ඩෙල්ටා ප්‍රභේදය මතුවීමේ අවදානමක් තිබෙනවා – රාජ්‍ය ඇමති සුදර්ශනී
ජනතාව සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය නොකළහොත් තවත් සති දහයකින් පමණ පසු මෙරටේ ප්‍රධාන කොවිඩ් ප්‍රභේදය බවට ඉන්දීය සැර ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය පත්විය හැකි බවට වෛද්‍ය විශේෂඥයින් අනතුරු අඟවා ඇතැයි කොරෝනා මර්ධන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියයි. මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ රාජ්‍ය අමාත්‍යවරිය මෙසේද කීවාය. ‘රටේ සෞඛ්‍යමය අවදානම කිසිසේම පහව ගොස් නැහැ. ඩෙල්ටා ප්‍රභේදය මතුවීමේ අවදානමක් තිබෙනවා. …
Continue Reading
පොහොට්ටුවේ මැර දේශපාලනය ලත් තැනම ලොප් කළ යුතුයි – අනුර කුමාර දිසානායක
“ජනතාවගේ උද්ඝෝෂණවලට මැර කණ්ඩායම් යොදලා තර්ජනය කර පහර දෙමින් යන්න හදන මේ ගමන ආරම්භයේදීම අප පරාද කළ යුතුයි. නැත්නම් මාධ්‍යවේදීන් හැටියට ඔබටත් මැර කණ්ඩායම් තර්ජනය කරන්න පටන් ගනීවි. සමාජ අපරාධයක් වාර්තා කරන්න මාධ්‍යවේදීන්ට බැරි තත්වක් ඇතිවේවි. ජනතාවට තමන්ගේ සාධාරණ අදහසක් ඉදිරිපත් කරන්න බැරි වේවි. ඒ නිසා ගෝඨාභය රාජපක්‍ෂගෙන් අපි අහන්නේ විනයක් හදන්න, රටේ එක නීතියක් ක්‍රියාත්මක කරන්න ඇවිත් කරන්නේ මේවාද?” …
Continue Reading
ගෝලීය කොවිඩ් අභියෝගය අභිමුව ‘අපේ පාර්ලිමේන්තුවේ අනාගත දිශානතිය’
ජාත්‍යන්තර පාර්ලිමේන්තු දිනය වෙනුවෙන් කථානායකවරයා විසින් නිකුත් කළ පණිවිඩය අද ජාත්‍යන්තර පාර්ලිමේන්තු දිනයයි. සෑම වසරකම ජූනි 30 වැනිදා ජාත්‍යන්තර පාර්ලිමේන්තු දිනය සැමරීමට ලොව අනෙකුත් රටවල් මෙන්ම ලොව ඉපැරණිතම ප්‍රජාතන්ත්‍රවාදයකට හිමිකම් පවසන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවද අභිමානයෙන් යුතුව එක්වෙයි. එපමණක් නොව, 1931 දී සර්වජන ජන්ද බලය දිනාගත් රටක් ලෙස ලෝක ඉතිහාසය ට එක්වු ශ්‍රී ලංකාව 1960 ජූලි 21 වැනිදා සිය ජන්ද බලය …
Continue Reading
කාබනික ගොවිතැන මගින් හිමිවන ‘විස්මිත ප්‍රතිලාභ’
කාබනික ආහාර පළිබෝධ නාශකවලට නිරාවරණය වීම අඩු කරන අතර ඉහළ පෝෂණ ගුණය තුළින් යහපත් සෞඛ්‍යයකට දායක වේ. විෂ සහිත පළිබෝධ නාශක මගින් දූෂණය වූ ආහාර වෙනුවට කාබනික ආහාර අනුභව කිරීමේ වැදගත්කම අවබෝධ කර ගැනීම සඳහා, සමස්ත පින්තූරය දෙස බැලිය යුතුය. එනම්, ආහාර නිෂ්පාදනය කරන ගොවීන්ගේ සිට අප භාවිත කරන ජල මාර්ග, හුස්ම ගන්නා වාතය, අප පරිභෝජනය කරන ආහාර දක්වා අවධානයට ගත …
Continue Reading
ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාවේ අවුල ලිහෙයි !
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබාගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස මොඩෙර්නා සහ ෆයිසර් එන්නත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පත්කළ බෝවන රෝග පිළිබඳව විශේෂඥ කමිටුව අද (28) පස්වරුවේ අනුමැතිය ලබාදුන් බව ඖෂධ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි. ෆයිසර් එන්නත් මාත්‍රා 26,000 ක් සහ මොඩෙර්නා එන්නත් මාත්‍රා මිලියනයක් ලබන මස මුල් සති දෙක ඇතුළත මෙරටට ලැබීමට නියමිත …
Continue Reading
බැසිල් පාර්ලිමේන්තුවට එන්නේ ඇයි ? – ‘සාගර කාරියවසම්‘ කළ අලුත්ම හෙළිදරව්ව !
බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස මෙවර කරන ඉල්ලීම ඔහුට බැහැර කළ නොහැකි බවත් බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් තම අසුන පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු විශාල පිරිසක් සූදානම් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ අද (28) පෙරවරුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සාගර කාරියවසම් මහතා මේ …
Continue Reading
විදෙස්ගතව මෙරටට පැමිණෙන පුද්ගලයන්ට නව නිරෝධායන රෙගුලාසි
විදෙස්ගතව මෙරටට පැමිණෙන පුද්ගලයන්ට නව නිරෝධායන රෙගුලාසි ජූලි මස 01 වැනිදා සිට හඳුන්වා දීමට තීරණය කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි. මෙම නව නිරෝධාන රෙගුලාසි ජූලි 01 සිට ජූලි මස 31 වැනි දින දක්වා බලපැවැත්වෙන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සදහන් කරන්නේ. නව නිරෝධාන රේගුලාසි පහත සදහන් පරිදි ක්‍රියාත්මක වේ. විදේශගතව සිට පැමිණෙන ශ්‍රී …
Continue Reading
මහ රෑ විදී සැරිසැරූ ‘කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල‘ යළි කැඳවයි
එංගලන්ත තරග සංචාරයක නිරතව සිටියදී ඊයේ (27) රාත්‍රීයේ හෝටලයෙන් පිටත රැදී සිටි බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල අද (28) රාත්‍රී නැවත ශ්‍රී ලංකාවට කැඳවීමට තීරණය කළ බවත් ඔවුන් තිදෙනාටම තාවකාලික තහනමක් පැනවූ බවත් එම තහනම යටතේ විනය පරීක්‍ෂණය පවත්වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පවසනවා. …
Continue Reading
‘ඇමතිකම් ඉල්ලුවෙත් නෑ – දුන්නත් ගන්නෙත් නෑ‘ – හිටපු ජනපති මෛත්‍රී ගෙන් විශේෂ නිවේදනයක්
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍යධුරයක දිවුරුම් දීමට නියමිත බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය විසින් අද (28) දින නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා. එම නිවේදනයේ සදහන් වන්නේ හිටපු ජනපතිවරයා අමාත්‍යධුරයක් හෝ වෙනත් කිසිම තනතුරක් තමා වෙත ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් නොකළ බවත් එවැනි තනතුරක් ලබා ගැනීම හිටපු ජනපතිවරයා බලාපොරොත්තු නොවන බවත්ය. එම නිවේදනය පහතින් …
Continue Reading
මහ රෑ එංගලන්තේ විදී සැරිසැරූ ‘ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනාට‘ නීතිය ක්‍රියාත්මක වෙයිද ?
එංගලන්තය සමග පැවැති 20 විස්ස තරගාවලියෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නින්දා සහගත පරාජයක් ලැබුවා. ඒත් ඒක අලුත් දෙයක් නොවන්නේ පසුගිය දීර්ඝ කාලය පුරාම ශ්‍රී ලංකාව සැලකිය යුතු ජයග්‍රහණයක් වාර්තා නොකළ නිසයි. ඇමැතිවරු, කණ්ඩායම් කළමනාකරුවෝ, පුහුණුකරුවෝ වෙනස් වුණාට ක්‍රීඩකයින් වෙනස් වෙලා නැහැ කියන එකයි මේ පරාජයන් පිට ලබන පරාජයන් මගින් කියන්නේ. මේ අතර එංගලන්තයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස්, …
Continue Reading