අකුරුට වැඩ කරන විදුලි ඉංජිනේරුවරු නඩත්තු කටයුතුවලිනුත් ඉවත් වෙති

මේ වනවිට අකුරට වැඩකරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවරු අද (01) සිට නඩත්තු කටයුතුවලින්ද ඉවත් වීමට තීරණය කළ බව විදුලි ඉංජිනේරු වෘත්තීය සමිතියේ ලේකම් ධම්මික විමලරත්න පවසයි. ඒ අනුව අද පස්වරු 4.30 සිට විදුලි ඉංජිනේරුවරු සියලුම නඩත්තු කටයුතුවලින් ඉවත් වී ඇත. මේ වනවිට විදුලි බල මණ්ඩලයේ විදුලි සම්ප්‍රේක්ෂණ අංශය භාර ජ්‍යෙෂ්ඨ අතිරේක සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු අතිරේක සාමාන්‍යාධිකාරීවරුන් …

Continue Reading

මුදල් ඇමති බැසිල් ඉන්දීය මුදල් ඇමතිනී නිර්මලා සීතාරාමන් හමුවෙයි

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත අතර ඊයේ (දෙසැ 01) පස්වරුවේ ඉන්දියාවේ ඉන්දියාවේ මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය එස්. නිර්මලා සීතාරාමන්  මහත්මිය නවදිල්ලි නුවරදී හමුවිය. එහි දී  ද්විපාර්ශ්වික ආර්ථික  සහයෝගීතාවයට අදාළ කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කෙරිණි.ඉන්දියාව සිය ආර්ථික සහයෝගීතා වැඩසටහන් හරහා විවිධ ක්ෂේත්‍ර ගණනාවකින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති සහයෝගය පිළිබඳව  බැසිල් රාජපක්ෂ මහතා මුදල් මුදල් අමාත්‍යවරියට …

Continue Reading

රිය අනතුරුවලින් මියයන පුද්ගලයන්ගේ යැපෙන්නන්ට ගෙවන වන්දි මුදල ඉහළට

හඳුනා නොගත් රිය අනතුරු හේතුවෙන් ලබාදෙන වන්දි මුදල රුපියල් ලක්ෂ දෙකේ සිට රුපියල් දෙලක්ෂ පනස්දහසක්  දක්වාත්, බරපතල තුවාල ලබන  වින්දිතයින්ට රුපියල් ලක්ෂයේ සිට රුපියල් එක් ලක්ෂ පනස් දහස දක්වාත් වැඩි කිරීමට මාර්ග  ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පියවර ගෙන ඇතිබව ප්‍රවාහන අමාත්‍යාංශය අවධාරණය කරයි. ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ලබාදුන් උපදෙස් මත මෙම නව වන්දි ක්‍රමය 2022 වසරේ සිට ක්‍රියාත්මක වේ. අපරික්ෂාකාරි රිය   ධාවනය …

Continue Reading

කාබනික ඝන පොහොර හදන්න ගොවීන්ට මිලියන 4500ක් දීලා

කාබනික ඝන පොහොර නිෂ්පාදනය කර ගැනීම සඳහා ගොවීන් 8,05,601 දෙනකුට රුපියල් මිලියන 4500ක් මේ වන විටත් රජයෙන් ලබා දී ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්.අබේරත්න මහතා සඳහන් කළේය. කුඹුරු හෙක්ටයාර් 647,681ක් වෙනුවෙන් මෙම මුදල් ප්‍රදානය කර ඇති බවද කොමසාරිස්වරයා පෙන්වා දුන්නේය. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති කාබනික වගාවේ ඉදිරි ගමන පිළිබඳ ජාතික කථිකාවත මැයෙන් වූ වැඩමුළුවකට සහභාගී …

Continue Reading

මුතුරාජවෙල නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමේ සැබෑ සැලසුම කුමක්ද ?

සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය නාගරික සංවර්ධන අධිකාරිය සහ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව (වර්තමානයේ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ලෙස හැඳින්වේ) එක් ව පසුගිය දශක දෙක තුළ කොළඹ ආශ්‍රිත වගුරු බිම් දැවැන්ත විනාශයකට ලක් කළේ ය. ශ්‍රී ජයවර්ධනපුර – කෝට්ටේ හා බෙල්ලන්විල – අත්තිඩිය ආශ්‍රිත තෙත් බිම් මේ ආකාරයෙන් විනාශ කිරීමට ලක් කෙරින. වගුරු බිම් පද්ධතියක පාරිසරික හා ජෛව විද්‍යාත්මක වටිනාකම හා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ ව අවබෝධයක් නොමැති මෙම ආයතන විසින් වගුරු බිම්වලට සිදු කළ විනාශය හේතුවෙන් අද වන විට කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල ගංවතුර පාලනය කිරීම සඳහා …

Continue Reading

නීත්‍යානුකූල අන්තර්-ආගමික විවාහවලට ඉන්දිය රජයෙන් අවසර

“ලව් ජිහාද්” වැනි ප්‍රශ්න බටහිර මාධ්‍ය විසින් පුන පුනා වාදනය කර ඇති අතර ඔවුන් එය කර ඇත්තේ ඉන්දියාවේ වත්මන් දේශපාලන ව්‍යාප්තිය ඉලක්ක කර ගැනීම සඳහා පමණි. ‘ඉන්දියාවේ හින්දු ජාතිකවාදී නැඟීම මධ්‍යයේ අන්තර් ආගමික ප්‍රේමය අවදානමක්’ යන මෑත ලිපියක, එක්සත් ජනපද මාධ්‍ය ආයතනයක් වන ඇසෝසියේටඩ් ප්‍රෙස් මෙසේ පැවසීය: “ලව් ජිහාද්” ප්‍රශ්නය, ආගමික නිදහස පිළිබඳ ව්‍යවස්ථාපිත සහතිකවලට වලකන බවට අනතුරු අඟවන ලෞකික …

Continue Reading

මංජු ලලිත් වර්ණ කුමාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

වාද්දුවගේ මංජු ලලිත් වර්ණ කුමාර මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරියේ අද (01) දිවුරුම් දුන්නේය. නියෝජ්‍ය කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ  මහ ලේකම් ධම්මික දසනායක මහතා ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය. කළුතර මැතිවරණ කොට්ඨාශයේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ මහින්ද සමරසිංහ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුවට වාද්දුවගේ මංජු …

Continue Reading

හෝටල්වලට ආනයනික කුණු අල විකුණන දැවැන්ත ජාවාරමක් හෙළිවෙයි

කාන්තාවෝ 25 ක් දිනපතා වැඩ කිලෝ 45 000ක් පමණ ගබඩාවේ වරායෙන් නිදහස් කල විදිහක් නෑ රට පුරා හෝටල් වලට අඩු මිලට ඉන්දියාවෙන්  ගෙන්වූ  මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් අල සෝටීස් (කෙටි කෑම ) නිෂ්පාදනය සඳහා රට පුරා බෙදාහරින ජාවාරම්ක සුලමුල හෙළි කර ගැනීම්ට දඹුල්ල නගරාධිපති  ජාලිය ඕපාත මහතාට පසුගිය 28 වැනි දින පස්වරුවේ හැකි වී තිබේ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැලක සංවිධානාත්මක …

Continue Reading

ගෑස් සිලින්ඩර් පුපුරායාම් පිළිබඳ විමර්ශනයට ජනපතිගෙන් කමිටුවක්

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෑතක සිට වාර්තාවන ගෘහස්ථ, වෙළෙඳ හා විකුණුම් මධ්‍යස්ථානවල ගෑස් (LPG) සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම්, පුපුරායාම් හා ඒ සඳහා හේතු සාධක සොයා බලා ඒ පිළිබඳ කඩිනමින් ගත හැකි විසඳුම් ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කමිටුවක් පත් කර තිබේ. මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොළ මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය …

Continue Reading

නැවත රට වසා දැමීමේ බලාපොරොත්තුවක් නැහැ – ඇමති රමේෂ් පතිරණ

නැවත රට වසා දැමීමේ බලාපොරොත්තුවක් රජයට නොමැති බවත් එළඹෙන නත්තල් උත්සව සමයේ රට වසාදැමීමක් පිළිබදව නිල වශයෙන් සාකච්ඡා කර නොමැති බවද සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයකට ප්‍රතිචාර දක්වමිනි. ඉතාම ජයග්‍රාහී එන්නත්කරණ වැඩසටහනක් රජය විසින් රටේ ක්‍රියාත්මක …

Continue Reading