DELTA+ බිහිසුණු වේවි ද?
කොවිඩ් දෙවැනි රැල්ල ඉන්දියාවට අතිශය දරුණු විය. ආසාදිතයන් සහ මරණ වාර්තා වීම අඩුවෙමින් පවතින අතර රට නැවත විවෘත කිරීම ක්‍රමයෙන් ආරම්භ වෙමින් පවතී. නමුත් තව මාස කීපයකින් තුන්වැනි රැල්ලක් ඉන්දියාව පුරා ව්‍යාප්තවිය හැකි බවට විශේෂඥයෝ අනතුරු අඟවති. ඊට පවතින සූදානම පිළිබඳව, ප්‍රාන්ත ආණ්ඩුවලින් අධිකරණය විමසා ඇත. ඇතැම් විශේෂඥයන් පවසන්නේ සති 12ත් 16ත් අතර කාලයක් ඇතුළත තුන්වැනි රැල්ල ආරම්භ විය හැකි …
Continue Reading
චීන සමාගමක් එක්ක හවුලේ ‘තිස්සමහාරාම වැව‘ හැරීමේ ඇත්ත කතාව කුමක්ද ?
වැවක් යනු ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනයට ඉතා ම හොඳ උදාහරණයකි. මිනිසා විසින් ගොඩනගන ලද වැව් ඉතා කෙටි කලකින් ස්වභාවීකරණයට ලක් වේ. ඒ මත ජෛව ප්‍රජාවක්, සංස්කෘතියක් හා කෘෂි ආර්ථිකයක් ගොඩනැංවේ. වැව නිර්මාණයේ දී සිදු වන පාරිසරික බලපෑමට සාපේක්ෂ ව අලුතින් පරිසර පද්ධති ගොඩනැංවී ඒ මත විශාල ජෛව ප්‍රජාවකට රැකවරණය හිමි වීමෙන් ඉදිකිරීම් කාලයේ දී ඇති වූ පාරිසරික බලපෑම් ඉතා කෙටි …
Continue Reading
කොවිඩ් -19 වසංගතයෙන් ගොඩඑන්න රජය රුපියල් මිලියන 2,62,000ක් වැය කරලා
කොවිඩ් -19 වසංගතය පාලනය වෙනුවෙන් 2020 වසරේ සිට මේ දක්වා රජය රුපියල් බිලියන 262ක් වියදම් කර ඇති බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවති මුදල් අමාත්‍යංශ ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී අනාවරණය විය. මුදල් අමාත්‍යවරයා වශයෙන් අමාත්‍යංශයට අයත් සියලුම ආයතනවල වර්තමාන තත්ත්වය සහ පවතින ගැටලු නිරාකරණය කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහි දී අවධානය යොමු …
Continue Reading
බහාලුම් නිෂ්කාශනය කාර්‍යක්ෂම කිරීමට Barcode System හා Tracking System යොදා ගැනීමට යයි
බහාලුම් ප්‍රවාහනය සම්බන්ධව පාර්ශ්වකරුවන් වර්තමානයේදී මුහුණුදෙන ගැටලු සහ ඒ සඳහා ගතහැකි කඩිනම් ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡාවක් අමාත්‍ය නාමල් රාජපක්ෂ හා විෂයභාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) දින වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී හදුනාගත් පහත සදහන් ගැටලු කෙරෙහි අවධානය යොමු විය. • ආනයන අපනයන බහාලුම් ලබාගැනීමේදී හා නැවත ලබාදීමේදී ඇතිවන අපහසුතා. • වරාය පරිශ්‍රයේ ඇති පර්යන්ත …
Continue Reading
‘ලංකාවේ කාබනික කෘෂිකර්මාන්තයට‘ යුරෝපා රටවල් 08ක සහාය
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ක්‍රියාවට නංවා ඇති කාබනික කෘෂිකර්මාන්තය සඳහා ජර්මනිය, ස්විස්ර්ලන්තය ඇතුළු යුරෝපයේ ප්‍රධාන රටවල් අටක් සහාය දැක්වීමට ඉදිරිපත් වී ඇති බව මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (29) වයඹ ඇළ සංවර්ධන ව්‍යාපෘතියේ වත්මන් තත්වය සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙසේද කීය. “පසුගිය …
Continue Reading
ගර්භණී කාන්තාවන් ‘මාළු ආහාරයට ගැනීම‘ ගැන අලුත්ම හෙළිදරව්ව !
මාළු සෞඛ්‍ය සම්පන්න ආහාරයක් ලෙස අපි දනිමු, නමුත් ගර්භනී කාන්තාවන්ට නම් මාළු පරිභෝජනය සීමා කරන ලෙස කියනු ලැබේ. මාළු ආහාරයට ගැනීමෙන් ඇති වන සෞඛ්‍යමය ප්‍රතිලාභ එහි අවදානම ඉක්මවා යනවාද? මේ පසුගිය කාලය තුළ ඒ පිළිබදව ජාත්‍යන්තර මට්ටමින් සිදුකළ පර්යේෂණ පදනම් කරගත් විශේෂඥ වාර්තාවකි. අපට ආහාරයට ගත හැකි සෞඛ්‍ය සම්පන්න ආහාරවලින් එකක් ලෙස මාළුවලට අභියෝගයකින් තොර කීර්තියක් ඇත. නමුත් ශාක පදනම් කරගත් …
Continue Reading
බැසිල්ගේ ‘කර පිටින් තම සිහින සැබෑ කර ගැනීමට‘ සිහින මවන්නේ කවුරුන්ද ?
බැසිල් රාජපක්ෂ ඇමති – අගමැතිවීම සමාජ කණ්ඩායම් 10 ක බලාපොරොත්තුවයි. පළමුව, ‘පොහොට්ටුව‘ ට බලය ලබා ගැනීමට ලංකාවේ හතර දිග් භාගයේ ලක්ෂ 4 කට ආසන්න පිරිසක් වසර තුනක් දිනපතා, අඛණ්ඩව සැලසුමකට වැඩ කළේය (ධනසිරි අමතුරංග වර්ගය). එයින් බහුතරයකට අද ප්‍රතිලාභයක් තබා ඇගයීමක් හෝ ලැබී නැත. ඔවුන් සිටින්නේ දැවැන්ත බිඳවැටීමක ය. මේ පිරිස ‘පොහොට්ටුවේ අරටුව‘ යි. දුෂ්කරතා හා අවමන්/නොතකා හැරීම් පමණක් ලැබූ …
Continue Reading
තත්ත්පර 29ක ‘ලෝක නින්දාව‘
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක එංගලන්ත කණ්ඩායම අතර ඊයේ (29) පැවති තරගයේදී ද ශ්‍රී ලංකාව සුපුරුදු පරිදි ‘නින්දා සහගත‘ පරාජයක් ලැබුවා. පිතිකරුවන්ගේ අසාර්ථකත්වය නිසාම ලංකාවට ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 185ක් පමණයි. මීට පෙර විස්සයි විස්ස තරගාවලියක් 3-0ක් ලෙස පරාජයට පත්ව සිටි නිසා ක්‍රීඩකයින්ට එය එතරම් වගක් නැති වුණත් ශ්‍රී ලාංකිකයින් ලෙස අපට ඇතිවන්නේ දැඩි වේදනාවක්. මේ අතර එංගලන්ත …
Continue Reading
බිහිසුණු බව කියන ‘ඩෙල්ටා ප්‍රභේදයේ’ රෝග ලක්ෂණ මොනවා ද ?
‘සැර වෛරසය‘ නැතහොත් ‘ඩෙල්ටා ප්‍රභේදය‘ සැලකෙන්නේ මේ වන විට ගෝලීය වශයෙන් පැතිරෙන කොවිඩ් වෛරස් ප්‍ර භේද අතර බිහිසුණුම වෛරසය ලෙසයි. මේ වන විට ලංකාවෙන් ද ස්ථාන කිහිපයකින් ඩෙල්ටා ආසාදිතයින් කිහිප දෙනකු හමුවී ඇති අතර සෞඛ්‍ය රාජ්‍ය ඇමතිනිය අද (29) ප්‍රකාශ කළේ ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි අනුගමනය නොකළහොත් තවත් සති 10කින් ඩෙල්ටා ප්‍ර භේදය ලංකාවේ වසංගතයේ කේන්ද්‍රය විය හැකි බවයි. …
Continue Reading
පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්වෙයි
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර අද (29) පැවැති පළමු එක්දින තරගයෙන් කඩුළු 05ක පහසු ජයක් ලැබීමට එංගලන්තය සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 50 වෙත ළගාවීමට නොහැකි වූ අතර පන්දුවාර 42.3කදී ලකුණු 185කට ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු කඩුළු දැවී ගියා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම පන්දුවාර 34.5කදී කඩුළු 05කට ලකුණු 189ක් …
Continue Reading