අන්තර්ජාල සහ සමාජ මාධ්‍ය මුල්‍ය වංචා ගැන පොලිසියෙන් යළි දැනුවත් කිරීමක්

නාඳුනන පුද්ගලයෙකු හෝ ආයතනයක් ආකාරයෙන් සමාජ මාධ්‍ය පණිවුඩයක් මගින් හෝ දුරකථන ඇමතුම් ලබා දෙමින් ඔබට රැකියා අවස්ථාවක් ලබා දෙන බැව පැවසුවොත්, ත්‍යාග දිනුම් ඇදී ඇති බව පැවැසුවොත්, අසත්‍ය චෝදනා ඉදිරිපත්කර නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට ගිණුමකට මුදල් බැර කරන මෙන් පැවසුවොත් මුදල් තැන්පත්කිරීමට ඉක්මන් නොවී සුපරීක්ෂාකාරීව සොයා බලන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාශය ජනතාවට දැනුම් දෙයි. යම් හෙයකින් ඔබට මෙවන් රැවටීමකට ලක්ව …

Continue Reading

ලෝකයේ හොඳම මධුසමය ගමනාන්ත අතර 5 වන ස්ථානය ගාල්ලට

ශ්‍රී ලංකාවේ ඓතිහාසික ගාල්ල නගරය 2026 සඳහා ලොව හොඳම මධුසමය ගමනාන්ත 10 අතර / Travelers’ Choice Best of the Best Honeymoon Destinations 5 වන ස්ථානයට පත්ව ඇත. වනජීවී සෆාරි, තේ වතු, පුරාණ විහාරස්ථාන සහ සීගිරිය පර්වත බළකොටුව වැනි සුවිශේෂී සන්ධිස්ථාන ඇතුළු ශ්‍රී ලංකාවේ පුළුල් සංචාරක දීමනා, මධුසමය ගමනාන්තයක් ලෙස රටේ ආකර්ෂණයට ගැඹුරක් එක් කරන බව ද සටහන් විය. ලොව පුරා …

Continue Reading

ආනයනික මැණික් සඳහා අය කෙරුණු විශේෂ සේවා ගාස්තුව අඩු කෙරේ

ආනයනික මැණික් පාර්සලයකට  කඩිනම් නිශ්කාශන ගාස්තුවක් ලෙස අය කරන ලද ඇමරිකානු ඩොලර් 200ක විශේෂ සේවා ගාස්තුව 2026 ජනවාරි 01 සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇතැයි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය එස්. පී. චමින්ද මහතා පවසයි. මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයට අදාළ කරුණු සම්බන්ධයෙන් අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් …

Continue Reading

විදුහල්පතිවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාත්මක කිරීම සහ ඊට අදාළ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු අනුකාරක සභාවේදී සාකච්ඡා

ජාතික සහ පළාත් පාසැල්වල විදුහල්පතිවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාත්මක කිරීම සහ ඊට අදාළ කටයුතු පිළිබඳව පාසැල්වල පවතින මානව සම්පත් ඌනතාවය පිළිබඳ අනුකාරක සභාවේදී පසුගියදා  සාකච්ඡා කෙරිණි.  අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ පත්කර ඇති එම අනුකාරක සභාව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙනෙවියගේ සභාපතිත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි. අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් කමල් …

Continue Reading

අගමැති හරිනි ස්විට්සර්ලන්තයට

ලෝක ආර්ථික සමුළුවේ 56 වන වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා  අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද (19) අළුයම ස්විට්සර්ලන්තය බලා බලා පිටත් වූවාය.  ජනවාරි 19 සිට 23 දක්වා ‘A Spirit of Dialogue’ තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුවට, ප්‍රතිපත්ති සම්පාදකයින්, නවෝත්පාදකයින් සහ ගෝලීය නායකයින්ගේ රැසක් සහභාගී වීමට නියමිතයි.

Continue Reading

විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ ජාතික ව්‍යාපාරය ශක්තිමත්ව ඉදිරියට ක්‍රියාත්මක කරනවා

ජනපති ‘රටම එකට’ උතුරු පළාත් වැඩසටහනේදී ජනතාවට කියයි එදා යුද්ධය හේතුවෙන් තම දරුවන් කෙරෙහි බියෙන් ජීවත් වූ උතුරේ මව් පියවරුන්ට අද මත්ද්‍රව්‍ය නිසා දරුවන් කෙරෙහි බියෙන් ජීවත් වීමට සිදුව ඇති බවත්,  කිසිදු පුරවැසියෙක්, නගරයක්, ගමක්, දුප්පත්, පොහොසත්, සිංහල, දෙමළ  යන භේදයකින් තොරව පැතිර  යන මෙම විෂ මත්ද්‍රව්‍ය උවදුරින් තරුණ පුරපුර බේරා ගැනීම වෙනුවෙන් ආරම්භ කළ විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ …

Continue Reading

Full Story With Photos : මෙරට සංවිධානාත්මක අපරාධ කර ඩුබායි වලට පැන්න සැකකරුවන් තිදෙනෙක් රැගෙන එයි

මෙරට සංවිධානාත්මක අපරාධ සඳහා සහය දක්වමින් බරපතළ ඝනයේ අපරාධ සිදුකිරීමට සෘජුවම සම්බන්ධවී ඩුබායි රාජ්‍යයේ පළා ගොස් සැඟව සිටි තවත් සැකකරුවන් දෙදෙනෙකු සහ 2024 වසරේ රජයේ මුදල් අවභාවිතා කර ඩුබායි රාජ්‍යයට පළා ගොස් සැඟව සිටි චූදිත කාන්තාවක් අද (16) ද දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාතික ගුවන්තොටුපලෙන් මෙරටට රැගෙන එන ලදී. ශ්‍රී ලංකා පොලිසිය ජාත්‍යන්තර පොලිසිය දැනුවත් කර ලබාගත් රතු නිවේදන යටතේ අබුඩාබි ජ්‍යාතන්තර පොලිසියි හා …

Continue Reading

විශ්වවිද්‍යාල (සංශෝධන) පනත් කෙටුම්පත ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සලකා බලා අනුමත කරයි

විශ්වවිද්‍යාල (සංශෝධන) පනත් කෙටුම්පත සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ බඳවා ගැනීම්වලට අදාළ කරුණු  පිළිබඳව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවවේදී සාකච්ඡා කරන ලදී. විශ්වවිද්‍යාල (සංශෝධන) පනත් කෙටුම්පත සලකා බැලීමේදී, මෙම පනත් කෙටුම්පතෙහි අරමුණු  වන්නේ  පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්, මහාචාර්යවරුන්, ආශ්‍රිත මහාචාර්යවරුන් සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් (I වන ශ්‍රේණිය) අතුරෙන් පීඨාධිපතිවරයකු තෝරා පත් කර ගැනීම සඳහා පීඨ මණ්ඩලයට …

Continue Reading

දිට්වා හානිය තක්සේරු කිරීමට IMF නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට

මෑතකදී ඇති වූ ඩිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය තක්සේරු කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ජනවාරි 22 සිට ජනවාරි 28 දක්වා ශ්‍රී ලංකාව තුළ කරුණු සෙවීමේ මෙහෙයුමක් / fact-finding mission ක්‍රියාත්මක කිරීමටතීරණය කර තිබේ. විස්තීර්ණ අරමුදල් පහසුකම (Extended Fund Facility – EFF) වැඩසටහන යටතේ අදාළ ප්‍රතිපත්තිමය ඇඟවුම් පිළිබඳව කණ්ඩායම සාකච්ඡා කරනු ඇති බව IMF හි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි …

Continue Reading

“රටම එකට” ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහන හෙට(16) යාපනයේ දී

ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් මුලිනුපුටා දැමීමේ අරමුණින් දියත් කරන “රටම එකට” ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහන හෙට (16) පස්වරුවේ යාපනය, තාක්ෂණ විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. “රටම එකට” ජාතික මෙහෙයුමේ සමාරම්භක වැඩසටහන 2025 ඔක්තෝබර් 30 දා කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වුණු අතර එහි දකුණු පළාත් වැඩසටහන 2025 නොවැම්බර් 20 දා …

Continue Reading