කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක හතරකින් DELTA ආසාදිතයින් 14ක්

කොළඹ, ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලින් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ තවත් පුද්ගලයන් 14 දෙනෙකු සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තාවල සදහන් වේ. මෙම ආසාදිතයන් 14 දෙනා හමුවී ඇත්තේ දිවයින පුරා කොරෝනා රෝගීන්ගෙන් අහඹු ලෙස ලබා ගත් ජෛව පටල සාම්පල එකසිය 142ක් පරික්ෂා කිරීමේදීය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති වේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය …

Continue Reading

‘ආණ්ඩුව‘ පෙරපාසල් ගුරුවරියන්ගේ ජීවිත අපායක් කළා – අයිතීන් උදෙසා කාන්තාවෝ

“රට ගොඩනගන්න නිර්මාණශීලී පුද්ගලයන් සහ වෘත්තිකයන් බිහි කරන අත්තිවාරම මේ ලෙස විනාශ වෙලා යනවා. සහෝදරත්වය, බෙදාහදා ගැනීමේ හැඟීම්, අහිමි දරුවන් අනාගතයේ අභියෝග බාර ගන්නේ කොහොමද? දරුවන්ගේ පැත්තෙන් මේ ප්‍රශ්න තියෙනවා වගේම අද වෙනකොට පෙරපාසැල් ගුරුවරිය විශාල පීඩනයකට ලක්වෙලා ඉන්නේ. පෙරපාසැල් ගුරුවරුන්ගේ ඇත්ත ජීවන තත්වය ඉතාමත් ඛේදනීයයි. බොහෝ තැන් මාසික කුලී පදනම මත ලබාගෙන දැන් ගෙවාගන්න බැරිව ඉන්නෙ. අනික් පැත්තෙන් පෙරපාසැල් …

Continue Reading

පොදු දේශපාලන වේදිකාවක් සඳහා නායකත්වය දෙන්න සූදානම් – චම්පික රණවක

පාලක පක්ෂයට එරෙහි පොදු දේශපාලන වේදිකාවක් සඳහා නායකත්වය ලබා දීමට තමා නායකත්වය දෙන 43 වන සේනාංකය සූදානම් බව පඨලී චම්පික රණවක මහතා ඊයේ (02) පැවැති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය. 43 වන සේනාංකය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ඉටු කරන ලද කාර්යභාරය පිළිබඳව දැනටමත් පැහැදිලි කර ඇති බව රණවක මහතා මාධ්‍ය හමුවේ පැවසීය. “සජිත් ප්‍රේමදාස මහතා 43 වන සේනාංකයට සම්බන්ධ නැති නමුත් …

Continue Reading

Delta variant ‘වඩාත්ම තර්ජිත‘ පුද්ගලයින් ගැන විශේෂ හෙළිදරව්වක්

වඩාත්ම සම්ප්‍රේෂණය කළ හැකි කොරෝනා වෛරස් ප්‍රභේදය වන ‘ඩෙල්ටා ප්‍රභේදය‘ (Delta variant) එන්නත් ලබා ගෙන නැති හෝ එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබා ඇති පුද්ගලයින්ට විශාල තර්ජනයක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්තිකරණ හා සෛල ජීව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවසීය. ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් ජීවන්දර මහතා අවධාරණය කළේ ‘‘සැලකිය යුතු ප්‍රතිශතයක් සම්පූර්ණයෙන්ම එන්නත ලබා ගන්නා තෙක් පූර්ණ …

Continue Reading

අජිත් රෝහණ ඇතුළු ‘පොලිසියේ ලොකුම පුටු 08කට‘ වහාම ස්ථාන මාරු

සේවා අවශ්‍යතා මත වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනෙකු සහ නියෝජ්‍ය පොලිස්පතිවරයකු මාරු කර යවා තිබේ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මූණසිංහ මහතා උතුරු මැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන ලෙසද, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ හා රථවාහන ලෙසද, (අජිත් රෝහණ …

Continue Reading

මහින්ද අමරවීරත් ‘ආණ්ඩුවේ මදිපුංචිකම්‘ ගැන අදෝනා කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල මන්ත්‍රීවරුන්ට ඇතැම් ඇමැතිවරුන්ගෙන්  හා  ප්‍රාදේශීය දේශපාලඥයන්ගෙන් කෙනෙහිලිකම්  සිදුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය. ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකදී අමරවීර මහතා මේ බව පැවසීය. මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා, ‘‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවෙන් ද යම් යම් මදිපුංචිකම් සිදුවෙනවා. අපි පක්ෂයක් …

Continue Reading

රසායනික පොහොර තහනම් කිරීම: ‘නිවැරදි දේ වැරදි වේලාවක‘

රසායනික පොහොර ආනයනය සම්පූර්ණයෙන්ම නතර කරනු ලබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය. ‘‘නමුත් රසායනික පොහොර භාවිතය මගින් වඩා හොඳ අස්වැන්නක් ලබා ගැනීමට හැකිය. කෙසේ වෙතත්, රසායනික පොහොර හේතුවෙන් වැව්, ජලාශ, ගංගා, ඇළ මාර්ග සහ භූගත ජලය දූෂණය වීමෙන් මිනිස් ජීවිතවලට සිදුවන අහිතකර ප්‍රතිඵල ලාභයට වඩා වැඩිය. රසායනික පොහොරවල බලපෑම වකුගඩු රෝග ඇතුළු බෝ නොවන රෝග රැසකට හේතු වී ඇති බව …

Continue Reading

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමෙන්තුවේ මහජන සේවාවන්  නැවතත් අංක හා දින වෙන් කර ගත් සීමිත පිරිසක් සඳහා පමණක් ජූලි 05 වැනිදා සිට විවෘත කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව තීරණය කළ බව එම දෙපාර්තමේන්තුව විසින් අද (02) දින නිකුත් කළ නිවේදනයක සදහන් වේ. මේ වන විට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත ඉල්ලුම්පත් යොමුකරන ලද ඉල්ලුම්කරුවන්ට …

Continue Reading

හෙද ඉල්ලීම් 7/5 කට විසඳුම් – ඉතිරිය 2ක ලබන අය වැයෙන්

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම් හතෙන් පහකට එසැණ විසඳුම් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගනී. ඉතිරි ඉල්ලීම් දෙකට අදාළ විසඳුම් මීළඟ අය වැයෙන් ලබාදීමට ද ජනාධිපතිවරයා එකඟතාව පළ කළේය. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සමඟ අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම තීරණවලට එළැඹිණ. 01. හෙද සරසවිය ආරම්භ කිරීම. 02. යහපාලන රජය සමයේ 2017.12.07 …

Continue Reading

ඇමෙරිකාව ඇෆ්ගනිස්ථානයේ ‘ප්‍රධාන බලකොටුව‘ අතහරී !

දශක දෙකක් පැරණි ඇෆ්ගන් සිවිල් යුද්ධයේ තීරණාත්මක කඩඉමක් සනිටුහන් කරමින් එක්සත් ජනපදය හා නේටෝ හමුදා තලේබාන් සටන්කාමීන්ට එරෙහි යුද්ධයේ කේන්ද්‍රස්ථානය ලෙස භාවිත කළ ඇෆ්ගනිස්ථානයේ බග්‍රාම් (Bagram) ගුවන් හමුදා කඳවුරෙන් ඉවත්ව ගියේය. ඇෆ්ගනිස්ථානයෙන් විදේශ හමුදා සම්පූර්ණයෙන් ඉවත් වීම අත ළඟ බවට මෙය පැහැදිලි සංඥාවක් වශයෙන් සැලකිය හැකිය. නමුත් විදේශ හමුදා ඉවත් වීම සමග තලේබාන් සටන්කාමීන් තව දුරටත් ශක්තිමත් විය හැකි බව …

Continue Reading