රේගුව විධිමත් කරන්න ජනාධිපති පරීක්ෂණ කොමිෂමක්
-
Editor
-
February 24, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ වත්මන් තත්ත්වය අධ්‍යයනය කොට එහි ඵලදායීතාවය නැංවීමට නිර්දේශ ඉදිරිපත් කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරයි. රේගුවට එරෙහිව නැගෙන විවිධ චෝදනා සහ සිදුවෙතැයි සැලකෙන අක්‍රමිකතා වළක්වා ගනිමින් කාර්යක්ෂම හා ඵලදායී සේවා සැපයීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම කොමිෂමට පැවරේ. තොරතුරු තාක්ෂණ උපයෝගීතාව තුළ ආරක්ෂාව හා නිරෝධායන නීති රීති අවධානයට ගනිමින් රේගුවේ …
Continue Reading
ව්‍යායාම සහ මානසික සෞඛ්‍ය ගැන අලුත්ම හෙළිදරව්ව !
අවුරුදු පනහට වැඩි වයසේ පසුවන පුද්ගලයන්ට සිය මනසේ ක්‍රියාකාරිත්වය තියුණු මට්ටමක පවත්වා ගැනීමට ගත හැකි හොඳම පියවර සතියකට කීප වරක් ව්‍යායාම කිරීම බව විද්‍යාත්මක අධ්‍යනයකින් හෙළිව තිබේ. හදවත සහ මාංශපේශි නිසි ලෙස ක්‍රියාත්මකවන අයුරින් විධිමත් ව්‍යායාම කිරීමෙන් සිතීමේ හැකියාව සහ මතකය වර්ධනය කර ගැනීමට හැකි බව විද්‍යාත්මක අධ්‍යන තිස් නවයකින් තොරතුරු හෙළිව තිබේ. සංජානන ක්‍රියාකාරකම් හීන වීමේ රෝග ලක්ෂණ පෙන්නුම් …
Continue Reading
නිදා සිටි චීන මකරා අවධි වුණේ මෙහෙමයි !
“මහජන චීන ජනරජය” ප්‍රකාශයට පත් කර වසර 70ක් සපිරීම අති උත්කර්ෂවත් අන්දමින් චීනය සමරමින් සිටී. පසුගිය දශක හත ඇතුළත චීනය මහා ධන සම්භාරයකට හිමිකම් කියමින් ආසියාවේ දැවැන්තයා ලෙස නැගී සිටියේ කෙසේද? “කොමියුනිස්ට් පක්ෂය පාලනය භාර ගන්නාවිට චීනය ඉතාම දුප්පත් රටක්,” ඩීබීඑස් බැංකුවේ චීනය පිළිබඳ ආර්ථික විශේෂඥ ක්‍රිස් ලේයුන්ග් ප්‍රකාශ කළේය. “වෙළෙඳ හවුල්කරුවන් හිටියේ නැහැ. රාජ්‍යතාන්ත්‍රික සබඳතා තිබුණේ නැහැ. තනිවම තමයි …
Continue Reading
පාස්කු ප්‍රහාරයේ වගකීම මෛත්‍රීට – රනිල්ට: මෛත්‍රීට අපරාධ නඩු පවරන්නත් නිර්දේශ
පාස්කු ඉරිදා එල්ලවූ ප්‍රහාරයෙන් ඇතිවූ ඛේදවාදකයට එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ප්‍රමුඛ රජය වගකිව යුතුයැයි පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ කර ඇත. මෙම ප්‍රහාර වැළැක්වීමට රජය සහ එහි නිලධාරීන් අපොහොසත්වීම රටේ රාජ්‍ය පරිපාලනය සහ නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ආයතන විසින් එතෙක් මෙතෙක් වාර්තා කරන ලද විශාලතම අත්වැරදීම යැයිද කොමිෂන් …
Continue Reading
ඇස් කණ්නාඩි දානවා නම් කොවිඩ් අවදානම අඩුයි – පර්යේෂණයකින් හෙළිවෙයි
ගෝලීය වශයෙන් කොවිඩ් ව්‍යාප්තියේ සැලකිය යුතු අඩුවක් වාර්තා වුණත් එහි අවධානම තවම පහව ගොස් නැහැ. එනිසා සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි අනුගමනය කිරීම අප කාගෙත් වගකීමක්. මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වීම පිළිබදව පසුගිය දා ඉන්දීය පර්යේෂකයින් පිරිසක් විසින් සිදුකළ සොයා ගැනීමක් ගැන ජාත්‍යන්තරයේ දැඩි අවධානය යොමුව තිබෙනවා. ඉන්දීය වෛද්‍ය පර්යේෂකයින් කණ්ඩායමක් සිදුකළ පර්යේෂණයකදී සොයා ගෙන ඇත්තේ ඇස් කණ්ණාඩි පලඳින පුද්ගලයන්ට …
Continue Reading
උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී !
ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයකු ලෙසින් කටයුතු කරන ලද ආරම්භක පිතිකරු උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර සිටියි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කරමින් සිය සමුගැනීම පිළිබඳව දැනුම් දී සිටින තරංග සිය වසර 16 ක ජාත්‍යන්තර ක්‍රිකට් තරග දිවියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ලබා දුන් සහයෝගය සහ මඟ පෙන්වීම පිළිබඳව සිය ස්තූතිය පුද කර තිබේ. මීට …
Continue Reading
පොහොර සහනාධාරය මුවාවෙන් වී ගොවියාට තර්ජන ගර්ජන එපා
දේශීය වී ගොවියාට බලපෑම් කරමින් පොහොර නොමිලේ ලබාදීම නවතා දමන බවට තර්ජනය කොට වී අස්වැන්න ලබා ගැනීමේ ක්‍රමවේදය වහාම වෙනස් කොට සාධාර ක්‍රමවේදයක් සැකසිය යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අවධාරණය කරයි. එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න දඹුල්ලේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ ගොවියා රජයට වී ලබාදීමට අකමැත්තක් දැක්වීම යටතේ ප්‍රශ්නයක් පවතින බවය. එම ප්‍රශ්නය වී ගොවියාට පැනනැගී ඇත්තේ …
Continue Reading
පෞද්ගලික වී වෙළෙදුන්ට වඩා වැඩි මිලක් ගෙවා වී ගන්න රජය සූදානම්
වී කිලෝවක් සඳහා රජය නියම කළ රුපියල් 50 සහතික මිලට වඩා ඉහළ මිලක් පෞද්ගලික අංශය ලබා දෙන්නේ නම් රජයත් එයට සමාන්තර තරගකාරී මිලක් ලබා දෙන්නට සූදානම් බව ජනමාධ්‍ය ඇමැති,සම කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියයි. අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් කීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ අදහස් පළ කළේය. මෙසේ ඉහළ සහතික මිලක් …
Continue Reading
Covid-19 මර්දන වැඩපිළිවලෙහි ප්‍රගතිය පිළිබදව විශේෂ සාකච්ඡාවක්
කොවිඩ් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබාගැනීමෙන් පසු පූර්ණ සුවය ලැබූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද දින (23) සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් සමග පවතින කොවිඩ් වසංගත තත්ත්වය සහ වෛරසය මර්දන වැඩපිළිවෙලෙහි ප්‍රගතිය මෙන්ම ඉදිරි සෞඛ්‍ය සංවර්ධන වැඩපිළිවෙල පිළිබදව විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදි. කොවිඩ් වෛරසය පාලනය හා මැඩපැවැත්වීම මූලික කරගනිමින්, පසුගිය කාලය තුල ක්‍රීයාත්මක කළ එන්නත්කරණ වැඩපිළිවෙල, පී.සී.ආර් පරීක්ෂණ කටයුතුවල වත්මන් තත්ත්වය, සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රිියාත්මක කිරීම, කොවිඩ් …
Continue Reading
පාස්කු ප්‍රහාර පිළිබඳ සොයා බැලු ජනාධිපති කොමිසමේ වාර්තාව කථානායකට
පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ පිටපත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන්, ඒ මහතාගේ නීති කටයුතු අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් අද (23) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාර දෙන ලදී. අමාත්‍ය මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) රාත්‍රියේ රැස් වූ අවස්ථාවේදී එම වාර්තාව ජනාධිපතිතුමා …
Continue Reading