ජනපති පාර්ලිමේන්තු අසුනේ ලාංඡනය ගැලවෙයි

පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාට වෙන් කෙරුණු ආසනයෙන් ජනපති ලාංඡනය පළමු වතාවට ඉවත් කෙරෙන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවැසීය. ඒ වෙනුවට රාජ්‍ය ලාංඡනය සවි කිරීමට පියවර ගන්නා බවද හෙතෙම සඳහන් කළේය. අතිගරු යන නාමය , ජනපති ධජය සහ ජනපති ලාංඡනය පාවිච්චි නොකිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තේය. මැතිසබයේ ජනාධිපතිවරයාට වෙන් කෙරුණු ආසනයෙන් ජනපති ලාංඡනය ඉවත් කිරීමට පියවර …

Continue Reading

මන්ත්‍රීවරු තෙල් මුදල වැඩි කරගනිති

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව හදිසියේම ලක්ෂ දෙකකට ආසන්න   මුදලකින්  වැඩි කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. මේ අනුව යාපනය වැනි ඈත දුර බැහැර ප්‍රදේශවල මන්ත්‍රීවරයකුට ඉන්ධන වෙනුවෙන් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් අමතර වශයෙන්  සිය වැටුපට  මාසිකව බැර කෙරෙනු ඇත. සෙසු පළාත්වල මන්ත්‍රීවරුන්ටද ලක්ෂයකට වැඩි මුදලක් මේ අනුව හිමිවනු ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉන්ධන සඳහා ලබාදෙන  දීමනාව පසුගිය ජුනි මාසය දක්වා …

Continue Reading

ලංකාවට නව මූල්‍ය පහසුකම් දෙන්නේ නෑ – ලෝක බැංකුව

ශ්‍රී ලංකාවේ ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු නව මූල්‍ය පහසුකම් ශ්‍රී ලංකාවට ලබා නොදෙන බව ලෝක බැංකුව මේ මස (28) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. ඒ සඳහා ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ගැඹුරු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව ලෝක බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.එසේම ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට මුල් වූ ව්‍යූහාත්මක හේතූන් ආමන්ත්‍රණය කිරීමද …

Continue Reading

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ගාලුමුවදොර අරගලභූමියට යයි

අරගලයට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීම වහා නවත්වන ලෙස හා අත්අඩංගුවට ගත් පිරිස් නිදහස් කරන ලෙස ඉල්ලා කිතුණු ආගමික පූජකවරුන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් ගාලුමුවදොර උද්ඝෝෂණ කලාපයේ පිහිටි අරගල භූමියට පැමිණ අද (29) පැමිණ විරෝධතාවක නිරත වූහ. ‘සිවිල් සමාජයේ අප සාධාරණ අරගලය සමඟයි’, අනීතික අත්අඩංගුවට ගත් පුද්ගලයන් වහා නිදහස් කරනු’ ආදී පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් පිරිස විරෝධතාවයේ නිරත වූහ. …

Continue Reading

QR කේතය හරහා ලක්‍ෂ 5ක් ඉන්ධන අරගෙන

ජාතික ඉන්ධන බලපත්‍රය හරහා පසුගිය 21 වැනිදා සිට ඊයේ (28) රාත්‍රී දක්වා රථ වාහන 536,055 ක් ඉන්ධන ලබාගෙන ඇති බවත් ඉන්ධන පිරවුම්හල් 536කින් QR කේතය අනුව ඊයේ දිනයේ පමණක් 187,005ක් ඉන්ධන ලබාගෙන ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. ඉන්ධන පිරවුම්හල් 826 ක් ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමවේදයට මේ වන විට අනුගතවී සිටින බවත් සමස්ල වාහන 4,479,376 ක් …

Continue Reading

ජනාධිපති නිල කොඩිය ඇඳ ඇතිරිල්ලක් ලෙස භාවිත කළ පුද්ගලයා අත්අඩංගුවට

මහජන විරෝධතා අතරතුර ජනාධිපති නිල කොඩිය සොරාගෙන ඇඳ ඇතිරිල්ලක් ලෙස භාවිත කළ පුද්ගලයා පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජුලි 09 වැනි දින පැවති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක් අතරතුර මහජනතාව කඩා වැදී ජනාධිපති කාර්යාලයට කඩා වැදීමෙන් පසු මෙම පුද්ගලයා කොඩිය සොරකම් කර ඇති බවයි පොලීසිය පවසන්නේ. CCTV දර්ශන ඔස්සේ ලබාගත් සාක්ෂි අනුව අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

Continue Reading

ජනාධිපති උපදේශකවරු දෙදෙනෙක්

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ධූරයට මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර සහ ශෙනුකා සෙනෙවිරත්න මහත්ම මහත්මීන්  පත් කරනු ලැබ ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මෙම පත්කිරීම් සිදු කර තිබේ. මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක (මාධ්‍ය) ලෙසත්, මහාචාර්ය ශෙනුකා සෙනෙවිරත්න මහත්මිය  ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක (ජාත්‍යන්තර මාධ්‍ය) ධූරයේත්  රාජකාරී ආරම්භ කළහ. කැලණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිවරයකු …

Continue Reading

අරගල ක්‍රියාකාරි පැතුම් කර්නර් අත්අඩංගුවට

බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාවය මෙහෙයවූ බව කියන අරගලයේ ක්‍රියාකාරිකයකු වූ පැතුම් කර්නර් නැමැත්තා අද අත් අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. ඔහු ඉකුත් 18 වෙනි දින  කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබූ නමුත් අසනීප තත්ත්වයකින් පෙළෙන බව පවසමින් නීතිඥවරයකු මාර්ගයෙන් ලිපියක් ඉදිරිපත් කර තිබූ බව පොලිසිය කියයි. පැතුම් කරනර් නැමැත්තා බත්තරමුල්ල පොල්දූව මංසන්ධිය ආසන්නයේ තැන තැන රැඳී සිටිමින් ජනතාවට එම …

Continue Reading

කොළඹ මන්දිරවල ඇඟිලි සලකුණු ගුවන්තොටුපොළට

ජනාධිපති මන්දිරය ඇතුළු පරිපාලන මර්මස්ථානවල තිබී හඳුනා ගැනෙන ඇඟිලි සලකුණු ගුවන්තොටුපොළ වෙත යවන බවත්  මේ අනුව   ඒවායේ හිමිකරුවන් කිසිවකුටත් රටින් පිටව යෑමට හැකියාව නොලැබෙන බවත්  මහජන ආරක්ෂක  හිටපු ඇමැති රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේය. යම් කිසි හේතුවකින් ඔවුන් වරදකරුවන් වුව හොත් පොලිස් වාර්තාවක්වත් ලබා ගැනීමට ඉඩ නොලැබෙන බව පැවසූ වීරසේකර මහතා රජයේ හෝ ආරක්ෂක අංශයේ රැකියාවකට …

Continue Reading

වේරංග පුෂ්පික අත්අඩංගුවට ගැනීම පිළිබඳව පොලීසිය කරුණු පැහැදිළි කරයි

අධිකරණ නියෝග කඩකරමින් උද්ඝෝෂණ පැවැත්වීම, පොලිස් නිලධාරීන්ට සාපරාධි බලහත්කාරය පෑම යන චෝදනා මත ගෝල්ෆේස් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ ඇන්තනි වේරංග පුෂ්පික ද සිල්වා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසා සිටිනවා. ඊයේ දිනයේ දී අත්අඩංගුවට ගැනුණු ඔහු කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය වෙත ගෙන ගොස් අදාළ විමර්ශනයන් සිදු කිරීමෙන් අනතුරුව කොළඹ කොටුව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කළ බවයි පොලීසිය වැඩිදුරටත් පවසා සිටියේ. සැකකරු …

Continue Reading