අගෝස්තු 02 දා මධ්‍යම රාත‍්‍රියෙන් පසු මැතිවරණ ප‍්‍රචාරක කටයුතු බෑ
කොවිඩ් වසංගත තත්ත්වය මත මැතිවරණ ප‍්‍රචාරණ කටයුතුවලට විවිධ බාධා පැමිණි හෙයින් මැතිවරණ ප‍්‍රචාරක කටයුතු අවසන් කරන දිනය දීර්ඝ කරන ලෙස ඉදිරිපත් වූ ඉල්ලීම බැහැර කිරීමට සිදු වූ බවත් ඒ අනුව අගෝ්ස්තු මස 02 වැනි දින මධ්‍යම රාත‍්‍රි 12.00න් පසු කිසිදු මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු අවසන් කර ‘නිහඬ කාලය’ ක‍්‍රියාත්මක කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. …
Continue Reading
ශිෂ්‍යත්ව ළමුන්ට සහන 2ක්
2020 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කාලය මිනිත්තු 15කින් දීර්ඝ කිරීමට තීරණය කළ බවත් අනුව මෙතෙක් පැවති මිනිත්තු 45ක කාලය පැයක් දක්වා දීර්ඝ කරන බවත් අද (29) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා හෙළිකළා. මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ දෙවන ප්‍රශ්න පත්‍රයේ වරණ 4 මෙවර වරණ 3ක් බවට පත්කිරීමට කටයුතු යොදා …
Continue Reading
පාසල් ඇරඹෙන නව කාලසටහන නිකුත් වෙයි
නිවාඩු ලබාදුන් රජයේ සියලු පාසල් අගෝස්තු 10 වැනි දා සිට යලි ඇරඹෙයි සතියේ දින පහ තුළම පාසල් කැඳවන්නේ 5,10,11,12,13 ශ්‍රේණි පමණයි. කොවිඩ් වෛරසයේ ව්‍යාප්ති තත්ත්වය හේතුවෙන් නිවාඩු ලබාදුන් රජයේ පාසල් සහ රජය අනුමත පෞද්ගලික පාසල් සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති නිර්දේශයන්ට අනුකූල ව නැවත ආරම්භ කිරිම පියවර කිහිපයක් යටතේ සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කර ඇත. ඒ අනුව, ජූලි …
Continue Reading
ජනපති – අගමැති ශෂින්ද්‍රට බැනලා – ශෂින්ද්‍ර ප්‍රසිද්ධියේ සමාව ගනී
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර තිබෙන විරසකය මේ වන විට හැම තැනම පත්තු වෙමින් තිබෙනවා. ඒ අතර මොනරාගල ප්‍රධානයි. රාජපක්ෂ පවුලේ තවත් ප්‍රබලයෙක් වන ශෂින්ද්‍ර රාජපක්ෂ මොනරාගලින් තරගයට පිවිස ඇති නිසා චමල් ඇතුළු රාජපක්ෂ පවුල සහ ඔවුන්ගේ හිතවතුන් මොනරාගල පීරමින් මනාව සොයමින් සිටිනවා. මේ අතර ශෂින්ද්‍ර රාජපක්ෂ කළ ආන්දෝලනාත්මක ප්‍රකාශ දෙකක් නිසා ඔහුව මහින්ද රාජපක්ෂගේ සහ ගෝඨාභය රාජපක්ෂගේ …
Continue Reading
මහ මැතිවරණය පැවැත්වෙන සතිය පුරා රජයේ පාසල් නිවාඩු
-
RSL
-
July 29, 2020
-
පුවත් සහ වාර්තා
-
0 Comments
පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වෙන අගෝස්තු මස 05 වැනි දිනය ඇතුළත් සතිය තුළ සියලුම රජයේ පාසල්වලට නිවාඩු ලබා දීමට තීරණය කළ බව අද :29* අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව සඳහන් කළේය. ඒ අනුව අගෝස්තු මස 4, 5,6 සහ 7 වන සිකුරාදා යන දිනවල පාසල් වසා තැබීමට තීරණය කළ බවයි අධ්‍යාපන ඇමැතිවරයා සදහන් කළේ. …
Continue Reading
සජිත් ඇමතිකම් කළ සමයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මිලියන 11,000ක් අවභාවිත කරලා – වාර්තාව අගමැතිට
මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව මධ්‍යම සංස්කෘතික අරමුදල ජංගම ගිණුම් 25ක් අරඹා ඇති අතර, මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් උපාංග මිලදී ගැනිම්, විදේශ ආදායම් සහිත අරමුදල් ව්‍යාපෘතිවල මුදල් ගිණුම්ගත කිරීමේ දෝෂ සහ ගෙවීමේ පටිපාටියෙන් බැහැර මුදල් ගෙවිම් සඳහා පසුව ලේඛන සකස් කර ඇති බවත් කමිටුව මගින් අනාවරණය කරගෙන ඇත. සජිත් පේ‍්‍රමදාස මහතා අමාත්‍යධුරය දැරූ 2016-2019 දක්වා කාලය තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුවූ …
Continue Reading
නිරෝධානයට ලක්වන පිරිස්වලට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවදීම ගැන තීන්දුවක්
කොවිඩ් -19 නිරෝධානය වන පුද්ගලයින්ට අගෝස්තු 05 වැනි දිනම සවස 05.00න් පසුය සිය ඡන්දය ප්‍රකාශ කිරීමට යෝජනා වී ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා අද (28) කොවිඩ්-19 වෛරසය මැඩලීමේ ජනාධිති කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමේදී දැනුම් දුන්නේය. මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (28) දින නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත පළවේ.
Continue Reading
විදේශගත වී සිට පැමිණි ඡන්ද හිමියන්ට මැකොගෙන් විශේෂ දැනුම් දීමක්
විදේශගත වී සිට පැමිණි ඡන්ද හිමියන් ඡන්දය පාවිච්චි කිරීමට පැමිණීමේදී සිය ජාතික හැදුනුම්පත සමග විදේශ ගමන් බලපත්‍රය ද රැගෙන ආ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (28) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මේ හා සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත පළ වේ.
Continue Reading
රාජාංගනයට පනවා ඇති සංචරණ සීමාවන් අදිරය වශයෙන් ඉවතට
කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රාජාංගනය වෛද්‍ය නිලධාරි කොට්ඨාශය තුළ පණවනු ලැබූ සංචරණ සීමාවන් අදියර වශයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව, පහත දැක්වෙන අයුරින් අදාළ ප්‍රදේශ වලට පනවා තිබූ සංචරණ සීමාවන් ඉවත් කරනු ලැබේ. 2020 ජුලි 27 න් පසුව සංචරණ සීමාවන් ඉවත් කෙරෙන ප්‍රදේශ කලුන්දෑගම සිරිමාපුර යාය 01 (පොළ පිටුපස කොටස හැර) …
Continue Reading
පාර්ලිමේන්තුව වෙනුවෙන් සැකසෙන සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ ලබන සිකුරාදා පාර්ලිමේන්තුවට
-
RSL
-
July 28, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව කොවිඩ්-19 අභියෝගයට මුහුණ දෙමින් සෞඛ්‍යාරක්ෂිතව රැස්වීම සදහා අත්‍යවශ්‍ය වන මාර්ගෝපදේශ මාලාව ලබන සිකුරාදා පාර්ලිමේන්තුවට ලබාදෙන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා පැවසීය. පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාගේ ඉල්ලීම මත සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මෙම මාර්ගෝපදේශ මාලාව සැකසෙයි. මහ මැතිවරණයෙන් අනතුරුව පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වන මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රභූවරුන්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සහ ආරක්ෂක …
Continue Reading