මෙරට සිදුවන මරණ වලින් 83%කට වගකිව යුතු ‘බෝ නොවන රෝග‘

මෙරට සිදුවන මරණ වලින් 83 %ක් සිදු වන්නේ හෘද රෝග, පිළිකා, දියවැඩියාව, වකුගඩු  රෝග වැනි ප්‍රධාන බෝනොවන රෝග හේතුවෙන් බවත්, එවැනි බෝනොවන රෝග මර්දනය සදහා ගත යුතු ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සදහා තමා නායකත්වය ගන්නා බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. සෞඛ්‍ය අමාත්‍යවරිය මේ බව පැවසුවේ අද (16) දින රැස් වූ ‘‘බෝ නොවන රෝග පිළිබද ජාතික කවුන්සිලය හමුවේදීය. සෞඛ්‍ය අමාත්‍ය …

Continue Reading

Online හරහා මත්පැන් අලෙවියට අවසර හිමිවෙයි

ඔන්ලයින් ක්‍රමයට මත්පැන් ඇණවුම් කර නිවෙස්වලට බෙදාහැරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට මුදල් අමාතයංශයේ ඇනුමැතිය ලැබුණු බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කෝවිඩ් – 19 වයිරසය පාලනය කිරීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අවසරය ලැබුණු විගස අද (16) පස්වරුවේ සිට ඔන්ලයින් හරහා  මත්පැන් අලෙවි කිරීමේ හැකියාව ලැබෙන බවයි සුරාබදු  දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ. රජයේ මෙම වැඩපිළිවෙළට සමාජමාධ්‍ය වල ‘සුපිරි‘ ප්‍රතිචාර ලැබී ඇති නමුත් එය ආණ්ඩුව අවබෝධ කරගත …

Continue Reading

පාරිසරික නොබෙල් ත්‍යාගය වන ‘The Blue Planet Prize 2021’ මහාචාර්ය මොහාන් මුණසිංහට

සංවර්ධනය පිළිබඳ මුණසිංහ ආයතනයේ (Munasinghe Institute for Development – MIND) ආරම්භක සභාපති මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධානතම ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලැබීමට නියමිතය. වර්ෂ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගය සඳහා ශ්‍රී ලංකා භෞතික විද්‍යාඥ හා ආර්ථික විද්‍යාඥ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා තෝරාගෙන තිබේ. “පාරිසරික නොබෙල් ත්‍යාගයකට” සමාන යැයි සැලකෙන ඉහළම ජාත්‍යන්තර සම්මානය වන බ්ලූ ප්ලැනට් සම්මානයට ජපානයේ ‘අසාහි ග්ලාස්’ පදනම විසින් අනුග්‍රහය දක්වන …

Continue Reading

ණය අයකර ගැනීමේ දී ජනතාව මුහුණදෙන ගැටලු අවම කරන්න – අගමැතිගෙන් නියෝග

කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටින ජනතාවගෙන් ණය අයකර ගැනීමේ දී ඔවුන් මුහුණපාන ගැටලු අවම කිරීම සඳහා සුදුසු පියවරක් අනුගමනය කරන්නැයි මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (16) දින අරලියගහ මන්දිරයේ දී මහ බැංකු නිලධාරීන්ට උපදෙස් දුන්නේය. වර්තමාන ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මහ බැංකු නිලධාරින් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය. කොවිඩ් වසංගතය …

Continue Reading

සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ප්‍රවර්ධනයට ඉන්දීය සහාය

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රකාරව “සූර්ය බලශක්ති” උත්පාදනය වැඩිකර, ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති දායකත්වය ඉහළ නැංවීම වේගවත් කිරීමට පියවර ගැනේ. රජයේ ගොඩනැඟිලි, ආගමික සිද්ධස්ථාන සහ අඩු ආදායම්ලාභී නිවෙස් දායක කර ගනිමින් සූර්ය බලශක්තිය උත්පාදනය රජයේ ප්‍රමුඛ සැලසුමකි. අඩු ආදායම්ලාභී ගෘහ ඒකක සඳහා ආර්ථික ප්‍රතිලාභ ළඟා කරදීම සහ රජයේ ආයතනවල විදුලිය වෙනුවෙන් වැය වන වියදම කපා හැරීම එමගින් අපේක්ෂා කෙරේ. මෙම ව්‍යාපෘති …

Continue Reading

කාන්තාවන්ගේ සනීපාරක්ෂාව වෙනුවෙන් ඊවා – Eva රතුකුරුස සමාජය සමඟ අත්වැල් බැඳ ගනී

කොවිඩ් 19 වසංගතයේ බලපෑම මධ්‍යයේ පැමිණි අයහපත් කාලගුණික තත්ත්වය නිසා මේ වනවිට  දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවක ජනතාව දහස් ගණනින් විපතට පත් වී සිටී. සංචරණ සීමා පැනවී විවිධ දුෂ්කරතා මැද සිටි පිරිසකට අධික වර්ෂාපතනය සමඟ පැමිණි ගංවතුර හා නායයෑම් ව්‍යසනයන් නිසා කබලෙන් ලිපට වැටුණු තත්වයට පත්වීමට සිදු වී ඇත. මේ දුෂ්කර අවස්ථාවේදී සිය මූලික අවශ්‍යතාවයන් පවා සපුරා ගැනීමට නොහැකිව අසරණව සිටින සුවසක් …

Continue Reading

වස විස ප්‍රතික්ෂේප කරන ඔබට ‘ස්වාභාවික Deodorants‘

කෘත්‍රිම රූපලාවන්‍ය නිෂ්පාදනවලට තිබෙන ගෝලීය ඉල්ලුම ක්‍රමයෙන් හැකිලෙමින් තිබෙනවා. ධනවත් රටවල වගේම ධනවත් පුද්ගලයින් දැන් ස්වභාවික අමුද්‍රව්‍ය වෙත වැඩි වැඩියෙන් යොමු වෙනවා. ඊට බලපාන ප්‍රධාන කරුණ ‘සෞඛ්‍ය ආරක්ෂාව‘යි. නැතහොත් කෘත්‍රිම නිෂ්පාදනවලින් විවිධාකාරයේ ගැටලු ඇති වීමයි. මේ තත්ත්වය බොහෝ දෙනෙක් ශරීරයේ දුර්ගන්ධය ඉවත් කිරීමටනිතර නිතර භාවිතා කරන ශරීර සුවදකාරයක් වන ‘ඩියෝඩ්‍රන්ට්‘  Deodorants සම්බන්ධයෙන් වඩාත් බලපෑම් කර තිබෙනවා. ඊට හේතුව එය සිරුරේ …

Continue Reading

කාන්තාවන් සරාගී වන්නේ කෙසේද ? අලුත්ම ප්‍රමිතියට අභියෝගයක් !

සමාජ මාධ්‍යවල නිරන්තරයෙන් පළ වන දේෂ සහිත සෙල්ෆි නිසා රූපලාවන්‍ය මෙන්ම කාන්තාවන් අතර මානසික ආතතිය ඇතුළු ගැටලු රැසක් පැන නැගී ඇති බව මනෝ විද්‍යාඥයින් මෙන්ම රූපලාවන්‍ය විශේෂඥයින් ද කියනවා. මේ විනාශකාරී චර්යාව සම්බන්ධයෙන් අදහස් දක්වන ප්‍රවීන රුපලාවන්‍ය විශේෂඥ අරුන්දතී මල්හෝත්‍රා මෙසේ කියනවා. ‘‘ සමාජ මාධ්‍ය ව්‍යාජ රූපලාවන්‍ය ප්‍රමිතීන් දක්වන දෝෂ සහිත සෙල්ෆි වලින් පිරී ඇති අතර ඒවා වේගයෙන් වෛරස් වේ. ඒත් …

Continue Reading

මාස දෙක තුනකින් බිත්තර සහ කුකුළු මස් වල දැඩි හිඟයක්

කුකුල් කෑම නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුඅමුද්‍රව්‍යවල හිඟය හේතුවෙන් තව මාස දෙක තුනකින් බිත්තර සහ කුකුළු මස් වල දැඩි හිඟයක් මතුවීමට ඉඩ ඇතැයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පැවසී ය. ගුණසේකර මහතා වැඩි දුරටත් කියා සිටියේ කුකුළු කෑම නිෂ්පාදනයට යොදා ගන්නා තිරිඟු ආනයනය කිරීමට මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට පමණක් අවස්ථාව හිමි වී ඇති හෙයින් කුකුළු කර්මාන්තයේ නියැලී සිටින …

Continue Reading

සංචරණ සීමා ඉවත් කරනවාද – නැද්ද ? : ඇමැති කෙහෙළියගේ ‘වැනෙන පිළිතුර‘

දැනට ක්‍රියාත්මක වෙමින් තිබෙන සංචරණ සීමා ලබන 21 වැනිදා ඉවත් කරන්නේ ද යන්න තීරණය කරන්නේ ලබන 19 වැනිදා හෝ 20 වැනිදා බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි. කොරෝනා යනු නිතර වෙනස් වන තත්වයක් බැවින් සංචරණ සීමා ඉවත් …

Continue Reading