පාසල් සම්පූර්ණයෙන් ආරම්භ කරන්න මාසයක් පමණ ගත වෙනවා – අධ්‍යාපන ඇමැති

කොවිඩ්-19 වසංගත අවධානම නිසා වසා දැමූ පාසල් සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ කරන දිනයක නැවත ආරම්භ කළ ද අදියර හතරක් යටතේ සම්පූර්ණයෙන් පාසල් පටන් ගැනීමට තවත් මාසයක පමණ කාලයක් අඩුම තරමින් ගත වනු ඇතැයි අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා අද (11) මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති කොරෝනා මර්ධන පාලන රැස්වීමේ දී ප්‍රකාශ කළේය. එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ …

Continue Reading

ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම ගැන ‘පොලිස් මූලස්ථානයෙන් විශේෂ නිවේදනයක්’

හෙට (11) සිට ජන ජීවිතයට යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් රජය විසින් ගනු ලබන පියවර ක්‍රියාත්මක කිරීමේදී අනුගමනය කළ යුතු වැඩපිළිවෙළ සම්බන්ධයෙන් උපදෙස් හා මාර්ගෝපදේශ ලබා දෙමින් පොලිස් මූලස්ථානය විසින් අද (10) විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. අප පාඨකයින්ට නිවැරදි – සමබර – නිරවුල් හා විශ්වාසනීය තොරතුරු ලබා දීම වෙනුවෙන් අපි එම සම්පූර්ණ මාධ්‍ය නිවේදනයම පළ කිරීමට තීරණය කළා. එම …

Continue Reading

හිඟ ජල බිල්පත් ගෙවීම සඳහා පාරිභෝගිකයින්ට සහනයක්

හිඟ ජල බිල්පත් ගෙවීම සඳහා පාරිභෝගිකයින්ට සහනයක් ලබාදෙන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා සඳහන් කරයි. සභාපතිරයා වැඩි දුරටත් සදහන් කළේ ජල බිල්පත් දෙකක් එකවර ලැබී ඇත්නම් එක් බිල්පතක් පළමුව ගෙවා අනෙක් බිල්පත මාසයක් ඇතුළත ගෙවිය හැකි බවත් එතෙක් ජලය කපා හැරීමක් කිසි ලෙසකින් හෝ සිදු නොවන බවයි. පෙර මාසයට සාපේක්‍ෂව ඉන්පසු මාසයේ ජල බිල්පත් සැකසීමේදී …

Continue Reading

හෙට සිට සති දෙකක් පොදු ප්‍රවාහනය ‘අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි’

හෙට (11) සිට ඇඳිරි නීතිය ලිහිල් කිරීමට රජය ගෙන ඇති තීරණය සමඟ පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඊයේ (09) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් කරුණු විමසා ඇත.     ඒ අනුව රටේ පුද්ගලික හා රාජ්‍ය අංශයේ රාජකාරි කටයුතු සීමාවන් අනුව ආරම්භ කළ ද, පොදු ප්‍රවාහන කටයුතු වලදී සාමාන්‍ය ජනතාව අත්‍යාවශ්‍ය නොවන කටයුතු …

Continue Reading

රජයේ ආර්ථික කළමනාකරණ නොහැකියාවට ‘රාජ්‍ය සේවකයන්’ වගකිව යුතු නෑ – හිටපු මුදල් ඇමැති මංගල

රාජ්‍ය සේවකයින්ගේ මැයි මස වැටුප හෝ ඉන් කොටසක් හෝ රජයට පරිත්‍යාග කරන මෙන් ඉල්ලා ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පසුගිය දා කළ පෞද්ගලික ඉල්ලීම ඇතුළු වත්මන් ආර්ථිකමය කරුණු සම්බන්ධයෙන් හිටපු මුදල් ඇමැති මංගල සමරවීර මහතා විශේෂ පැහැදිලි කිරීමක් කර තිබෙනවා. ජනතාවට මේ මොහොතේ නිවැරදි, සමබර හා නිරවුල් තොරතුරු විශ්වාසනීය ආකාරයෙන් දැන ගැනීම අත්‍යවශ්‍ය හෙයින් අප එම ලිපිය සම්පූර්ණයෙන්ම පළ …

Continue Reading

Salon & Beauty Salon යළි විවෘත කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ

සේවා ස්ථානවල කොවිඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීමට පෙර සූදානම සහ ප්‍රතිචාර දැක්වීම සදහා වන මෙහෙයුම් මාර්ගෝපදේශ යටතේ බාබර් සැලූන් සහ රූපලාවන්‍යාගාර පවත්වා ගෙන යාමට අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් ඊයේ (9) නිකුත් කර තිබෙනවා. සෞඛ්‍ය සේවා අධයක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ අත්සනින් නිකුත් කළ එම නිවේදනය සහ ඇමුණුම් ඔබට නිවැරදි හා සම්පූර්ණ පුවතම දැන ගැනීමට …

Continue Reading

කාලය ඉකුත් වූ රථවාහන ‘දඩ පත්‍රිකා ගෙවීමට’ හෙට සිය මැයි 29 දක්වා සහන කාලයක්

කාලය ඉකුත් වූ රථවාහන දඩ පත්‍රිකා ගෙවීම සදහා මැයි 11 වැනිදා සිට මැයි 29 වැනිදා දක්වා තව දුරටත් අතිරේක සහන කාලයක් ලබා දෙන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතාගේ අත්සනින් ඊයේ (9) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

Continue Reading

ජුනි 20 ජන්දය එපා: පාඨලි සහ වෙල්ගම ශ්‍රේෂ්ඨාධිකරණයට

පාර්ලිමේන්තු මහ මැතිවරණය ජුනි මස 20 වනදා පැවැත්වීමට ගෙන ඇති තීරණය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය බල රහිත කිරීමේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික හෙළ උරුමයේ නායක හා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ නව ලංකා නිදහස් පක්ෂයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම යන මහත්වරුන් විසින් අද (09) දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා. …

Continue Reading

‘ජනපති ලේකම්තුමාට’ පුරවැසියකුගෙනුත් පෞද්ගලික ආයාචනයක්

හැකිනම් රාජ්‍ය සේවකයාගේ එක්දිනක වැටුප ඔහුගේ මැයි මස වැටුපට අතිරේක දීමනාවක් ලෙසට එක් කරන්නැයි මව්රට සංවිධානයේ ජාතික සංවිධායක ඉන්දික රණතුංග ඉල්ලා සිටී. ඒ සමාජ ජාලා මාධ්‍ය හරහා විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි. ඔහු පෙන්වා දෙන්නේ ඉදිරි කාලය රාජ්‍ය සේවකයාට ආර්ථික වශයෙන් ඉතා දුෂ්කර කාල පරිච්ඡේදයක් විය හැකි බැවින් මෙම ඉල්ලීම පෞද්ගලික ආයාචනයක් ලෙසට ජනාධිපති ලේකම්ගෙන් සිදු කරන  බවයි.   ”ජනාධිපති ලේකම්තුමා පෞද්ගලික …

Continue Reading

කොණ්ඩය කපන ස්ථාන හා රූපලාවන්‍ය මධ්‍යස්ථානවල කටයුතු නැවත ආරම්භ කිරීමට අදාළව නව මාර්ගෝපදේශ

මැයි 11 වැනිදා රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමත් සමඟ කොණ්ඩය කපන ස්ථාන හා රූපලාවන්‍ය මධ්‍යස්ථානවල කටයුතු නැවත ආරම්භ කිරීමට අදාළව නව මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. කොණ්ඩය කැපීම, හිසකෙස් වර්ණ ගැන්වීම, නිය අලංකරණ කටයුතු සහ අත් සහ පාදවල රෝම ඉවත් කිරීමේ කටයුතු සඳහා පමණක් අවසර හිමි වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ මාර්ගෝපදේශවල සදහන් වන්නේ. එම මාර්ගෝපදේශවල වැඩි දුරටත් …

Continue Reading