ළමුන් අතර උණ, වෛරස් ආසාදන, ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්

ළමුන් අතර උණ, වෛරස් ආසාදන සහ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා රෝහලේ උපදේශක ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය. වෛද්‍ය පෙරේරා පැහැදිළි කළේ කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, ඇඟපත කැක්කුම සහ ඉඳහිට වමනය ඇතුළු වෛරස් උණ රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් පීඩාවට පත් ළමුන් තුළ දක්නට ලැබෙන බවයි. විශේෂයෙන් උණ දින තුනකට වඩා වැඩි කාලයක් පවතින්නේ නම්, තම දරුවන්ගේ රෝග …

Continue Reading

තුන්වන වාර පාසල් නිවාඩුව ලබන සිකුරාදා සිට ජනවාරී 02 දක්වා

2024 තෙවන පාසල් වාරයේ පළමු අදියරේ පළමු නිවාඩුව නොවැම්බර් 22 සිකුරාදා ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. මෙදින සිට අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ආරම්භ වීම හේතුවෙන්  මෙම තීරණය ගත් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ. ඒ අනුව තුන්වන පාසල් වාරයේ තුන්වන අදියර ආරම්භ වන්නේ 2025 ජනවාරි 02 වැනිදාය.

Continue Reading

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවයි

සැප්තැම්බර් 15 වැනි දින පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) අතුරු නියෝගයක් නිකුත් කළේය. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අවලංගු කරන ලෙස ඉල්ලා සිසුන් කිහිප දෙනෙකු සිය දෙමාපියන් සමඟ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය කළේය.

Continue Reading

ශ්‍රී ලංකාව වේලාසනම එක්දින තරගාවලිය ජය ගනියි

යළිත් වතාවක් කුසල් මෙන්ඩිස් ලකුණු අතරට පැමිණීමට සමත්වීම නිසා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඊයේ (17 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවිය. මෙම තරග ජයත් සමඟ තරග 3 කින් සමන්විත තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවිය. මෙය මෙම වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලද පස්වැනි එක්දින …

Continue Reading

Miss Universe 2024: පළමුවරට ඩෙන්මාර්කයේ තරුණියකට විශ්ව රූ රැජන කිරුළ

වසර 73ක දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන විශ්ව රූ රැජන තරගයේ පළමු වරට කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්කයේ තරුණියක් සමත්වූ වූවාය. ඩෙන්මාර්කය නියෝජනය කරමින් මෙවර තරගයට එක්වූ 21 හැවිරිදි නර්තන ශිල්පිනියක වන වික්ටෝරියා කේජයිර් Victoria Kjær මේ ඓතිහාසික වාර්තාවට හිමිකම් කීමට සමත්වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. පසුගියදා මෙක්සිකෝවේ පැවති විශ්ව රූ රැජන තරගයට රටවල් 120කට අධික සංඛ්‍යාවකින් තරගකාරිනියන් ඉදිරිපත් වූ …

Continue Reading

උසස් පෙළ ටියුෂන් හෙට මධ්‍යම රාත්‍රියෙන් පසුව බෑ – විභාග දෙපාර්තමේන්තුව

අපොස උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති වැඩමුළු සහ සම්මන්ත්‍රණ හෙට (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි. එසේ නොකරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි. මෙවර උසස් පෙළ විභාගය ලබන 25 වැනි දා ආරම්භ කෙරෙන අතර එය දෙසැම්බර් 20 වැනිදා දක්වා පැවැත්වේ. විභාගය සඳහා සිසුන් 3,33185ක් ලියාපදිංචි වී …

Continue Reading

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි – අමාත්‍යධුර 21යි

ජාතික ජන බලවේග රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ජනාධ්පති අනුර කුමාර දිසානායක ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (18) දින පෙරවරුවේදී සිදුවිය.  ජනාධිපතිවරයා මීට පෙර ද ප්‍රකාශ කර තිබූ ආකාරයට කැබිනට් මණ්ඩලය අමාත්‍යධුර 22කට සීමාකර තිබූ අතර ජනාධිපති අනුර දිසානායක මහතා  ආරක්ෂක, මුදල් සැලසුම් හා ආර්ථික සංවර්ධන, ඩිජිටල් ආර්ථික අමාත්‍ය තමා යටතේ තබා ගෙන ඇත. නව රජයේ අගමැතිනිය ලෙස හරිනි අමරසූරිය …

Continue Reading

කෘෂිකර්මාන්තය සහ ඒ ආශ්‍රිත රැකියා අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට කොරියානු සහාය

කෘෂිකර්මාන්තය සහ ඒ ආශ්‍රිත රැකියා අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට කොරියානු සුළු පරිමාණ ව්‍යවසායක සංගමය ඉදිරිපත්ව සිටියි. එමෙන්ම ධීවර කර්මාන්තයට අවශ්‍ය තාක්ෂණික සහාය සහ පුහුණුව සඳහා පහසුකම් සැලසීමට ද කොරියානු සුළු පරිමාණ ව්‍යවසායක සංගමය එකඟතාව පළ කර තිබේ. කොරියානු සුළු පරිමාණ ව්‍යවසායක සංගමයේ නියෝජිත කණ්ඩායමක් හා ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් අතර ජනාධිපති කාර්යාලයේදී අද (13) පැවති සාකච්ඡාවේදී මෙම කරුණු …

Continue Reading

රජයේ සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියට ප්‍රවේශයක්

විදේශගත ශ්‍රී ලාංකිකයන්ට උපත්, විවාහ හා මරණ සහතික පිටපත් අදාළ තානාපති කාර්යාල වලින් නියමු ව්‍යාපෘතිය කුවේට්, ජපාන, කටාර් තානාපති කාර්යාල, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්, කැනඩාවේ ටොරොන්ටෝ, ඉතාලියේ මිලාන්, ඩුබායි කොන්සල් ජනරාල් කාර්යාල හරහා ක්‍රියාත්මක කෙරේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ පහසුව සඳහා විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් උප්පැන්න, විවාහ හා මරණ සහතික පිටපත් නිකුත් කිරීමට රජය සැලසුම් කර තිබේ. මෙම වැඩසටහන …

Continue Reading

දකුණු කොරියානු නළු ‘සොන්ග් ජේ ලිම්’ අභිරහස් ලෙස මරුට

දකුණු කොරියානු සුපිරි නළු සොන්ග් ජේ ලිම් ( Song Jae Lim) හදිසියේම මියගිය බව දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මිය යන විට ඔහු 39 වැනි වියේ පසු වූ බවයි අදාළ මාධ්‍ය වාර්තා පවසන්නේ. K-drama The Moon Embracing the Sun චිත්‍රපටයේ රංගනයට දායක වීමෙන් ප්‍රසිද්ධියට පත් වූ ලිම්ගේ මළ සිරුර පසුගිය අඟහරුවාදා සෝල් හි පිහිටි ඔහුගේ නිවසේ තිබියදී සොයා ගෙන …

Continue Reading