ලෝකය කෙළවරේම පිහිටි දූපත සොයා ගනී

ලෝකයේ උතුරු කෙළවර වශයෙන් සැලකෙන උත්තරාර්ධ ගෝලයේ වඩාත්ම ඈතින් පිහිටි දූපත විද්‍යාඥයින් විසින් සොයා ගෙන තිබෙනවා. ග්‍රීන්ලන්ත වෙරළට ඔබ්බෙන් පිහිටි වර්ග මීටර් 60×60 ප්‍රමාණයෙන් යුත් මෙම දූපත සොයා ගෙන ඇත්තේ පසුගිය ජූලි මාසයේදීයි. පසුගිය ජූලි මාසයේදී විද්‍යාඥයන් එහි ගොස් ඇත්තේ 1978 සිට දන්නා ඕඩාක් දූපත යැයි සිතන සාම්පල එකතු කිරීම සඳහා යි. නමුත් ආක්ටික් දූපත් ලියාපදිංචි කිරීම භාරව සිටි ඩෙන්මාර්ක …

Continue Reading

ඇෆ්ගනිස්ථානයේ තලේබාන් ආණ්ඩුව පිළිගන්නේද නැද්ද ? – ඉන්දීය රජයේ ස්ථාවරය

කාබුල්හි නව රජයක් පිහිටුවන කිසිදු පාර්ශ්වයක් පිළිබඳව මේ වන විට පැහැදිලි බවක් නොමැති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්දම් බග්චි ඊයේ (27) පැවැති සතිපතා මාධ්‍ය හමුවකදී පැවසීය. ඇෆ්ගනිස්ථානයේ තලේබාන් නායකත්වයෙන් යුත් රජයක් ඉන්දියාව පිළිගන්නේද නැද්ද යන ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ “ඇෆ්ගනිස්ථානු භූමියේ තත්ත්වය අවිනිශ්චිතයි. මූලික වශයෙන් සැලකිලිමත් විය යුත්තේ මිනිසුන්ගේ ආරක්‍ෂාව ගැනයි. දැනට, කාබුල්හි රජයක් පිහිටුවන කිසිදු පාර්ශ්වයක් ගැන …

Continue Reading

ආණ්ඩුව ජනතාවගේ සහන කප්පාදු කරමින් ගජමිතුරු මාෆියාවට සහන දෙනවා

කොරෝනා වසංගත තත්වය නොසලකා, දුප්පත් ජනතාවට ලබා දෙමින් තිබෙන සහන කපා දමමින් ගජ මිතුරු මාෆියාව සතුටු කිරීමට කටයුතු කිරීම නැවැත්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි. අද (29) උදෑසන අන්තර්ජාලය ඔස්සේ මාධ්‍ය හමුවක් පවත්වමින් එම පක්ෂයේ මධ්‍යම කමිටු සාමාජික සුනිත් හඳුන්නෙත්ති මේ බව පැවසීය. ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ මේ මොහොතේ සහන ලැබිය යුතුම ජනතාවට සහන ලබා දෙන ලෙස ආණ්ඩුවට …

Continue Reading

වීසා ගාස්තු හා දඩ මුදල් සංශෝධනය කෙරේ

නව ආගමික හා විගාමික රෙගුලාසි අනුව වීසා ගාස්තු හා දඩ මුදල් සංශෝධනය කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් ආගමන හා ගමන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ ශ්‍රී ලංකාව තුළ වීසා නොමැතිව හෝ වීසා කාලය ඉක්මවා රැඳී සිටීමට වීසා ගාස්තුවට අමතරව අමෙරිකානු ඩොලර් 500ක දඩ මුදලක් අය කරනු ලබන බවයි. ආගමන හා විගමන …

Continue Reading

කොළඹ පැතිරෙන්නේ 100%ක්ම ඩෙල්ටා ප්‍රභේදයයි – ආචාර්ය චන්දිම ජීවන්දර

ශ්‍රී ලංකාවේ ‘සුපර් ඩෙල්ටා’ ප්‍රභේදයක් බිහි වන්නේදැයි සැකයක් මතුවන හෙයින් ඒ ගැන අධ්‍යයනය කරගෙන යන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මහතා පවසයි. මේ අතර ආචාර්ය ජීවන්දර සදහන් කළේ කොළඹ පුරා පැතිරෙන්නේ 100%ක්ම ඩෙල්ටා ප්‍රභේදය බවයි. මේ වන විට රට තුළ සිදුවන සාර්ථක එන්නත්කරණ ක්‍රියාවලිය නිසා සැප්තැම්බර් …

Continue Reading

සෞඛ්‍ය අමාත්‍යවරයා හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර හමුවක්

වයස අවුරුදු 60 ඉක්මවූ  සියලු පුරවැසියන්  එන්නත්කරණයට ලක් කිරීම  ඉදිරි දින කිහිපය තුළ වඩා වේගවත් කරන බව  සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය  කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. එම වයස ඉක්මවූ සෑම අයකුගේම  දිස්ත්‍රික් මට්ටමින් තොරතුරු ඇතුළත් සංඛ්‍යාලේඛන වාර්තාවක්  දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා  ඉතා කඩිනමින් ලබා ගැනීමට මේ වන විට පියවර ගෙන ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දෙයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග අද (27) සවස පැවති සාකච්ඡාවකදී හෙතෙම  මේ බව …

Continue Reading

කොවිඩ් ආසාදිත මරණ 214ක් තහවුරු කරයි

ඊයේ (26) දින මෙරට කොවිඩ්-19 ආසාදිත මරණ 214ක් සිදුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (27) දින තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මියගිය අයගෙන් 120 දෙනකු පිරිමින් වන අතර කාන්තාවන් ගණන 94ක් වේ. වසය අවුරුදු 60 සහ 60ට වැඩි පුද්ගලයින් 151ක්, වයස අවුරුදු 30-59 අතර පුද්ගලයින් 58ක් සහ වයස අවුරුදු 30ට අඩු …

Continue Reading

ජනතාව නහයයි කටයි වසා නොගත්තොත් මොකද වෙන්නේ ? සුදර්ශනී කියා දෙන ඇත්ත

‘‘රට වැහුවත් ජනතාව තමන්ගේ නහයයි කටයි වහ ගත්තේ නැත්නම් රට වැහුවා කියලා මේ වසංගතය නවත්වන්න බැහැ. ඒ නිසා සෑම කෙනෙක්ම තමන්ගේ වගකීම ඉටු කරන්න. මේක ජීවිතයත් එක්ක තියෙන ගනුදෙනුවක්” මෙහෙම කියන්නේ රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය. ඇය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තවමත් එන්නත ලබාගත්තේ නැති අය ඉන්නවා නම් ළඟම තිබෙන සායනයට ගිහින් එන්නත ලබාගන්නා ලෙසයි. අද මාධ්‍ය හමුවේ කොවිඩ් වසංගතයේ වත්මන් තත්ත්වය ගැන …

Continue Reading

කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී ගත් සියලුම නිල තීන්දු

දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාල සීමාව සැප්තැම්බර් 06 දා අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කෙරේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේ දී මෙම තීරණයට එළැඹිණ. එන්නත්කරණ වැඩපිළිවෙළෙහි ප්‍රගතිය පිළිබඳ  මෙහිදී දීර්ඝ වශයෙන් සමාලෝචනයට ලක් කෙරුණු අතර මෙතෙක් එන්නත ලැබී නැති වයස අවුරුදු 30ට වැඩි යම් පුද්ගලයෙක් හෝ ප්‍රදේශයක් වේ …

Continue Reading

ඉන්දියාවේ අවුරුදු 18ට වැඩි 50%කට කොවිඩ් එන්නත ලබා දී අවසන්

ඉන්දියාවේ පුද්ගලයින් 47,19,00,520 ක් කොවිඩ් -19 එන්නතෙහි පළමු මාත්‍රාව ලබාගෙන ඇත ඉන්දියාවේ සුදුසුකම් ලත් ජනගහනයෙන් 50%ක් කොවිඩ් -19 එන්නතෙහි පළමු මාත්‍රාව ලබා ගත් බව මධ්‍යම රජයේ සෞඛ්‍ය ඇමති මන්සුක් මාන්දවියා (Mansukh Mandaviya) ඊයේ (26) සවස ට්විටර් පණිවිඩයක් මඟින් ප්‍රකාශ කළේය. එය “පෙර නොවූ විරූ සන්ධිස්ථානයක්” ලෙස ඇමතිවරයා විස්තර කළේය. “ඉන්දියාව පෙර නොවූ විරූ සන්ධිස්ථානයක් අත්කර ගනී! සුදුසුකම් ලත් ජනගහනයෙන් 50 …

Continue Reading