ඇමති සරත් වීරසේකර හෙළි කළ ‘පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන්’ කවුද ?
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු අන් කිසිවෙක් නොව නවුෆර් මවුලවි සහ හජ්ජුල් අක්බාර් බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර කියා අවධාරණය කළේය. පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම් වාර්තාව අධ්‍යයනයට පත් කළ අමාත්‍ය අනුකමිටුවේ නිර්දේශ පිළිබඳ දැනුම්දීම සඳහා අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී ඇමතිවරයා මේ බව අනාවරණය කළේය. මෙහිදී වැඩි දුරටත් කරුණු හෙළිකළ සරත් වීරසේකර ඇමැතිවරයා, “අපි මහ …
Continue Reading
පාම් තෙල් තහනම: බේකරි නිෂ්පාදනවලට බරපතළ ගැටලු
පාම් ඔයිල් ආනයනය තහනම් කරමින් ඊයේ (05) නිකුත් කළ ගැසට් නිවේදනය වෙනස් වීමට ඉඩ ඇතැයි ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසුවේය. පාම් ඔයිල් තහනම් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ විවිධ අදහස් ඇති බවත් අද (06) උදෑසනද ඒ පිළිබඳ සාකච්ඡා කළ බවත් කී ඇමැතිවරයා බොහෝ දුරට අදාළ ගැසට් නිවේදනය සංශෝධනය …
Continue Reading
හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් නොකරන්නේ ඇයි ? ඇත්ත හේතු මෙන්න !
සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධාන ආධාරකරුවන් හා මහවැලි අධිකාරියේ නිලධාරීන්ට යැපීම් දීමනා ලබා දෙන මහ පරිමාණ ව්‍යාපාරිකයන් අනවසර වගා බිම් පවත්වාගෙන යාම හේතුවෙන් 2011 වසරේ දී යෝජනා කළ හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය වසර 10 ක් ගත වී ඇතත් තව ම ප‍්‍රකාශයට පත් කිරීමට අවස්ථාව ලබා නොදෙයි. …
Continue Reading
Online porn websites ගැන අලුත්ම හෙළිදරව්ව
එක්සත් රාජධානියේ ප්‍රමුඛ වැඩිහිටි වෙබ් අඩවි භාවිතා කරන්නන් සඳහා ප්‍රවර්ධනය කරන ලද අසභ්‍ය වීඩියෝ අටෙන් එකක් ලිංගික අතවර ක්‍රියාවන් විස්තර කරන පෙළ සමඟ ලේබල් කර ඇති බව අධ්‍යයනයකින් සොයා ගෙන ඇත. එය Pornhub, XVideos සහ XHamster හි දියත් කිරීමේ පිටුවල වීඩියෝ 131,738ක මාතෘකා සහ විස්තර විශ්ලේෂණය කර ඇත. Pornhub, XHamster සහ XVideos තෝරාගෙන ඇත්තේ එක්සත් රාජධානියේ වැඩිපුරම නරඹන ලද අසභ්‍ය …
Continue Reading
Virtual assistants: ‘කෝටානා’ සමු ගනී – ‘සිරිට’ අලුත් හඬක්
මයික්‍රොසොෆ්ට් වර්චුවල් සහායක ‘කෝටානා’ (Cortana) ජංගම දුරකථනවලින් විශ්‍රාම ගැන්වීමට නියමිතය. ඒ වෙනුවට, මයික්‍රොසොෆ්ට් සමාගම ‘වින්ඩෝස් 10’ (Windows 10), අවුට්ලුක් (Outlook) සහ ටීම්ස් (Teams) හි ඵලදායිතාව වැඩි කිරීමට සහාය ලබා දීම කෙරෙහි අවධානය යොමු කරනු ඇත. අපගේ විධානයන්ට සහ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින් කාර්යයන් සහ සේවාවන් ඉටු කර දෙන පරිගණක මෘදුකාංග වර්චුවල් සහායකයන් (Virtual assistants) ලෙස හැඳින්වේ. ඇපල් හි ‘සිරි’ සහ ගූගල් …
Continue Reading
Covid-19: ඉන්දියාවේ දිනක ආසාදිතයන් 100,000 ඉක්මවයි
රට තුළ පැතිරයමින් පවතින මාරක කොරෝනා වෛරස් දෙවන රැල්ල හමුවේ එය මැඩලීමට ගෙනයන එන්නත් කිරීම් තවත් වේගවත් කිරීමට අසල්වැසි ඉන්දියාව පියවර ගෙන තිබේ. ඉරිදා (අප්‍රේල් 04), ඉන්දියාවෙන් ලක්ෂය ඉක්මවා ආසාදිතයන් වාර්තා විය. වසංගතය ආරම්භ වීමෙන් පසු ඉන්දියාව එම සීමාවට ලඟා වූ පළමු අවස්ථාව මෙයයි. වයස අවුරුදු 45 ඉක්මවූ එරට ඕනෑම අයෙකුට කොරෝනා එන්නත ලබා ගැනීමට සුදුසුකම් ලබා සිටී. ඇතැම් ප්‍රාන්ත …
Continue Reading
අලි-මිනිස් ගැටුමට පහසු විසඳුම්: අපූරු තොරතුරු එකතුවක්
මීට වසර සියයකට පෙර ශ්‍රී ලංකාවේ වන අලි 20,000 කට වැඩි ගණනක් වාසය කර ඇති බවට දත්ත සොයා ගැනීමට තොරතුරු මුලාශ්‍ර පවතී. එම වන අලි ගහණය අද වන විට 6,000 කට පමණ අඩු වී ඇත. ග්‍රාමීය ප්‍රදේශවල ජනගහනය අඛණ්ඩව වර්ධනය වන අතර මේ නිසාම වනජීවී වාසස්ථාන තවදුරටත් ආක්‍රමණය වෙමින් පවතියි. ඒ හේතුවෙන් වන සතුන් සහ මිනිසුන් අතර ඇතිවන ගැටුම්කාරී තත්ත්වය …
Continue Reading
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිගෙන් අපූරු සහතිකයක්: ‘ගස් කැපුවට ඔක්සිජන් අඩු වෙන්නේ නෑ’
‘ගස් කපා දැමීම නිසා ඔක්ෂිජන් අඩුවන බව පැවසීම අසත්‍යයක් බවත් ගස් කපා දැමීම මගින් ඔක්සිජන් අඩු කළ නොහැකි බවත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ මහතා අවධාරණයෙන් සදහන් කළා. මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා මෙම ප්‍රකාශය කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති ‘තිරසර සංවර්ධන සංවාදය‘ නම් වැඩසටහනේදීයි. කොළඹ නගරයේ ඔක්සිජන් අඩුවීම හා වනාන්තර එළි කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයාගෙන් ප්‍රශ්න …
Continue Reading
සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න 02ක් ඇසීමට මන්ත්‍රීවරයන්ට අවස්ථාව
පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරයන්ට හදිසි පොදු වැදගත්කමකින් යුතු කාරණයක් පිළිබඳව සභාව කල් තබනු ලබන අවස්ථාවේදී ප්‍රශ්න ඇසීමට අවස්ථාවක් සලසා දීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් තීරණය කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය. ඒ අනුව සභාව කල් තබන අවස්ථාවේදී යෝජනා සඳහා වෙන්කළ දිනයන්හිදී, ඒ සඳහා වෙන්කර ඇති පැයක කාලයෙන් මිනිත්තු විස්සක (20) කාලයක් “සභාව කල් තබන අවස්ථාවේ …
Continue Reading
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ වාර්තා විමර්ශනයට පත් කළ ‘කැබිනට් අනු කමිටුවේ වාර්තාව’ ජනපතිට
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව අධ්‍යයනය කර ඒ පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමේ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දෙනු ලැබීය. කමිටුවේ සභාපති, අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී වාර්තාව භාර දුන්නේය. 2021 …
Continue Reading