රුසියාව යුක්රේනය ආක්‍රමණය කරයි – ආක්‍රමණය ගැන අප දන්නා දේ
නේටෝ සංවිධානයේ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් රූපවාහිනි ප්‍රකාශයක් කරමින් පවසන්නේ යුක්රේනයේ මේ වන විට උද්ගතව ඇති තත්ත්වය “යුරෝපයේ ආරක්ෂාව සඳහා බරපතල මොහොතක්” බවයි. “අපිට දැන් යුරෝපයේ යුද්ධයක් තියෙනවා, ඒ පරිමාණයෙන් සහ වර්ගයෙන් අපි හිතුවේ ඉතිහාසයට අයිතියි එකක් කියලා.” යැයි ඔහු පැවසීය. උතුරු අත්ලාන්තික් කවුන්සිලය සමඟ රැස්වීමක් අවසන් කර ඇති බවත්, හදිසි උපදේශන පැවැත්වීමට රටවල් විශාල ලැයිස්තුවක් එකඟ වී ඇති බවත් ඔහු …
Continue Reading
‘හයිවේ රොබරි’ පන්නයේ තවත් මහා පරිමාණ මුදල් මංකොල්ලයකට ආණ්ඩුවෙන් සැලසුම්‘ – 43 සේනාංකය
කෘෂිකර්මය, බලශක්තිය, මහාමාර්ග සහ ඉදිකිරීම් ක්ෂේත්‍ර මුහුණ පානා ගැටළු පිළිබද කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුව ‘හයිවේ රොබරි’ පන්නයේ තවත් මහා පරිමාණ මුදල් මංකොල්ලයක් මහාමාර්ග අමාත්‍යාංශය හරහා සිදු කිරීමට ආණ්ඩුව පිඹුරුපත් සකසමින් සිටින බව 43 සේනාංකය පවසයි. අද (23) පැවැති මාධ්‍ය හමුවක දී මෙම අනාවරණය සිදුවිය. මේ මාධ්‍ය හමුවට එක් වූ 43 සේනාංක සභාපති, හිටපු අමාත්‍ය කරු පරණවිතාන මහතා සඳහන් කළේ රටේ …
Continue Reading
‘ආණ්ඩුව රීලෝඩ් ක්‍රමේට තෙල් ගන්න කොට අපිට පෙට්‍රල් ගහන්න වෙන්නේ සැෂේ ක්‍රමේට‘
ඇණවුම් කළ නැව් මුහුදේ බලාගෙන ඉන්නවා. ආණ්ඩුව දැන් ලංකාවට අවශ්‍ය ඉන්ධන ගන්නේ මොබයිල් එකට රී ලෝඩ් එකක් දානවා වගේ ඩොලර් ටිකක් දානවා තෙල් ටිකක් ගන්නවා. දැන් රට තෙල් ගන්නේ රී ලෝඩ් ක්‍රමේට. රී ලොඩ් ක්‍රමේට තෙල් ගන්නකොට ජනතාවට පෙට්‍රල් ගහන්න වෙන්නේ සැෂේ පැකට්ටු ක්‍රමේට‘ යැයි පාර්ලිමෙනිතු මන්ත්‍රී ඉරාන් විකරමරත්න මහතා අද පාර්ලිමේන්තුවේ දී පුකාශ කළේය. රට තුළ පවත්නා වර්තමාන තත්ත්වය පිළිබඳව සභාව කල් තබන විවාදයක් විපක්ෂය වෙනුවෙන් යෝජනා කරමින් එහි විවාදය ආරම්බ්භකරමින් ඉරාන් …
Continue Reading
‘මාස තුනක් ඇතුළත දැවැන්ත ඖෂධ හිඟයක්‘ – ඔසුසල් හිමියන්ගේ සංගමය
දැනට පවතින ඖෂධ තොග මාස තුනකින් අවසන් වීමට නියමිත බැවින් දැවැන්ත ඖෂධ හිඟයක් ඇතිවීමට ආසන්න බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ (ACPPOA) සභාපති චන්දික ගන්කන්ද මහතා පැවසීය. ඔහු කියා සිටියේ රටට අවශ්‍ය ඖෂධවල 5% ක හිඟයක් පවතින බවයි. වත්මන් තත්ත්වය ගැන වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ ගන්කන්ද මහතා, “ඖෂධ විවිධ හඳුනාගැනීමේ සන්නාමවලින් ලේබල් කර තිබෙනවා. බොහෝ ඔසුසල් පාරිභෝගිකයින්ට විකල්ප …
Continue Reading
ලොව විශාලතම නිල් මැණික් පොකුර සඳහා වන ‘ගිනස් වාර්තාව‘ ශ්‍රී ලංකාවට
පසුගිය වසරේ රත්නපුර ප්‍රදේශයෙන් හමුවූ කිලෝ ග්‍රෑම් 503.2ක් බරැති නිල් මැණික් පොකුර අද (23) ලොව විශාලතම නිල් මැණික් තොගය ලෙස ගිනස් වාර්තාවට හිමිකම් කියනු ලැබුවා. ලොව විශාලතම නිල් මැණික් සඳහා සහතික පත්‍රය ප්‍රදානය කිරීමේ උත්සවය මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ, ගිනස් ලෝක වාර්තාවේ විනිසුරු තිලක් වීරසිංහ යන මහත්වරුන්ගේ …
Continue Reading
ඉන්දියාවේ බෞද්ධ සබඳතා පිළිබිඹු කරන ව්‍යාපෘති ආරම්භ කරයි
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිදහසේ අමෘතය සංකේතාත්මක සතිය සමරයි අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය සහ නැගෙනහිර ආසියානු රටවල් සමඟ බෞද්ධ සබඳතා පිළිබිඹු කරන ව්‍යාපෘති ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය බදාදා ආරම්භ කළේය. මෙය ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ (MEA) ‘නිදහසේ අමෘතය’ සැමරුම් උත්සවයේ කොටසක් වූ අතර විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රාජ්කුමාර් රන්ජන් සිං ද මේ අවස්ථාවට සහභාගී විය. තායි, කොරියානු, වියට්නාම සහ …
Continue Reading
පාස්කු ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි සටහන් පාර්ලිමේන්තු පුස්තකාලයට
-
Editor
-
February 23, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
2019 අප්‍රේල් 21 දින සිදුවූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂා කර විමර්ශනය කර වාර්තා කිරීම හා අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි සටහන්වල වෙළුම් අසූ හතක් (87) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ පරිහරණය සඳහා පාර්ලිමේන්තු පුස්තකාලයේ තැබීමට අවශ්‍ය කටයුතු කරනු ලබන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය. එම කොමිෂන් සභාවේ සාක්ෂි සටහන්වල වෙළුම් …
Continue Reading
මධ්‍යම රජය සහ පළාත් සභාව එක රාජ්‍ය ප්‍රතිපත්තියක වැඩකළ යුතුයි
රාජ්‍ය සේවය ඉතා විශාලයි. ජනතාවගේ සෑම අවශ්‍යතාවයකටම රාජ්‍ය සේවකයෙකුගේ මැදිහත් වීම සිදු වේ. එම නිසා සියලුම රාජ්‍ය ආයතන වෙතින් නිසි අයුරින් ජනතා සේවය ඉටුවනු දැකීම තම බලාපොරොත්තුව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. රාජ්‍ය සේවකයන්ගෙන් බහුතරය වැඩ කිරීමට කැමතියි. අවශ්‍යව ඇත්තේ අධීක්ෂණය, උපදෙස් දීම සහ දිරිගැන්වීම මගින් ඔවුන්ගේ සේවය රටට ඵලදායීව ලබාගැනීමයි. ආණ්ඩුකාරවරුන්, අමාත්‍යාංශ, පළාත් හා දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු සියලුම ඉහළ …
Continue Reading
ඩොලර් 200ක කොස් ගෙඩියක් ලන්ඩන් වෙළඳපොළේ
මෙම ඡායාරූපය BBC වාර්තාකරුවෙකු වන රිකාඩෝ සෙන්රා විසින් ගන්නා ලද අතර, එය ඔහුගේ මව්රට වන බ්‍රසීලයේ Twitter ප්‍රජාව අතර සැණින් ප්‍රචලිත විය. “ලන්ඩනයේ විශාලතම සහ පැරණිතම ආහාර වෙළඳපොළක් වන බරෝ මාකට්හි කොස් ගෙඩියක් යූරෝ 160කට (රු. 36,600කට පමණ) විකිණීමට තබා ඇත,” යන මැයෙන් පළකෙරුණු එය 100,000 වාරයකට වඩා ෂෙයා විය. කොස් ගෙඩියේ ඉහළ මිල සටහන දුටු ට්විටර් පරිශීලකයින් තිගැස්මට පත්වූ …
Continue Reading
‘මුඛ ආවරණ පැළඳීමේ නීති ඉවත් කිරීමට කිසිදු සූදානමක් නෑ – සෞඛ්‍ය අංශ අවධාරණය කරයි
මුඛ ආවරණ පැළඳීම ඉවත් කරන බවට පළ වන වාර්තා සෞඛ්‍ය බලධාරීන් තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. COVID-19 සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි පැවසුවේ රජය හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය එවැන්නක් ගැන සාකච්ඡා කර නොමැති බවයි. “බූස්ටරය එළිදැක්වීමේ සතුටුදායක ප්‍රතිශතයක් අප තවමත් සම්පූර්ණ කර නොමැති තත්වයක් තුළ එවැනි තීරණයකට එළැඹීම කල් වැඩියි. නමුත් මුහුණු ආවරණ ඉවත් කරනවා කියලා ඒකෙන් අදහස් වෙන්නේ නැහැ,” ඔහු අවධාරණය කළේය. “එය …
Continue Reading