‘සහන කාලය ඉක්මවා නැති’ රියැදුරු බලපත් ඡන්දය දැමීමට වලංගුයි
-
RSL
-
August 1, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
රියදුරු බලපත්‍රයේ කාලය ඉක්මවා ඇතත් අදාළ සහන කාලය ඉක්මවා නැත්නම් එය රියදුරු බලපත්‍රද ඡන්ද පොලේදී වලංගු අනන්‍යතා සහතික පත්‍රයක් ලෙස පිළිගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (01) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.
Continue Reading
වරාය සත්‍යග්‍රහය ගැන ජනපතිගෙන් තද ප්‍රකාශයක්
බාධක පැමිණිය ද දුප්පත්කම තුරන් කිරීමට ආරම්භ කළ ගමන නතර නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. අතීතයේ දී ඇතැමෙකුට රැකියා ලැබුණද, දිළිඳු ජනතාවට අවස්ථාව නොලැබුණු බව ජනනාධිපතිවරයා පෙන්වා දෙයි. “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ජනතාවට දුන් පොරොන්දු ඒ අයුරින්ම ඉටු කරමින් මැතිවරණය අවසන් වූ වහාම අඩු ආදායම්ලාභීන් සහ උපාධිලාභීන් සඳහා සැලසුම් කළ රැකියා එක්ලක්ෂ පනස්දහස දෙන බව රාජපක්ෂ මහතා …
Continue Reading
ගොවිතැනට ආකර්ශණීයවන කෘෂි ආර්ථිකයක් ගොඩනගනවා – ජනපති
තරුණ පරපුර වගාව අතහැර වෙනත් වෘත්තීන්ට යොමුවීම නතර වී, ගොවිතැනට ආකර්ශණීය වන කෘෂි ආර්ථිකයක් මොණරාගල දිස්ත්‍රික්කයේ ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පවසයි. පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරගවැද සිටින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කරනු පිණිස අද (31) මොණරාගල දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. කුඩා භූමි ප්‍රදේශයක අඩු නිෂ්පාදන පිරිවැයකින්, උසස් තාක්ෂණික ක්‍රමවේද භාවිතයෙන් වැඩි ගුණාත්මක අගයෙන් …
Continue Reading
කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2020 ජූලි මාසයේ දී ඉහළට
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ජුනි මාසයේ පැවති සියයට 3.9හි සිට 2020 ජූලි මාසයේ දී සියයට 4.2 දක්වා ඉහළ ගියේය. ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් සහ 2019 ජූලි මාසයේ පැවති පහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් දායක විය. ආහාර කාණ්ඩයෙහි …
Continue Reading
මහ බැංකුවේ සාර්ව ආර්ථික පුරෝකථන පිළිබඳ ව පළවන සාවද්‍ය මාධ්‍ය වාර්තා සාවද්‍යයි – මහ බැංකුව
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද බවට ඇතැම් මාධ්‍යන්හි පළ වී ඇති සාර්ව ආර්ථික පුරෝකථන පිළිබඳ සාවද්‍ය වාර්තා වෙත මහ බැංකුවේ අවධානය යොමු වී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව 2020 අප්‍රේල් මාසයේ දී ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරු ව එහි සාර්ව ආර්ථික පුරෝකථන සඳහා කිසිදු යාවත්කාලීන කිරීමක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාව වෙත නිකුත් කර නොමැත. …
Continue Reading
පාත්ෆයින්ඩර් පදනම ‘කොවිඩ්-19 වළක්වාලීම හා පාලනය’ කෘතිය සිංහලට පරිවර්තනය කරයි
‘පාත්ෆයින්ඩර් පදනමට’ අනුබද්ධ චීන ශ්‍රී ලංකා සහයෝගීතා අධ්‍යයන මධ්‍යස්ථානයෙහි තවත් ප්‍රමුඛ පියවරක් වශයෙන් වසංගත රෝග සම්බන්ධ චීන මහාචාර්ය සහ ෂැංහයි හි කොවිඩ්-19 ප්‍රතිකාර අංශයේ විද්වත් මණ්ඩල ප්‍රධානී, වන් හොංග් ජන්ග් මහතා ඇතුළු මණ්ඩලයක් විසින් පළ කරන ලද Prevention and Control of COVID 19 කෘතිය, සිංහල භාෂාවට පරිවර්තනය කර ඇත. එය ලක්ෂමන සපරමාදු මහතා ගේ පරිවර්තනයකි. චීන තානාපති කාර්යාලයේ දී මෙම …
Continue Reading
හිටපු නියෝජ්‍ය ඇමති ‘ප්‍රේමලාල් ජයසේකර’ ඇතුළු දේශපාලනඥයින් තිදෙනෙකුට මරණ දඬුවම
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක, ‘චොකා මල්ලි’ හෙවත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ඇතුළු දේශපාලනඥයින් තිදෙනෙකුට රත්නපුර මහාධිකරණය විසින් අද (31) මරණ දඬුවම නියම කරනු ලැබුවා. කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන සිල්වා සහ සබරගමු පළාත් සභා හිටපු මන්ත්‍රී නිලන්ත ජයකොඩි මරණ දඬුවම නියම වූ අනෙක් දෙදෙනාය. 2015 ජනාධිපතිවරණය අතරතුර කහවත්ත ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක රැළියකට හානි කර, …
Continue Reading
කොටි හුරතල් කළේ රනිල් නොවෙයි සජිත් – ගම්මන්පිල අලුත්ම හෙළිදරව්වක
මෙතෙක් කාලයක් අන්තවාදීන් හුරතල් කරන්නේ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා බවට තමන් ඇතුළු පාර්ශ්ව කළ චෝදනාව වැරදි බවත් අන්තවාදීන් හුරතල් කරන්නේ සජිත් පේ‍්‍රමදාස මහතා විසින් බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. අද (31) කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡුාවකදී ගම්මන්පිල මහතා මේ බව සඳහන් කළේය. ‘ අපි අවුරුදු 25ක් පමණ තිස්සේ රනිල් වික‍්‍රමසිංහ මහතාට චෝදනා කළා ඔහු අන්තවාදීන් …
Continue Reading
තිත්ත දේශපාලනයේ ‘ඇත්ත ප්‍රශ්න’
මීට සමාන්තරව දූෂිත දේශපාලකයින් වෙනුවට උගත්, ප්‍රබුද්ධ පිරිසක් පාර්ලිමේන්තුවට යැවිය යුතුය යන අදහස ජාතික ජන බලවේගය විසින්ද පුනරුච්ජාරණය කරන්නට යෙදිණ. සැබවින්ම ඔවුන් එම අදහස එදාටත් වඩා දැඩිව අවධාරණය කරන්නේ අදයි. “තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිස්සු” යන ඔවුනගේ ප්‍රධාන උදෘතයෙන් හැඟවෙන්නේ එයයි. දේශපාලනය ඇත්තේ “මේ දැන් මෙතැනය.” වෙනස් සමාජයක, වෙනස් අවකාශයක, වෙනස් කාලයක වලංගු වූ දේශපාලන ක්‍රියාමාර්ග “මේ දැන් මෙතැන” පවත්නා තත්ත්වයට …
Continue Reading
යුද්ධ හමුදාවේ නිවුන් මේජර් ජෙනරාල්වරුන් දෙපල ‘ගිනස් පොතට’
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිවුන් සහෝදර මේජර් ජෙනරාල්වරුන් දෙපල ‘ගිනස් ලෝක වාර්තා පොතට’ ඇතුලත්වීම සඳහා ඉල්ලුම් කරති ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවය කරනු ලබන නිවුන් සහෝදරයන් දෙපලක් වන මේජර් ජෙනරාල් පූරක සෙනෙවිරත්න සහ මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙපල ‘ගිනස් ලෝක වාර්තා පොතට’ ඇතුළත් කිරීම සඳහා අදාල ලියකියවිලි භාරදීමේ උත්සවය අද (30) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්විණි. වසර …
Continue Reading