ඔබට ඔබවම එපා වෙලාද ? ප්‍රවේශම් වන්න ඔබට ‘විෂාදය’ විය හැකියි !

විෂාදය හෙවත් ‘ඩිප්රෙෂන්’ (Depression) යනුවෙන් හැඳින්වෙන්නේ කිසිවකු දීර්ඝ කාලයක් මුළුල්ලේ නිශේධනීය ආකල්පවලින් පීඩා විඳීමේ රෝගී තත්වයකි. එය වරින් වර හටගන්නා ශෝකයක් හෝ මානසික වේදනාවකට වඩා බරපතළ මානසික පීඩාවකි. විෂාදයෙන් පෙළෙන්නෙකු බොහෝ අවස්ථාවල ‘ඇන්සයටි’ (Anxiety) නැතහොත් යමක් කෙරෙහි අධික ඇල්මක් දැක්වීමේ හෝ සාංකාවෙන් පෙළීමේ රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. ඇතැම් අවස්ථාවල දී සිතට වේදනාවක් දැනීම සාමාන්‍ය පුද්ගලයෙකුට ඇතිවන හැඟීමක් වුවත් විෂාදය යනු …

Continue Reading

නිසි පරිදි දැනුවත් වී කුරුලෑවලට සදාකාලිකව සමුදෙමු !

වෛද්‍යවරු සඳහන් කරන ආකාරයට ‘කුරුලෑ’ කියන්නේ බරපතළ සෞඛ්‍ය තත්ත්වයක් නොවෙයි. තරුණ වයසේදී කුරුලෑ ඇතිවීම ස්වභාවික තත්ත්වයක් වශයෙනුයි සැලකෙන්නේ. කවියෝ ගැහැනුන්ගේ මුහුණ උපමා කරන්නේ ‘පුර හඳට’ ‘සිසිවන වුවන’ කියලා පුරාණ කවියා කියන කොට වත්මන් කවියා ‘පුරහඳ ලෙස ඔබ සම කළ මගේ මුහුණේ ’ කියලා රචනා කළේ ඒකයි. පුර හඳ සෞම්‍යයි. සුන්දරයි. බලන්න, බලාගෙන ඉන්න ප‍්‍රියයි. ඒ නිසා වෙන්න ඇති ගැහැනු මුහුණත් …

Continue Reading

‘ව්‍යඝ්‍රා කනෙක්ට්’ පාවිච්චියට පෙර ?

ලිංගික බෙලහීනතාවට විසඳුමක් වශයෙන් නිපදවා අලෙවි කරනු ලබන ‘ව්‍යඝ්‍රා කනෙක්ට්’ ශාරීරික උත්තේජක පෙති ඖෂධ ශාලාවකට ගොස් වෛද්‍ය වට්ටෝරුවක් (prescription) නොමැතිව මිලට ගැනීම සඳහා එක්සත් රාජධානිය අවසර දී ඇත. එක්සත් රාජධානියේ සෑම පුරුෂයන් පස් දෙනෙකුගෙන්ම එක් අයෙකු ලිංගික අකර්මන්‍යතාවයෙන් පෙලෙන අතර එය සංඛ්‍යාත්මක වශයෙන් සමස්ත ජනගහනයෙන් ලක්ෂ 43ක් යයි ඇස්තමේන්තු කෙරෙයි. වෙනත් ඖෂධ භාවිතා කිරීමේදී මෙන්ම නිසි මාත්‍රාව ඉක්මවා ‘ව්‍යඝ්‍රා කනෙක්ට්’ …

Continue Reading

කාන්තාවන් සහ ගැහැනු ළමුන් සයිබර් අපරාධවලින් ආරක්ෂා කර ගනිමු !

සයිබර් අපරාධ යනු වර්තමානයේ ලෝකය පුරාම කාන්තාවන් සහ ගැහැනු ළමුන් මුහුණ පාන සුලභ සහ අති බිහිසුණු අපරාධය බවට පත්ව ඇත. මේ සයිබර් අපරාධ හඳුනා ගැනීම, එයින් වැළකීමට ගත හැකි ප‍්‍රවේශ සහ සයිබර් අපරාධ සම්බන්ධ නීතිය පිළිබඳ දැනුවත් කෙරෙන ලිපි මාලාවේ දෙවැනි කොටසයි සයිබර් අපරාධවලින් දැඩි සේ වින්දිතභාවයට හෝ අපයෝජනයට ලක්වන්නේ කාන්තාවන් සහ ගැහැනු ළමුන් බව සමාජ විද්‍යාඥයින්ගේ අදහසයි. මෙහිදී ඔවුන් …

Continue Reading

නැනො මාස්ක් නව නිපැයුම අගමැතිට පිළිගන්වයි

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී රාජපක්ෂ, විශේෂඥ වෛද්‍ය චමින්ද හේරත් මහත්වරු ඇතුළු කණ්ඩායමක් නිර්මාණය කළ නැනො තාක්ෂණික වයිරස් නාශක මුව ආවරණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ එළිදැක්වීම අද (25) දින පාර්ලිමේන්තුවේ කමිටු ශාලා 01හි දී පැවැත්විණි. මෙම නැනො වයිරස් නාශක තාක්ෂණික මුව ආවරණය ඒ මත වැටෙන ඕනෑම විෂබීජයක් විනාශවන ආකාරයට නිර්මාණය කර තිබීම විශේෂත්වයකි. ලොව ප්‍රථම වයිරස් නාෂක සහ …

Continue Reading

සෞභාග්‍යයේ දැක්ම හාස්‍යයට ලක්කරමින් ‘දෙල්ගොඩ රක්ෂිතය වනසයි’

කලවාන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වැවගම ග‍්‍රාම නිලධාරී වසමේ පිහිටි සුදුවැලිපත ගමේ සිංහරාජ අඩවියේ සුවිශේෂී වනාන්තර ප‍්‍රදේශයක් වන දෙල්ගොඩ රක්ෂිතය හා සම්බන්ධ අක්කර 143 ක වනාන්තර භූමිය ව්‍යාජ ඔප්පු සකස් කර ගත් පිරිසක් විසින් මහ පරිමාණයෙන් එළිපෙහෙළි කරමින් තේ වගාව ව්‍යාප්ත කිරීම සිදු කරමින් පවතී. මේ වන විට අක්කර 10 කට වඩා වැඩි භූමි ප‍්‍රදේශයක් එළිපෙහෙළි කිරීමට ලක් කර ඇත. …

Continue Reading

කොරෝනා එන්නත: වඳභාවය හා සම්බන්ධ ‘මිත්‍යා මත’

කෝවිඩ් එන්නත හේතුවෙන් ‘වඳ වෙන’ බවට සමාජ මාධ්‍යවල සංසරණය වන විවිධ ව්‍යාජ ප්‍රකාශ හේතුවෙන් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් කොටසක් එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව බීබීසී සිංහල සේවය කළ විමසුමක දී දැනගන්නට ලැබිණි. එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ හේතුව කීපදෙනෙකුගෙන් විමසූ විට ඔවුන් පැවසුවේ තමන්ට කෙටි පණිවිඩ, ඊ මේල් සහ කට කතා ඔස්සේ දැනගැනීමට ලැබුණු කරුණු මත එම තීරණවලට …

Continue Reading

අලි – මිනිස් ගැටුම විසදීමට මාස දෙකක් තුළ ක්‍රියාකාරී වැඩපිළිවෙළක්

මේවන විට ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගැටලුවක් බවට පත්ව ඇති අලි මිනිස් ගැටුම විසදීම සදහා ලබාදී ඇති නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කොට මාස දෙකක් තුළ එම වාර්තාව පාර්ලිමේන්තුවට ලබා දෙන ලෙස රජයේ ගිණුම් පිළිබද කාරක සභාව (කෝපා කමිටුව) වනජීවි සහ වනසංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු අදාල බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. අලිමිනිස් ගැටුමට අදාල විසදුම් සෙවීම සදහා අතිගරු ජනාධිපතිතුමා විසින් …

Continue Reading

වසර 10කට පසු ‘රබර්වලට’ වාර්තාගත මිලක්

වසර 2011 න් පසුව දිගින් දිගටම වෙළඳපලේ රබර් මිළ ගණන් පහත වැටීමක් සිදු වූ අතර වසර 2011 දී රබර් කිලෝවක මිළ රුපියල් 650/- ක මට්ටමක පැවතුණි. වසර දහයකට පසුව නැවතත් රබර් කිලෝ එකක මිළ රු.650/- දක්වා ඉහළ ගොස් ඇත. මෙය ඉතා වාසිදායක තත්ත්වයක් වුවද නිර්දේශිත කිරි කැපීමේ තීව්‍රතාවය ඉක්මවා යමින් කිරි කැපුවහොත් දිගු කාලීන වශයෙන් එමගින් ලැබෙන අනිසි ප්‍රතිඵල ඉතා …

Continue Reading

රට තුළ කොවිඩ් ආසාදිතයින් අඩුවීමට සැබෑ හේතුව හෙළි වෙයි

එන්නත් කරණය සිදුවන්නේ විද්‍යත්මක අනුපිළිවෙල නොසලකා හැරලා. හැදුණුම්කම්, බලය හෝ මුදල් යොදමින් නියමිත පටිපාටියෙන් තොරව එන්නත් විද ගනු ලබන අයට නිසි සෞඛ්‍ය සුපරීක්ෂාව නොලැබෙන බැවින්, ඔවුන් අවධානමකට ලක් විය හැකියි. රට තුළ හමුවන රෝගීන් ප්‍රමාණය අඩුවීමට හේතුව PCR පරීක්ෂණ පිළිබඳව අවධානය අත්හැර දැමීම බවත් එන්නත්කරණය නිසා රෝගය මර්දනය වෙමින් පවතින බවට ව්‍යාජ මතවාදයක් ඇති කිරීමට එය හේතුවක් වුවද, මේ මොහොතට …

Continue Reading