වැඩි මිලට සහල් අලෙවි කළොත් 100,000ක් දඩ

වැඩිමිලට සහල් අලෙවි කරන වෙළඳුන්ට දඬය පෙර පැවති රුපියල් 2500ක දඩය රුපියල් 100,000 දක්වා වැඩි කළ බවත්, ආරක්ෂිත සහල් තොග පවත්වාගෙන යෑම සඳහා ණයවර ලිපි නිකුත් කළ බවත්, වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. “සැඟවූ තොග එළියට – සහල් මිල ස්ථාවරව තබාගැනීමේ නවතම ක්‍රියාමාර්ග” යන මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (25) පැවති මාධ්‍ය හමුවක දී  අමාත්‍යවරයා මේ බව …

Continue Reading

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස්පතිගෙන් විශේෂ ප්‍රකාශයක්

පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන කටයුතු සහ එහි ප්‍රගතිය සම්බන්ධයෙන් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා  අද (25) විශේෂ ප්‍රකාශයක් සිදු කළා. 2019 වසරේ එල්ල වූ පාස්කු ප්‍රහාර මාලාව සහරාන් ඇතුළු කණ්ඩායමක් විසින් කෙටි කාලයක් තුළ සැලසුම් කළ හුදෙක් තනි අපරාධයක් නොවන බවයි පොලිස්පතිවරයා මෙහිදී සදහන් කළේ. පාස්කු ප්‍රහාරය සිදුවීමට පෙර සිදුවූ සිදුවීම් කිහිපයක් සැලකිල්ලට ගැනීමට සිදුවී ඇති බවත් ඒ අනුව දීර්ඝ …

Continue Reading

දියවැඩියාව ගැන නව තොරතුරු: ප්‍රතිකාර වෙනස් වේද?

දියවැඩියාව යනු රෝග පහක එකතුවක් බවත් එම එක් එක් රෝගය සඳහා වෙන වෙනම ප්‍රතිකාර සැකසිය හැකිවනු ඇති බවත් විද්‍යාඥයින් පිරිසක් පවසති. දියවැඩියාව නොඑසේ නම් රුධිරයේ පාලනය කළ නොහැකි සීනි ප්‍රමාණය ඉහළ යාම සාමාන්‍යයෙන් ටයිප් 1 (type 1) සහ ටයිප් 2 (type 2) යනුවෙන් කොටස් දෙකකින් යුක්තය. නමුත්, රෝගයේ වඩා සංකීර්ණ තත්ත්වය තමන් විසින් සොයාගන්නා ලද බැවින් පුද්ගලබද්ධව දියවැඩියාවට ප්‍රතිකාර කළ …

Continue Reading

ත්‍රස්තයින්ගේ සිරදඬුවම් ගැන නිර්දේශ ඉදිරිපත් කිරීමට උපදේශක මණ්ඩලයක්

1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළක්වීමේ පනතේ 13 වන වගන්තිය අනුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  විසින් උපදේශක මණ්ඩලයක් පත් කර ඇතැයි ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ හරිගුප්ත රෝහණධීර මහතා පවසයි. හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වා මහතාගේ සභාපතිත්ව‍යෙන් යුත්  මෙම උපදේශක මණ්ඩලයේ  සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ඒ. ඒ. ආර් හෙයියන්තුඩුව සහ විශ්‍රාමලත් සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් යන මහත්වරු පත් කර සිටිති. ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් …

Continue Reading

තෙතමනය හා වියළි බව ‘ඔබේ සමට බලපාන ආකාරය‘ සහ එය සමඟ කටයුතු කිරීමට උපදෙස්

වෙනත් ස්ථානයකට ගිය පසු ඔබ ඔබේ සමේ වෙනසක් දැක තිබේද? නැත්නම්, සමහර විට, නව ඍතුවක් (ලංකාවේ ඍතු භේදයක් නැති නමුත් කැපී පෙනන ලෙස වර්ෂා සහ වියළි කාලයක් ඇත) ආරම්භයේදී ? මෙයට මූලික හේතුව ආර්ද්‍රතා මට්ටම් වල උච්චාවචනය වීමයි.  රූපලාවන්‍ය විශේෂඥයෙකු වන රාඛි අහුජා පවසන්නේ “ආර්ද්‍රතාවය ඔබේ කොණ්ඩයට මෙන්ම ඔබේ සමේ සෞඛ්‍යයට ද සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි බවයි. අධික ආර්ද්‍රතාවය දහඩිය නාල …

Continue Reading

සුපිරි තරු ‘තම ගර්භනී භාවය හෙළි කළ‘ ආන්දෝලනාත්මක ඡායාරූප

ලොව පුරා සිටින කීර්තිමත් පුද්ගලයින් වසර ගණනාවක සිට මිනිසුන්ගේ පෞද්ගලික ජීවිත වලට සුන්දර ලෙස ඉඩ සලසා දී ඇති නමුත්, අවදානමට ලක්විය හැකි කාලයක් ලෙස සැලකෙන ගර්භණී සමයේදී කාන්තාවන් සාමාන්‍යයෙන් මාධ්‍ය ඉදිරියේ පෙනී සිටීමෙන් වැළකී සිටියහ. එය අනාරක්‍ෂිත භාවයට හැඩය සහ ශරීරයේ වෙනස්කම් වලට තුඩු දිය හැකිය.  සමාජ මාධ්‍ය විසින් එය හොඳින් අවබෝධ කරගෙන ඇති නමුත්, කීර්තිමත් කාන්තාවන් ඔවුන්ගේ අත්දැකීම් හා ගර්භනීභාවය …

Continue Reading

ඇෆ්ගන් මානුෂික අර්බුදය ගැන ඉන්දිය අගමැති සහ රුසියන් ජනපති අතර හදිසි දුරකථන සාකච්ඡාවක්

තලේබාන් පාලනය යටතේ ඇෆ්ගනිස්ථානය දැඩි මානුෂීය අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක දුරකථන සංවාදය සිදු විය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර ඇෆ්ගනිස්ථානයේ වර්ධනය වෙමින් පවතින තත්වය පිළිබඳව දීර්ඝ දුරකථන සාකච්ඡාවක් ඊයේ (24) සිදු වූ බව indianewsntwork.com වෙබ් අඩවිය වාර්තා කරයි. මෙම වර්ධනය පිළිබඳව දැනුවත් කරමින් අගමැති මෝදි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මෙසේ පැවසීය: “ඇෆ්ගනිස්ථානයේ මෑත කාලීන …

Continue Reading

තලේබාන් පාලනය සහ චීනයේ දේශපාලන න්‍යාය පත්‍රය: ඉන්දු – පාකිස්ථාන විරසකය

අන්තවාදී තලේබාන් පාලනය යටතේ දකුණු ආසියාව, විශේෂයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව දැඩි සේ සැලකිලිමත් විය යුතු බවට ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයින් දැඩිව අවධාරණය කර ඇත. ඔවුන්ගේ අදහස වන්නේ ඇෆ්ගනිස්ථානය යළි අන්තවාදී තලේබාන් ග්‍රහණයට නතු වීම දකුණු ආසියාවේ ඉස්ලාම් අන්තවාදය යළි උත්තේජනයට පත්කරනු ඇතැයි. විශේෂයෙන් වත්මන් තලේබාන් පාලනය පිටුපස චීනය ප්‍රමුඛ භූමිකාවක් නිරූපණය කිරීම සමග ඉන්දියාවට එහි ආතතිය දැඩිව දැනෙන බවක් ද …

Continue Reading

කොවිඩ් ආසාදිත දරුවන්ට වැළදෙන මාරාන්තික රෝගයක්

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ දරුවන් අතර Silent hypoxia නමැති ඉතා බරපතළ තත්ත්වයක් මතුවී තිබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පැවසුවේය. විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා මේ බව හෙළි කළේ අද (24) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය. මෙම රෝගී තත්ත්වය ‘නිහඬ මාරයෙකු‘ හැදින්වූ කිතුල්වත්ත මහතා කොරෝනා වෛරසය ආසදනය වූ දරුවෙකුට මෙම රෝගී තත්ත්වය මතුවිය …

Continue Reading

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් බරපතළ අනාවැකියක්

කොවිඩ් වසංගතයේ අවදානම නිවැරදිව තේරුම් නොගෙන පස්වන රැල්ලට ද, ඊළග කොවිඩ් ප්‍රභේදයට ද මුහුණ දීමට සූදානම් නොවුවහොත් නැවත නැවතත් රට වසා දමමින් ආර්ථිකය මීටත් වඩා අසීරු තැනකට යන යුගයක් ඇතිවීම නොහැකි වනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (24) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. කොවිඩ් වසංගතයේ දෛනික රෝගීන් වර්ධනය වන ආකාරය, කොවිඩ්-19 ප්‍රභේදය හා වෙනත් වසංගත රෝග එක් …

Continue Reading