‘නව ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා‘ – අගමැති මහින්ද

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉදිරිපත් කොට සාකච්ඡාවට ලක්කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (23) දින පාර්ලිමේන්තුවේ දී පැවසීය. අය-වැය කාරක සභා අවස්ථාවේ ජනාධිපති, අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු ආයතනවල වැය ශිර්ෂ විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කරන බවත් රහසිගතව සිදුවන යමක් එහි නැතිබවත් අග්‍රාමාත්‍යතුමා මෙහිදී පෙන්වා දුන්නේ. අග්‍රාමාත්‍ය මහින්ද …

Continue Reading

කොදෙව් ඉනිම ආරම්භයේදී කඩා වැටෙයි

නම් දැරූ දඟ පන්දු යවන්නන් දෙදෙනාට කළින් දක්ෂතා අතරට පැමිණි තුන් ඉරියව් ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් පන්දු 25 ක් ඇතුළත කොදෙව් පිතිකරුවන් තිදෙනකුම දවා ගැනීමට සමත්වීම නිසා නොසිතූ අවධානමකට බටහිර ඉන්දීය කොදෙව් පිල මුහුණ දී සිටියි. එම කඩුලු 3 දවා ගැනීමේදී කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමේ අවස්ථාවකටද පැමිණි රමේෂ්ගේ සුපිරි පන්දු යැවීම නිසා ශ්‍රී ලංකාව ලබා දුන් ලකුණු 386 ට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින කොදෙව් …

Continue Reading

ලකුණු 500ක ඉලක්කය සිහිනයක් වෙයි

ඉලක්කය ලකුනු 500 කට එහා ලකුණු සංඛ්‍යාවක් වුවද අවසන් කඩුලු 7 ම ලකුණු 105 කදී දවා ගැනීමට රොස්ටන් චේස් ප්‍රමුඛ බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නන් සමත්වීම නිසා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 400 කට ලකුණු 14 ක් අඩුවෙන් හෙවත් ලකුණු 386 කදී නිමාවට පත්විය. ශ්‍රී ලංකා ඉනිම නිමාවට පත් කිරීමේදී තරගය ඇරැඹි පළමු පැයේදී ශතක ලාභී දිමුත් …

Continue Reading

මැනිං වෙළෙඳපොළ පාළුවෙයි

නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ ගොවීන්ගේ විරෝධතා හේතුවෙන් එළවළු සැපයුම අඩාල වීම හේතුවෙන් මැනිං වෙළඳපොළ අද (22) පාළුවට ගොස් තිබුණේය. පාරිභෝගිකයින්ගේ පැමිණීම ඉතා දුර්වල වූ අතර ව්‍යාපාරිකයින් ද සිටියේ අතලොස්සකි.  දඹුල්ල, තඹුත්තේගම, කැප්පෙටිපොළ ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවළු සැපයුම අතිෂය සීමිත වූ බව අප ප්‍රාදේශීය වාර්තාකරුවෝ සදහන් කළහ. එළවළු සැපයුම සීමිත වීම හේතුවෙන් ඒවායේ මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් තිබූ අතර එම තත්ත්වය තව දුරටත් …

Continue Reading

ඉන්දීය නාවික හමුදාවට රහසිගත මිසයිල සහිත නෞකාවක්

අයි.එන්.එස් විශාකාපට්නම් යනු පළමු රහසිගත මිසයිල විනාශකාරී නෞකාවයි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ඉරිදා මුම්බායි හි නාවික තටාකාංගණයේදී අයි.එන්.එස් විශාකාපට්නම් නෞකාව නිල වශයෙන් ඉන්දීය නාවික හමුදාවට භාර දුන්නේය. අයි.එන්.එස් විශාකාපට්නම් දේශීය වානේ DMR 249A භාවිතයෙන් ඉදිකර ඇති අතර එය ඉන්දියාවේ ඉදිකරන ලද විශාලතම රහසිගත මිසයිල සහික නාවුක යාත්‍රා වේ.සමස්ත දිග මීටර් 163 ක් සහ ටොන් 7,400 කට වඩා වැඩි විස්ථාපනයක් …

Continue Reading

ඉන්දු – ශ්‍රී ලංකා සහ මාලදිවයින් නාවික හමුදා ඒකාබද්ධ යුද අභ්‍යාසයයක

මෙම වසරට අභ්‍යාසය ආරම්භ කර වසර 30ක් සපිරේ. ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සෙනසුරාදා සිට දින පහක ඒකාබද්ධ ද්විවාර්ෂික යුධ අභ්‍යාසයක් වන ‘දොස්ති’ ආරම්භ කර ඇත. ඉන්දියාව-මාලදිවයින-ශ්‍රී ලංකාව යන ත්‍රි-පාර්ශ්වික අභ්‍යාසය ‘දොස්ති’ හි අරමුණ වන්නේ මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම, අන්‍යෝන්‍ය මෙහෙයුම් හැකියාව වැඩිදියුණු කිරීම සහ අන්තර් ක්‍රියාකාරීත්වය අභ්‍යාස කිරීම සහ රටවල් තුනේ වෙරළාරක්ෂක භටයන් අතර සහයෝගීතාව ගොඩනැගීමයි. පසුගිය වසර දහය …

Continue Reading

මින් පසු සහනාධාර දෙන්නේ කාබනික ගොවිතැනට පමණයි – ජනපති

කාබනික ගොවිතැනට පමණක් සහනාධාර … අඩුපාඩු හඳුනාගෙන ඊළග කන්නයට සූදානම් වන්න … ගොවීන් නිසි ලෙස දැනුවත් කර නැහැ … නිවැරදි දේ වෙනුවෙන් කැපවිය යුතු බවට ජනපති නිලධාරීන්ට දැඩිව අවධාරණය කරයි … රජයේ ප්‍රතිපත්තියේ කිසිඳු වෙනසක් නැහැ. මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කෙරෙන හරිත කෘෂිකර්මාන්තයක් සඳහාම පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. රජයක් ලෙස කාබනික පොහොර බෙදාහැරීම, …

Continue Reading

අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 93කින් සම්මතයි

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා විසින් 2022 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය විසර්ජන පනත් කෙටුම්පත (2022) දෙවැනි වර කියවීම වැඩි ඡන්ද   93 කින් පාර්ලිමේන්තුවේදී අද (22) පස්වරුවේ  සම්මත විය. විසර්ජන පනතට පක්ෂව ඡන්ද 153ක්  ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 60ක් පමණි. සමගි ජන බලවේගය ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය යන පක්ෂවල මන්ත්‍රීවරු විසර්ජන පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ  …

Continue Reading

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද එළවළු මිල සහ විශේෂතා

ලාභ ගන්න ගොවීන් කරන කූඨ වැඩ ගැන චෝදනා එළවළුවල ගුණත්වය අන්තට බැහැලා අතරමැදි ජාවාරමුන් නිසා එළවළු මිල අහස උසට යනවා නුවරඑළිය ඇතුළු උඩරට ප්‍රදේශවලින් අනෙකුත් ආර්ථික මධ්‍යස්ථානවලට එළවළු   තොග ලැබීමේ සැලකිය යුතු අඩුවීමක් වාර්තා වුව ද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද (22) දින අළුයම කැරට්, ලීක්ස්, බෝංචි, අර්තාපල් වැනි එළවළු සීමිත ප්‍රමාණයක් ලැබී තිබුණු බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පවසති. ලැබී තිබුණු …

Continue Reading

මන්ත්‍රීවරියන්ට පාර්ලිමේන්තුවේදී සිදුවන වාචික හිංසනය ගැන කතානායකට පැමිණිල්ලක්

අතලොස්සක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ වාචික හිංසනයට ලක්වීම පිළීබදව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් කථානායකවරයාගේ අවධානයට යොමුකර තිබේ. පසුගියදා මන්ත්‍රීවරයෙකු විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකට එරෙහිව සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකරමින්  සිය ලිපිය යොමු කර ඇති සභාපතිනිය සදහන් කර ඇත්තේ මීට පෙර අවස්ථාවලද වාචික හිංසනයන් තුළින් උත්තරීතර පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරියන් …

Continue Reading