ගෑස් සමාගම් බංකොලොත් – රටටම ගෑස් නැති වීමේ අවදානමක්

දිගින් දිගටම ලෝක වෙලදපොලේ ඉහලයන ගෑස් මිලට සාපේක්ෂව රජය විසින් මෙරට ගෑස් මිල වෙනස් නොකිරීම නිසා රජයට සම්බන්ද ගෑස් සමාගම සහ පුද්ගලික ගෑස් සමාගම විශාල මුල්‍යම කඩාවැටීමකට ලක්ව ඇති අතර ඒ හරහා මෙරට දෛනික පරිභෝජනයට අවශ්‍ය ගෑස් සපයාගැනීමේ දැඩි අර්බුදයක් මේ වනවිට නිර්මාණය වී ඇත. ඉතිහාසයේ වාර්තා වූ වැඩිම ලෝක වෙළද පොළ ගෑස් මිල මේ මස මුල වාර්තා වූ අතර …

Continue Reading

දිලිනි යසෝදරාගෙන් අවසන් නොවිය හැකි ‘ලක් මව’ දූෂණය කෙරුණු කතාව

මෙම සිදුවීම් රසකර ඉදිරිපත් කිරීමේ මාධ්‍ය කලාවක් සමග ඒවා විනෝදයට ගන්නා විශාල පිරිස් සමාජ මාධ්‍ය ජාලයන්හි විශේෂයෙන් ෆේස්බුක්හි රොක්ව ඉන්නාහ. එවැනි තිරිසන් මැදිහත්වීම් හෙළා දකිනවුන්ද ඒ අතර ඇත. එහෙත් ඔවුන්ගේ හඬ නොඇසෙන තරමට මේ සිංහල බෞද්ධ සමාජයේ තිරිසන් ගෝසාව විශාලය. අතිශය තිරිසන්, මෘග මිනිසකු විසින් තමන් හා පෙමින් බැඳී සිටි තිස් හැවිරිදි තරුණියක් රැය දෙකක් එළිවන තෙක් නවාතැන්පලක රඳවාගෙන සිට …

Continue Reading

‘ජාතික ඇඳුමෙන් සැරසී සිටි’ තරුණ ව්‍යවසායකයින් පිරිසක් දැක අගමැති සතුටු වෙලා

රට ජාතිය ගැන හැඟීම තිබෙන තරුණ ව්‍යවසායකයින් පිරිසක් ජාතික ඇඳුමෙන් සැරසී සිටිනු දැකීම විශාල ආඩම්බරයක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (10) දින පස්වරුවේ පැවසීය. කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ පැවති ලාංකේය තරුණ ව්‍යවසායකයින්ගේ මණ්ඩලයේ 22 වැනි සංවත්සර සැමරුමට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. හිටපු සභාපති චමත් කෝට්ටගේ මහතා එම තනතුරේ කාලය අවසන් කිරීමත් ලාංකේය තරුණ ව්‍යවසායකයින්ගේ මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස …

Continue Reading

ශ්‍රී ලංකා ධජය පාපිස්නයක: සාමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් සංවාදයක්

ශ්‍රී ලංකාවේ ජාතික ධජය ඇතුළත් කර නිෂ්පාදනය කරන ලද, “Sri Lanka Flag Non-Slip Doormat” ලෙසින් අන්තර්ජාලය මගින් මිලදී ගැනීමට ඇති පාපිස්නයකට අදාළ වෙළෙඳ දැන්වීමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයන්හි වාර්තා පළ වෙමින් තිබේ. මේ ආශ්‍රිතව සාමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් සංවාදයක් ගොඩ නැගී ඇත. ශ්‍රී ලංකාවේ ජාතික ධජය මුද්‍රිත පාපිස්නයක් පිළිබඳ දැන්වීම් මෙසේ පළවී තිබුණේ අන්තර්ජාලය ඔස්සේ පාරිභෝගික භාණ්ඩ අලෙවිකරන ලොව ප්‍රමුඛ පෙළේ …

Continue Reading

අවාසනාව දිගටම ශ්‍රී ලංකාව පසුපස පන්නයි – දෙවැනි එක්දින තරගයත් අවසන් මොහොතේ පරාජ වෙයි

පිට පිටම දෙවැනි වතාවටත් ආරම්භක කඩුල්ල වෙනුවෙන් විශාල සම්බන්ධතාවයක් පැවැත්වීමට එවින් ලුවිස් සහ ෂායි හෝප් සමත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයෙන්ද කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද (13 දා) සමත්විය. පන්දු 225 කදී ගොඩනැංවුණු ලකුණු 192 ක සම්බන්ධතාවය හේතුවෙන් ජයග්‍රහණය සඳහා ලකුණු 274 ක ඉලක්කයක් හඹා ගිය කොදෙව් …

Continue Reading

මානව හිමිකම් කොමිෂම ‘ශ්‍රී ලංකාවට’ ආර්ථික සම්බාධක පැනවීම ගැන ඇත්ත කතාව කුමක්ද ?

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය මේ දිනවල පැවැත්වෙන අතර නැවතත් ශ්‍රී ලංකාව තුළ මේ පිළිබඳව දැඩි අවධානයක් යොමුවී ඇත්තේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳව වාර්තාවක් එහි සාකච්ඡාවීමත් එක්සත් රාජධානිය ඇතුළු රටවල් සමූහයක් තවත් යෝජනාවක් සම්මත කිරීමට සැලසුම් කිරීමත් හේතුවෙනි. කැනඩාව, එක්සත් රාජධානිය, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මොන්ටිනිග්‍රෝ හා මලාවි යන රටවල් ද අදාළ සමූහයට අයත් වේ. එම …

Continue Reading

සාමාන්‍ය පෙළ ප්‍රශ්නපත්‍ර ඇගයීම මාර්තු

“සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්නපත්‍ර ඇගයීම මාර්තු 27 ආරම්භ කරන අතර මැයි මාසයේ සෞන්දර්ය විෂයයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ කිරීමට ත් බලාපොරොත්තු වෙනවා”. යනුවෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසුවේ අද (10) අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන මධ්‍යස්ථානයක් වන කෝට්ටේ ආනන්ද ශ්‍රාස්තාලයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී ‍වීමෙන් අනතුරුව ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, අද අ.පො.ස සාමාන්‍ය පෙළ අවසාන …

Continue Reading

මේගන් සහ හැරී සම්මුඛ සාකච්ඡාව: බකිංහම් මාලිගය කියන්නේ කුමක් ද ?

ඔප්රා වින්ෆ්‍රී සමඟ කළ සම්මුඛ සාකච්ඡාවේදී සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය විසින් මතු කරන ලද වාර්ගිකත්වය පිළිබඳ ගැටලු “සැලකිල්ලට භාජන” වී ඇති අතර “ඉතා බැරෑරුම් ලෙස සලකනු ලැබේ” යනුවෙන් බකිංහම් මාලිගය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් මාළිගාව පැවසුවේ “මතකයන් වෙනස් විය හැක” නමුත් අදාළ කරුණු පෞද්ගලිකව විසඳනු ඇති බවය. මේගන් ඔප්රා ට පැවසූ පරිදි, නම හෙළි නොකළ පවුලේ සාමාජිකයෙකු හැරීගෙන් විමසා …

Continue Reading

ආණ්ඩුව ගැන කලකිරිච්ච නැති ගෙයකින් අබ මිටක් ගෙනත් දෙන්න – මුරුත්තෙට්ටුවේ හිමියෝ ඉල්ලති

‘හොදයි දියණිය ! මම දරුවාට ප්‍රාණය ලබා දෙන්නම්. ඔබ ගිහින් කිසිවෙකු නොමළ ගෙයකින් අබ මිටක් රැගෙන එන්න‘ මේ කතාව කිව්වේ බුදු රජාණන් වහන්සේ කිසා ගෝතමියට. එදා සිට අතිෂය දුර්ලභ, නැති නම් සොයා ගත නොහැකි දෙයක් ගැන කතා කරන විට අපි බොහෝ විට ‘නොමළ ගෙයකින් අබ මිටක් සොයා ගැනීම‘ කතාව කියනවා. පසුගිය දා මෙරට ප්‍රමුඛ භික්ෂුවක් වන, වත්මන් ආණ්ඩුව බලයට ගෙන …

Continue Reading

සමෘද්ධිලාභී පවුල් ලක්ෂ 2ක් සවිබල ගැන්වීමට රු මිලියන 10,000ක්

සමෘද්ධිලාභීන් ආදායම් ලාභීන් බවට පත්කිරීම සදහා වන  වැඩපිළිවෙල යටතේ රු මිලියන 10,000ක මුදලක් සමෘද්ධිලාභී පවුල් ලක්ෂ 2ක් සවිබල ගැන්වීම සදහා මේවන විට වෙන්කොට ඇති බව සමෘද්ධි,ගෘහ ආර්ථික,ක්ෂුද්‍ර මූල්‍ය , ස්වයංරැකියා සහ ව්‍යාපාර සංවර්ධන   රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඊයේ ( 09) පාර්ලිමේන්තුවේදී පැවසීය. අද පාර්ලිමේන්තුවේ පැවති මුදල් අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමේදී රාජ්‍ය අමාත්‍යවරයා  පවසා සිටියේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ …

Continue Reading