කොටස් වෙළෙඳපොළ පහළට

පසුගිය දිනවල ඉහළ වර්ධනයක් වාර්තා කළ කොළඹ කොටස් වෙළෙඳපොළේ දර්ශක දෙකම අද (02) 6.56%කින් සහ 7.32%කින් පහළ ගියා. ඒ අනුව කොටස් මිල දර්ශකය ඒකක 561.75 කින් සහ එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය ඒකක 251.77 කින් පහළ ගොස් තිබෙන අතර දෛනික ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 8,005.32 ක් ලෙසත් එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය 7.32 ක් ලෙසත් සටහන් වුණා.

Continue Reading

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති සහ විදේශ ඇමති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ඇලයිනා බී. ටෙප්ලිට්ස් (Alaina B. Teplitz) මහත්මිය අද (02) විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.  විදේශ අමාත්‍යාංශයේ දී සිදු වූ මෙම හමුවට කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතාද සම්බන්ධ වී සිටියේය. ශ්‍රී ලංකාව හා ඇමරිකාව අතර රාජ්‍යතාන්ත්‍රික කටයුතු හා ආර්ථික කටයුතු ඇතුළු දෙරටට වැදගත් වන කරුණු රැසක් මෙම හමුවේ දී සාකච්ඡා කෙරුණු බව විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. 

Continue Reading

මව්බිමට එන්න කැමති විගමනික ශ්‍රමිකයන් ගැන රජයේ අලුත්ම තීන්දුව

ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන්  විදේශ රටවල දැනට රැඳී සිටින ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට විශේෂ වැඩසටහනක් ආරම්භ කරන බව  කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. මෙම විගමණික ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම ප්‍රමාද වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඔවුන් ශ්‍රී ලංකාවට පැමිනි පසු නිරෝදානය සඳහා රඳවා තැබීමට මෙරට නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩ පහසුකම් නොමැති වීමය. එම නිසා …

Continue Reading

සමාජමාධ්‍යවල කොවිඩ් එන්නත ගැන ‘අතේ පැළවෙන බොරු’ රැල්ලක් !

කොවිඩ් -19 වසංගතය ආරම්භයේ සිටම, එන්නත් ගැන විශාල කතාබහක් ඇති විය. මේ වන විට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක එන්නත් කිරීමේ වැඩසටහන් ආරම්භ කර තිබේ. කෙසේනමුත්, එන්නත ලබා ගැනීම සහ එහි අඩංගු දෑ පිළිබඳ විවිධ මිත්‍යා මත, ව්‍යාජ පුවත් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වනු දැකිය හැකිය. මෙම පුවත්වල සත්‍යය, අසත්‍යබව ගැන බීබීසී ‘රියලිටි චෙක්’ කණ්ඩායම ද මාස ගණනාවක් පුරා …

Continue Reading

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ගැන ඉන්දීයාව තදින්

ආන්දෝලනයට ලක්ව ඇති කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය, ජපානය සහ ඉන්දියාව අතර 2019 වසරේ මැයි මාසයේ අත්සන් තැබුණු ත්‍රෛපාර්ශවීය අවබෝධතා ගිවිසුම කඩිනමින් ක්‍රියාත්මක කරනු ඇතැයි ඉන්දීය රජය බලාපොරොත්තු වන බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙක් අද (01) මෙරට මාධ්‍ය වෙත පවසතා තිබෙනවා. ඉන්දීය මහ කොමසාරිස් කාර්යාල ප්‍රකාශකයා මේ බව පැවසුවේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය …

Continue Reading

ලිච්ටෙන්ස්ටයින් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාව හා ලිච්ටෙන්ස්ටයින් (Liechtenstein) කුමාර රාජ්‍ය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කිරිමට තීරණය කර තිබේ. මේ සම්බන්ධ යෝජනාව ඇතුලත් අමාත්‍ය මණ්ඩල සංදේශයක් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉකුත් සතියේ දී කැබිනට් මණ්ඩලයට යොමු කරන ලදුව ඊට අනුමැතිය ලැබී තිබේ. බටහිර යුරෝපා කලාපයට අයත් ලිච්ටෙන්ස්ටයින් කුමාර රාජ්‍යයය ස්විස්ටර්ලන්තය හා ඔස්ට්‍රියාව අතර පිහිටා ඇති අතර කුඩා ජනගහණයක් සහිත රටකි.1961 අප්‍රේල් 18 වැනි දිනැති රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබද වියානා …

Continue Reading

Novavax සහ Janssen එන්නත් දෙක කොවිඩ් සටනට සූදානම් !

කොවිඩ් 19ට එරෙහිව එක්සත් රාජධානිය තුළ මහා පරිමාණයෙන් සායනික අත්හදා බැලීම් සිදු කළ අලුත් එන්නතක් 89.3%ක සාර්ථකත්වයක් පෙන්නුම් කරයි. මෙම එන්නත හඳුන්වා දී ඇත්තේ නොවාවැක්ස් (Novavax) නමිනි. එක්සත් රාජධානියෙන් හමුවූ නව කොරෝනාවෛරස් මාදිලියට එරෙහිව ඵලදායී වූ බවට සනාථ වී ඇති පළමු එන්නත මෙය බව බීබීසීයේ වෛද්‍ය වාර්තා සංස්කාරක ෆර්ගස් වොල්ෂ් පැවසීය. ඊසානදිග එංගලන්තයේ රසායනාගාරයක නිෂ්පාදනය කෙරෙන මෙම නව එන්නතේ මාත්‍රා …

Continue Reading

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන කොමිසමේ අවසන් වාර්තාව ජනපතිට

පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ අවසන් වාර්තාව අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී කොමිෂමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබීය. පළමු අතුරු වාර්තාව 2019 දෙසැම්බර් 20 සහ දෙවන අතුරු වාර්තාව 2020 මාර්තු මස 02  දිනවල ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණ. පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාර මාලාව විමර්ශනය කර වාර්තා …

Continue Reading

මියන්මාර හමුදාව ප්‍රජාතන්ත්‍රවාදයට යළි වළ කපයි – සුකී අත්අඩංගුවට

මියන්මාරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායිකා අවුන් සාන් සුකී ඇතුළු මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ හෙවත් පාලක පක්ෂයේ ඉහළ නිලධාරීන් පිරිසක් එරට හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. ආණ්ඩුවේ ප‍්‍රධානීන් අත්අඩංගුවට ගැනීමෙන් පසු රටේ පාලන බලය සියතට ගත් බව මියන්මාර හමුදාව ප්‍රකාශ කර ඇති බවයි එම මාධ්‍ය වැඩි දුරටත් පවසන්නේ. මියන්මාරයේ පසුගිය මැතිවරණයෙන් පසු රජය සහ හමුදාව අතර ඇති …

Continue Reading

නැගෙනහිර ජැටිය ගැන අගමැති දුන් තීරණාත්මක තීන්දුව

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය අන් සතු කරන්නේ නැති බවත් එය සියයට 100ක්ම වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක ආයතනයක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යන බව අග්‍රමාත්‍යවරයා අවධාරණය කරයි. අද (01) දහවල් අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා සහ කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකිමේ වෘත්තිය සමිති එකමුතුව සමග පැවැති සාකච්ඡුාවේදී අගමැතිවරයා මේ බව අවධාරණය කළේය. මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් අගමැතිවරයා කියා සිටියේ වත්මන් රජයේ ප්‍රධානම …

Continue Reading