලපත්‍රය නිකුත් කළේය. ඒ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරවය. රජය විසින් ගෙවීමට ඇති හිඟ බිල්පත් හා අනිකුත් ප්‍රමුඛතාවන්ට වියදම් කිරීමට ඒ අනුව අමාත්‍යාංශවලට හැකියාව ලැබේ.
Continue Reading
කොරෝනා තර්ජනයට මුහුණදීමට පුළුල් වැඩපිළිවෙළක්
කොරෝනා හෙවත් කොවිඩ් -19 වෛරසය ශ්‍රී ලංකාවේ ව්‍යාප්තවීමේ අවධානමක් ඇති වුවහොත් ඊට සාර්ථකව මුහුණදීම සඳහා රජය විධිවිධාන සකසමින් සිටී. ඉහළ අවදානමක් සහිත රටවලින් දිවයිනට එන මගීන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල විසින් පරීක්ෂා කිරීම සහ රටේ විවිධ ප්‍රදේශවල නිරෝධායන ස්ථාන පිහිටුවා පවත්වාගෙන යාම ඊට අයත්ය. ශ්‍රී ලංකාව තුළ වෛරසය ව්‍යාප්තවීම නතර කිරීමට සියලු නිවාරණ ක්‍රියාමාර්ග ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ලේකම් …
Continue Reading
රැකියා ලක්ෂයට අනුමැතිය දෙන්නැයි මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කෙරේ
අප රටේ දිළිඳුතම පවුල් ලක්ෂයක් දිළිඳු බවින් මුදා ගැනීම අරමුණු කරගත් වැඩසටහන මාස 03කට පමණ පෙර ආරම්භ වූවක් බැවින් එය අඛණ්ඩව කරගෙන යාමට අනුමැතිය දෙන්නැයි ව්‍යාපෘතිය භාර බහුකාර්ය සංවර්ධන බලකාය මැතිවරණ කොමිසන් සභාවෙන් ඉල්ලා සිටී. ව්‍යාපෘතියේ ආරම්භය අරමුණු සහ ක්‍රියාකාරිත්වය පැහැදිළි කරමින් මැතිවරණ කොමිසම වෙත අද (06) ලිපියක් යැවූ බහුකාර්ය සංවර්ධන කාර්යය සාධක බලකායේ අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් නන්ද …
Continue Reading
කොරෝනා වෛරසය රටට ඇතුළුවීම වැළැක්වීමට විද්‍යානුකූල ක්‍රමවේදයක්
කොරෝනා වෛරසය රට තුළට පැමිණීම නතර කිරීමට නිසි විද්‍යානුකූල ක්‍රමවේදයක් අනුගමනය කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කොරෝනා මර්දන කාර්ය සාධක බලකායෙන් ඉල්ලා සිටී. රජය හා සෞඛ්‍ය ක්ෂේත්රයේ විශේෂඥයන් මුල සිට ගත් ක්‍රියාමාර්ග නිසා කලාපයේ කොරෝනා වෛරසයට සාර්ථකව මුහුණ දුන් රටක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි ජනාධිපතිතුමා පවසයි. ඉදිරියටත් එම තත්ත්වය පවත්වා ගැනීමට ගතයුතු පූර්ව ක්‍රියාමාර්ග සොයා බැලීමට අද (06) දහවල් …
Continue Reading
Covid 19 ආසාධිත රටවල් වලින් පැමිණෙන සිසුන් නිරෝධායනයට
චීනය කොරියාව, ඉතාලිය ඇතුළු කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සම්බන්ධ ව වාර්තාවන රටවල්වල සිට මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණෙන සිසුන්, ගුරුවරුන් සහ අධ්‍යාපන ක්ෂේත්රය තුළ කටයුතු කරන අනෙකුත් සියලු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල නියෝජිතයන් සති දෙකක (දින 14ක) නිරෝධායන කාල සීමාවකට යටත් විය යුතු බවට අදාළ පාර්ශව දැනුවත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් හා අධ්‍යාපන ආයතන ප්‍රධානීන් වෙත උපදෙස් …
Continue Reading
කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක්
-
RSL
-
March 6, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් 2020 මාර්තු මස 06 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි. අද සහ හෙට දිනවලදී (6 සහ 7) විශේෂයෙන් මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වල කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක් බලාපොරොත්තු වේ. මධ්‍යම, සබරගමුව, ඌව, වයඹ සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැක. සබරගමුව පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 පමණ තරමක තද වැසිද ඇතිවිය හැක. බස්නාහිර සහ සබරගමුව …
Continue Reading
උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්
කාලගුණ තත්ත්වයක් පිළිබඳව අවවාදාත්මක නිවේදයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින (5) නිකුත් කළා. අද පස්වරුවේ නිකුත් කළ මෙම නිවේදනය හෙට (6) දිනය සඳහා අදාළ වන පරිදි නිකුත් කර තිබේ. ඒ අනුව වයඹ, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලටත් මන්නාරම හා මොණරාගල දිස්ත්‍රික්කවලටත් අදාළ වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන උණුසුම …
Continue Reading
විධිමත් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් වහා සම්පාදනයට ජනපති අවධානය
කාලීන වෙනස්වීම්වලට ගැළපෙන විධිමත් අධ්‍යාපනයක් සඳහා ජාතික ප්‍රතිපත්තියක් වහා සකස් කළයුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. එය ජනාධිපතිවරයා හෝ අධ්‍යාපන ඇමතිවරයා හෝ පවතින රජය හෝ මාරුවන විට වෙනස් නොවන දැයේ අනාගත පරපුර වෙනුවෙන් වූ ක්‍රමයක් විය යුතු බව ද එතුමා කියා සිටී. අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරි සැලැසුම් පිළිබඳව අද (05) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව …
Continue Reading
රට ගැන සිතා මගේ වැඩපිළිවෙළට සහය වන්න – ජනපති මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඉල්ලයි
තමා ගෙනයන වැඩපිළිවෙළට රට ගැන සිතා සහය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී. එම වැඩපිළිවෙළ රටේ අනාගතය වෙනුවෙන්ම බව එතුමා සඳහන් කළේය. මැතිවරණ ව්‍යාපාරයේ දී ප්‍රධාන ප්‍රතිවාදියාගේ නම කිසිදු විටක සඳහන් නොකළ තමා විරුද්ධ මතවාද විවේචනය නොකළ බව පැවසීය. එය ඇතැම් විට ගිනස් වාර්තාවක් විය හැකි බව ද එතුමා කීය. තමාට වැදගත් වන්නේ පුද්ගලයා නොව ප්‍රතිපත්ති බව …
Continue Reading