ශ්‍රී ලංකාව ලකුණු 377ක අභියෝගාත්මක හඹා යෑමක
පළමු ඉනිමේදී ලද ලකුණු 96 ක වාසියද සමඟ දෙවැනි ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව්වෝ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 377 ක අභියෝගාත්මක ඉලක්කයක් බ්‍රහස්පතින්දා දිනයේදී ලබා දුන්හ. ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ සිව්වැනි දින අවසන් වන විට එම ඉලක්කය හඹා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 29 ක් ලබා සිටියේය. දිනය …
Continue Reading
මද්දකට හසුවී බේරාගත් කොටියා මිය යයි
මද්දකට අසුව බෝපත්තලාව රජයේ සත්ත්ව ගොවිපොළ භූමියේ ඉතා අසාධ්‍යය තත්ත්වයෙන් සිටියදී ඉකුත් 24 දා සොයාගත් කොටියා රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඊයේ (31) මියගිය බවත් උදර ප්‍ර දේශයට දැඩි ලෙස තුවාල සිදුවීම මරණයට හේතුව බවත වනජිවි දෙපාර්තුමේන්තුවේ පශු වෛද්‍ය අධ්‍යක්ෂක තාරක ප්‍රසාද් මහතා පැවසීය. මියගිය කොටියා දිගින් අඩි 08ක් පමණ වන හොදින් වැඩුණ වයස අවුරුදු 10 ක් පමණ වන …
Continue Reading
උද්ධමනය 4.1% කින් ඉහළට
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (2013 = 100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 පෙබරවාරි මාසයේ පැවති සියයට 3.3හි සිට 2021 මාර්තු මාසයේ දී සියයට 4.1 දක්වා ඉහළ ගියේ ය. 2020 මාර්තු මාසයේ පැවති පහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 පෙබරවාරි මාසයේ පැවති සියයට …
Continue Reading
මිනිස් රුධිරය අඩංගු ‘සාතන් සපත්තුවලට’ Nike නඩු පවරයි
මතභේදාත්මක “සාතන් සපත්තු” යුගලයක් සම්බන්ධයෙන් නයිකි (Nike) සමාගම එක්සත් ජනපදයේ බෲක්ලින්හි කලා සමූහයක් වන MSCHFට එරෙහිව නඩු පවරා තිබේ. යටිකුරු කුරුසියක්, පස්කොන් තරුවක් සහ “ලූක් 10:18” යන වචන කෙටූ පාවහන් යුගල ඩොලර් 1,018කට (රුපියල් 202000කට වැඩි) මිල කර තිබූ අතර එය වෙනස්කරන ලද ‘නයිකි එයාර් මැක්ස් 97’ පාවහන් භාවිත කර නිපදවා තිබේ. MSCHF කලා සමූහය රැප් ගායක ලිල් නාස් එක්ස් …
Continue Reading
මාධ්‍යවේදිනියට ලිංගික අපහාස කළ බ්‍රසීල ජනපතිට දඩ
දේශපාලන බලවතුන්ගේ වැරදි සමාජයට හෙළිකරන මාධ්‍යවේදීන්ට හිරිහැර සහ තාඩන පීඩන එල්ල වීම බොහෝ රටවලින් නිරන්තරයෙන් වාර්තා වෙයි. එවැනි අවස්ථාවක යුක්තිය සර්ව සාධාරණව ඉෂ්ඨ වූ බව වාර්තා වූයේ නම් ඒ කලාතුරකිනි. නමුත් මාධ්‍යවේදිනියකට ලිංගික අපහාසයක් කරන ලද ජනාධිපතිවරයෙකුට අධිකරණයෙන් දඬුවම් නියම කළ පුවතක් පසුගියදා බ්‍රසීලයෙන් වාර්තා විය. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ මෙම ජනාධිපතිවරයාගේ පුත්‍රයා ද මීට පෙර එම වරදට ම දඬුවම් ලබා …
Continue Reading
ශ්‍රී ලංකාව ලකුණු 250/8යි – ලකුණු 104ක් පිටුපසින්
වර්ෂාව හේතුවෙන් පන්දුවාර 42.1 කට සීමා වුණු තෙවැනි දිනයේදී සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් ලකුණු 114 ක් පමණක් රැස් කර ගැනීමට සමත් වද්දී සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නෝ තවත් කඩුලු 5 ක් දවා ගනිමින් පීඩනය ශ්‍රී ලංකා කණ්ඩායම දෙසට එල්ල කළහ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී සත්කාරකයින්ට වඩා ලකුණු 104 ක් පිටුපසින් සිටින අතර ඉතිරිව ඇත්තේ කඩුලු 2 ක් පමණි. ශ්‍රී ලංකාව සතු එකම සැනසිල්ල …
Continue Reading
කෘෂිකර්ම රාජ්‍ය ඇමති ශෂින්ද්‍ර රාජපක්ෂ කෘෂිකර්මාන්තයේ ගැටලු සහ ප්‍රවණතා ගැන විශේෂ හෙළිදරව්ව
සෞභාග්‍යයේ දැක්ම තුළින් දේශීය ආර්ථිකය නඟාසිටුවීමට සහ දේශීය ගොවියා ශක්තිමත් කිරීමට රජය ගෙනයන වැඩපිළිවෙළ ජයගැනීමට ඇති ඉලක්ක සහ අභියෝග පිළිබඳව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා දිනමිණ සමඟ සිදු කළ සම්මුඛ සාකච්ඡාවකි මේ. – බීජ ගම්මාන ඇති කරලා බීජ ගැටලුව විසඳනවා – වගා කිරීමට සුදුසු ස්ථාන තෝරාගෙන වගා කරනවා – අතිරික්තයක් තුළින් තමයි මිල පාලනය කරන්න පුළුවන් – කාලසටහනකට අනුව බෝග වගා කළ යුතුයි – පලතුරු …
Continue Reading
AURA LANKA රාජාංගනයේ යාය 18 ගම්මානය වනසයි
රාජාංගනය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංක 456 තුලාන ග‍්‍රාම නිලධාරී වසමේ යාය 18 ගම්මානයේ නීති විරෝධී ව, අවුරා ලංකා හර්බල් පුද්ගලික සමාගම මගින් ක්‍රියාත්මක කරන මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් වගා බිම්, වැව්, ඇළ මාර්ග, මහා මාර්ග හා ජනාවාස විනාශයට ලක් කිරීම හේතුවෙන් ජන දිවිය දරුණු බිඳ වැටීමකට ලක් වෙමින් තිබේ. දැනට වසර දෙකකට වැඩි කාලයක සිට ගොවි පවුල් 80 …
Continue Reading
රුපියල තවත් බාල්දු වෙයි
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අද (31) දිනයේ රුපියල තවත් පහතට වැටී එහි විකුණුම් මිල රුපියල් 202.0400 ක් ලෙස සටහන් වූ අතර ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල වශයෙන් සදහන් වූයේ රුපියල් 197.62කි. රුපියල මේ ආකාරයෙන් දිගින් දිගටම අවප්‍රමාණය වීම ගැන අදහස් දක්වන ආර්ථික විශේෂඥයින් කියන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා මෝටර් රථ ආනයනය ද දැඩිව පාලනය කර තිබියදී රුපියල මේ ආකාරයෙන් පහත වැටීම ශ්‍රී ලංකාවට …
Continue Reading
චීනය පරිත්‍යාග කළ කොවිඩ් මර්දන එන්නත් තොගය ජනපති ගුවන් තොටුපොලේ දී භාර ගනී
චීන රජය ප්‍රදානය කළ කොවිඩ් මර්දන එන්නත් තොගය චීන තානාපති චී.ජෙන්හොන් (Qi Zhenhong) මහතා විසින් අද (31) දහවල් කොළඹ බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපොළේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් භාරදෙනු ලැබීය. ජනාධිපතිවරයා චීන ජනාධිපති ෂී ජිං පින් මැතිතුමාගෙන් කළ ඉල්ලීම අනුව එන්නත් තොගය ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරිණ. චීනයේ බීජිං අගනුවර ජාතික බයෝටෙක් ඖෂධ සමාගම “සිනොෆාම්” කොවිඩ් මර්ධන එන්නත නිෂ්පාදනය කර තිබේ. …
Continue Reading