දත්තවලින් කියනවාට වඩා ‘භූමියේ තත්ත්වය බියකරුයි’ PHI සංගමය
කොවිඩ් 19 ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ගැන ඉදිරිපත් කෙරෙන දත්තවලින් එම රෝගය පිළිබඳ නිවැරදි තත්ත්වය පෙන්නුම් නොකරන බවත් ‘බිමේ පවතින තත්ත්වය මීට වැඩිය බැරෑරුම් සහ අවදානම්” බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි. ඊයේ (10) බදුල්ලේ පැවති මාධ්‍ය හමුවකදී උපුල් රෝහණ මහතා මේ බව සදහන් කළේය.
Continue Reading
ජනාධිපතිවරයාගේ හිතුවක්කාර හැසිරීම නිසා අද අපේ රටේ මිනිස් ජීවිත බිළි ගනිමින් තිබෙනවා – අනුර
‘‘වහාම කොවිඩ් තත්වය මැඩපැවැත්වීමට අසමත් වුවහොත් විශාල සමූහ මිනිස් ඝාතන බවට වර්ධනය වීමේ ඉඩකඩ තිබෙනවා. මේ කිසිවක් වෛරසයේ ස්වභාවික තත්වය නොවේ. මේ බොහෝ කරුණු ජනාධිපතිවරයා, ආණ්ඩුව සහ අනිකුත් පරිපාලන ක්‍ෂේත්‍ර විසින් කරන ලද නොසලකා හැරීම්, අත්හැරීම් සහ වැරදි තීන්දු මේ තත්වයට මූලික වී තිබෙනවා. විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ උඩඟු, මෝඩ අපරිණත නායකයෙක් විදිහට කටයුතු කිරීමෙන් ව්‍යසනයක් ඇතිවී තිබෙනවා. කිසිවෙකුට ඇහුම්කන් නොදෙන, හිතුවක්කාර, …
Continue Reading
ජනපතිත් විනාශ කරගෙන ‘ජනපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි තම සිරසේ තරම’ ලෝකයට පෙන්වයි !
ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා විසින් ඊයේ (10) ජනමාධ්‍ය වෙත යොමු කළ ප්‍රකාශය ජනමාධ්‍ය තුළ, සමාජමාධ්‍ය තුළ මෙන්ම ජනතාව අතර ද මහත් ආන්දෝලනයටත් උපහාසයටත් ලක්ව තිබෙනවා. ඊට හේතු වන්නේ කිංස්ලි රත්නායක මහතා විසින් නිකුත් කළ ප්‍රකාශයේ සදහන් ‘‘ මේ අතර චීනයේ “සයිනොෆාම්” එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණු අතර, එය භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිව …
Continue Reading
අද මධ්‍යම රාත්‍රියේ සිට මැයි මස 30 දක්වා සියලු පළාත් අතර සංචාරණ සීමා පනවයි
අද (11) මධ්‍යම රාත්‍රියේ සිට 30 වනදා මධ්‍යම රාත්‍රි දක්වා අන්තර් පළාත් සංචරණ සීමා පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. කෙසේ වෙතත් එම සීමා අත්‍යවශ්‍ය සේවා සඳහා අදාළ නොවන බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය. ඒ අනුව අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියේදී නිවේදනය කරන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය. මේ අතර කොවිඩ් 19 වසංගතය …
Continue Reading
කොවිඩ් වසංගත සමයේ ලෝකය ඉගෙන ගත් ‘වැදගත්ම පාඩම්’ 07ක්
දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු මානව වර්ගයා මුහුණ දුන් නරකම වසර 2020 වූ අතර ඇතැම් රටවලට 2021 ද බියකරු අත්දැකීමක්ව පවතී. 2021 අප්‍රේල් මස අග වන විට මිලියන 3.1 කට අධික ජනතාවක් කොවිඩ් -19 මිය ගොස් ඇත. ලෝකයේ විශාලතම ආර්ථිකය ඇති රට වන ඇමරිකාවේ ජීවිත 580,000 ක් විනාශ වී ඇති අතර එය ගෝලීය මරණ සංඛ්‍යාවෙන් 20% කට ආසන්න ප්‍රමාණයකි. වසංගතය තවමත් උග්‍ර වෙමින් …
Continue Reading
අත්‍යවශ්‍ය සේවා සීරුවෙන් තබන ලෙස දිස්ත්‍රික් හා ප්‍රා. ලේකම්වරුන්ට නියෝග
Continue Reading
COVID-19 ක්‍රියාකාරී කාර්ය සාධන කමිටුවෙන් නව තීන්දු
කොවිඩ් වෛරසය සිඝ්‍රයෙන් පැතිරී යාම හේතුවෙන් කොවිඩ් මර්දනය සඳහා ක්‍රියාමාර්ග හා දැඩි තීන්දු තීරණ ගැනීමට විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුවේ විශේෂ රැස්වීමක් අද දින (10) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි. මෙම විශේෂ කාර්යසාධන සමාලෝචන කමිටුව වෛද්‍ය පරිපාලකයන්, පරිපාලන සේවයේ නිළධාරීන් හා විශේෂඥ වෛද්‍යවරුන්, මහාචාර්යවරුන් නියෝජනය කරයි. මෙහිදී පහත තින්දු තීරණ ගන්නා ලදි. කොළඹ, කළුතර, ගම්පහ …
Continue Reading
‘ඉටුකම අරමුදලේ’ ශේෂය රු. 1,360,922,969.24ක එන්නත්කරණයට
වත්මන් කොවිඩ් වසංගත අවදානම හමුවේ රජයේ කාර්යාල සහ සේවා ස්ථානවලට ඒවා පිහිටි දිස්ත්‍රික්කවලට පිටත දිස්ත්‍රික්ක වලින් සේවකයන් කැඳවීම සීමා කරන්නැයි ආයතන ප්‍රධානීන්ට උපදෙස් නිකුත් කළ බව කොවිඩ්19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා. මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කළ යුද්ධ හමුදාපතිවරයා මෙසේ ද පැවසුවේය.‘‘අද බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වු කාර්යසාධන බළකා …
Continue Reading
රට වසා දැමීමක් නැහැ – පළාත් අතර සංචරණ සීමා පැනවීමට සූදානමක්
උග්‍ර වෙමින් පවතින කොවිඩ්-19 ව්‍යාප්තිය හමුවේ රට වසා දැමීම සදහා මේ දක්වා තීන්දුවක් ගෙන නැතත් ඉදිරියේදී පළාත් අතර සංචරණ සීමා පැනවීමේ සූදානමක් පවතින බව කොවිඞ් පාලන මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය. පළාත් අතර සංචරණ සීමා පැනවීම සඳහා මේ වන විට අවධානය යොමුව ඇත්තේ විනෝද චාරිකා, උත්සව වැනි අත්‍යාවශ්‍ය නොවන ගමන් බිමන්වල යෙදෙන ජනතාව ඉන් වළක්වා …
Continue Reading
ඉන්දියාවේ ‘කොරෝනා වීරයා‘
හින්දු ජාතිවාදය සහ ආගම්වාදය කරපින්නා ගෙන බලයට පැමිණ අද සමස්ත ඉන්දියානුවන්ගේම පිළිකුළට සහ විරෝධයට ලක්ව සිටින අගමැති මෝදි කොවිඩ් වසංගතය අතරතුර පවා කිසිම හිරිකිතකින් තොරව ඩොලර් බිලියන ගණනක් වැයකර නව නගරයක් නිර්මාණය කරද්දී වසංගතයේ ගොදුරු බවට පත් ඉන්දියාවේ මිනිසුන් මහමග මියයන ආකාරය දැන් සුලභ දසුනක්. ඒ ගැන මුළු ලෝකයම කම්පා වෙනවා. මේ අතර හින්දු ආගම නිසාම බලයට පත්ව බලය පවත්වා …
Continue Reading