කොවිඩ් ආසාදිත මරණ වාර්තාව යළිත් අලුත් වෙයි
කොවිඩ් – 19 වසංගතය ආරම්භයේ සිට මේ වනවිට මෙරටින් දිනක වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව අද (22) වාර්තා වුණා. එම ගණන 44ක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිල නිවේදනයේ සදහන් වුණා. මෙම වරණ 44 සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 1,132ක් දක්වා ඉහළ ගිය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ එම නිවේදනයේ …
Continue Reading
අද රාත්‍රී 11 සිට අගහරුවාදා අළුයම 04.00 දක්වා ‘අත්‍යවශ්‍ය සේවා’ ක්‍රියාත්මක ආකාරය
අද (21) රාත්‍රී 11.00න් පසු මැයි මැයි 25 වැනි අගහරුවාදා අළුයම 04.00 දක්වා දිවයින පුරා අඛණ්ඩව සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලය තුළ අත්‍යාවශ්‍ය සේවා ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ රජය විසින් අද (21) ප්‍රකාශයට පත්කළා. සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලය තුළ ඔසුසැල් විවෘතව තැබෙන අතර අවශ්‍යතාව අනුව පුද්ගලයින්ට ආසන්නතම ඔසුසැල හෝ රෝහල වෙත ගමන් කළ හැකිය. බේකරි විවෘතව තැබෙන අතර …
Continue Reading
අපි වගකීමෙන් කියනවා ‘කොරෝනා තුන්වැනි රැල්ල’ නිර්මාණය කළේ ආණ්ඩුවයි – ටිල්වින් සිල්වා
“අපි වගකීමෙන් කියනවා, මේ කොරෝනා තුන්වැනි රැල්ල නිර්මාණය කළේ ආණ්ඩුවයි. ඔවුන් එය දැනුවත්ව හිතාමතාම හැදුවා. ආණ්ඩුවට ඒ පිළිබඳව තොරතුරු ලැබී තිබුණා. ඒත් පාලනය කිරීමට පියවර ගත්තේ නැහැ. තමන්ගේ ගජමිතුරන්ට ව්‍යාපාරිකයින්ට මුදල් හම්බකරගැනීමට අවස්ථාව සලසා දුන්නා‘‘ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළේ අද (21) බත්තරමුල්ල, පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද (21) …
Continue Reading
අගමැති මහින්ද ‘මහ බැංකු අධිපතිගෙන්’ විශේෂ ඉල්ලීමක් කරයි
රටේ ආර්ථිකය සම්බන්ධ තීරණ ගැනීම හා මග පෙන්වීමේ සාකච්ඡාවක් මුදල් අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. මහ බැංකු අධිපතිවරයා ඇතුළු මහ බැංකුවේ උසස් නිලධාරි පිරිසක් පැමිණ මෙම හමුවේ දී රටේ වත්මන් ආර්ථිකය සහ ඒ සම්බන්ධයෙන් වූ විශ්ලේශනයන් පැහැදිලි කළේය. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ගෙන ඇති පියවර …
Continue Reading
කොරෝනා මර්දනයේ ගැටලු මාධ්‍යවලට නොකියා කෙලින්ම මට කියන්න – ජනපති අවධාරණය කරයි
කොවිඩ් පාලනය සඳහා අද (21) රාත්‍රී 11.00 සිට සංචරණ සීමා පැණවීමේදී ජනතාවට සහ ආර්ථිකයට බලපෑමක් ඇති නොවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණ රැසකට එළැඹෙයි. කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ ජනාධිපතිවරයා අමාත්‍යවරුන් සහ අදාළ නිලධාරීන් දැනුවත් කළේය. සංචරණ සීමා පැනවෙන කාලය තුළ කර්මාන්ත ශාලා අඛණ්ඩව පවත්වාගෙන යාම, …
Continue Reading
තත්ත්වය දරුණුයි – සති දෙකක් රට වසා දමන්න – වෛද්‍ය සංගම් හතරක් රජයට බලකරයි (වීඩියෝ)
ලබන අඟහරුවාදා සංචරණ සීමා ලිහිල් නොකර දින 14ක් අඛණ්ඩව සංචරණ සීමා පැනවිය යුතු බව අද (21) කොළඹදී පැවති වෛද්‍ය සංගම් හතරක ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී දැඩිව අවධාරණය විය. අද (21) කොළඹදී පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාව සදහා, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා වෛද්‍ය අන්තර් විද්‍යාතන කමිටුව සහභාගී විය. මෙහිදී අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර ප්‍රනාන්දු …
Continue Reading
චීනය ශ්‍රී ලංකාව සමග කරන ‘එන්නතත් රාජ්‍ය තාන්ත්‍රිකභාවය’ ගැන BBC ලොවට කියන කතාව
චීනය ශ්‍රී ලංකාවේ සහන සේවා වේගවත් කරමින් සිටින අතර විශේෂඥයන් පවසන්නේ එහි බලපෑම තවදුරටත් ශක්තිමත් කළ හැකි බවයි බිලියන දෙකකට ආසන්න ජනගහනයක් සිටින දකුණු ආසියාව, මෑත කාලීන මතකයේ දරුණුතම සෞඛ්‍ය අර්බුදයට මුහුණ දී සිටී. ඉන්දියාව සහ එහි අසල්වැසියන් කොරෝනා වයිරස් ආසාදනවල දරුණු වැඩිවීමක් දකින අතර ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල් විශේෂයෙන් අවදානමට ලක්ව ඇත. කෙසේ වෙතත්, චීනය මෙම රටවල සිය සහන කටයුතු …
Continue Reading
කොවිඩ් ආසාදිත මරණ 38ක්
ඊයේ (20) කොවිඩ් ආසාදිත පුද්ගලයින් 38 දෙනකු මියගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිල නිවේදනයක සදහන් වේ. එම මාධ්‍ය නිවේදනය පහත පළ වේ.
Continue Reading
කොවිඩ් වසංගතය මැද්දේ ‘ඩෙංගුත්’ හිස ඔසවයි
ශ්‍රී ලංකාව කොවිඩ් දෙවෙනි රැල්ලෙන් පීඩා විඳින අතරේ ඩෙංගු යළි හිස එසවීමේ දැඩි අවදානමක් ඇති බවට ජාතික ඩෙංගු මර්දන ඒකකය අනතුරු අඟවයි. “මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මේ වෙලාවේ කොවිඩ් 19 පාලනය සඳහා විශාල කැප කිරීමක් කරනවා. ඒ නිසා මේ අවස්ථාවේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ඩෙංගු ගැන කැප කරන්න තියෙන කාලය අඩුයි. ඊට මුහුණ දෙන්න මේ වෙලාවේ ජනතාවගේ සහය …
Continue Reading
කොවිඩ් මර්දනයේදී ලෝකෙටම ආදර්ශයක් වූ ‘සිංගප්පූරුවේ සහ තායිවානයේ’ පසුව සිදුවූ වැරැද්ද කුමක් ද ?
කොවිඩ් වසංගතය ආරම්භයේදී සහ එය පළමු – දෙවැනි ආදි රැලි ඇතිවන විට වසංගත විද්‍යාඥයින්ගේ සහ මාධ්‍යවල දැඩි ප්‍රශංසාවට ලක් වූ රටවල් අතර තායිවානය සහ සිංගප්පූරුව ඉහළින්ම තිබුණේය. එම රටවල් දෙක වර්ණනාවට ලක් වුණේ කොවිඩ් ආසාදිතයින් ශූන්‍ය කළ හෝ තනි ඉලක්කමට ගත් රටවල් වශයෙනි. නමුත් මේ මාසයේ සිංගප්පූරුව සහ තායිවානය යන රටවල හදිසි හා ආක්‍රමණශීලී සිදුවීම් ඉහළ ගොස් තිබේ. පසුගිය සතියේ …
Continue Reading