මිල්ලනිය විදුහල්පතිනිය ඇතුළු පිරිසට ඇප

මිල්ලනිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනිය, මිල්ලනිය පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් සැරයන්වරයා ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. ඒ අනුව සැකකරුවන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙක බැගින් නියම කොට ඇප මත මුදාහරින ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙන්නේ. මිල්ලනිය ගුංගමුව කනිෂ්ට විද්‍යාලයේ සිසුන්ට වධ හිංසා පැමිණවීමේ සිද්ධියට අදාලව එම විදුහලේ විදුහල්පතිනිය සහ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු …

Continue Reading

O/L ප්‍රතිඵල නොවැම්බර් අවසානයට පෙර නිකුත් කරනවා – විභාග දෙපාර්තමේන්තුව

2021 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නොවැම්බර් මාසය අවසන්වීමට පෙර නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බොහෝ දුරට එම කටයුතු අවසන් වෙමින් පවතින බවත්, මෙම මාසයේ අවසන් දිනයට ප්‍රථම නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන සඳහන් කළේ.

Continue Reading

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් CEYPETCO ආයතනයට රුපියල් 126 ක ලාභයක්

මිල සංශෝධනයෙන් පසු CPC ඛනිජ තෙල් නිෂ්පාදන පිරිවැය සම්බන්ධයෙන් වාර්තාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. අදාළ වාර්තාවට අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් ලංකා ඛනිජ තෙල් සංස්ථාව රුපියල් 22.71 ක ලාභයක් ලබන අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් ලබන ලාභය රුපියල් 126.49 ක් වනවා. එසේම ඔටෝ ඩීසල් ලීටරයකින් රුපියල් 0.89 ක ලාභයක් සහ සූපර් ඩීසල් ලීටරයකින් රුපියල් …

Continue Reading

අද කාලගුණ නිවේදනය

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල දහවල් 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. බස්නාහිර සහ නැගෙනහිර පළාත්වලත්, මුලතිව්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් …

Continue Reading

අද පැයක විදුලි කප්පාදුවක්

අද (13) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ​ඒ අනුව සියලු කලාප සඳහා විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි. – සවස් කාලයේ පැය 1 යි

Continue Reading

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී 75ක පමණ තරමක …

Continue Reading

ගම්පහ ප්‍රදේශයට හෙට පැය අටක ජල කප්පාදුවක්

පෑලියගොඩ වත්ත, ජා ඇල, කටුනායක – සීදුව නගර සභා බල ප්‍රදේශ සහ කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජාඇල, කටාන, මිනුවන්ගොඩ යන ප්‍රාදේශිය සභා බල ප්‍රදේශවලට මෙන්ම ගම්පහ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයට හෙට (13) දිනයේ ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිතව තිබෙනවා. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසා සිටින්නේ හෙට පෙරවරු 08.30 සිට පස්වරු 05.00 දක්වා කාලය තුළ එම ප්‍රදේශවලට ජල සැපයුම …

Continue Reading

තාවකාලික රියැදුරු බලපත්‍ර වෙනුවට නිල බලපත්‍ර කාඩ්පත් නිකුත් කිරීම සඳුදා ඇරඹේ

තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කළ පුද්ගලයන්ට එළඹෙන නොවැම්බර් 14 සඳුදා සිට නිල බලපත්‍ර කාඩ්පත් නිකුත් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව නිල රියදුරු බලපත්‍ර කාඩ්පත් තැපැල් මාර්ගයෙන් අයිතිකරුවන් වෙත ලබා දීමට කටයුතු කරන බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ සඳහන් කළේ. නිල රියදුරු බලපත්‍ර කාඩ්පත් නිකුත් කර ගත නොහැකි වීම හේතුවෙන්, පුද්ගලයන් ලක්ෂ 6කට …

Continue Reading

පරිගණක පද්ධතියේ දෝෂයක් නිසා ආගමන විගමන ක්‍රියාවලිය අතින් සිදු කෙරේ

ආගමන හා විගමන අංශයේ පරිගණක පද්ධතියේ දෝෂයක් හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළේ මගීන් සඳහා ආගමන හා විගමන ක්‍රියාවලිය මේ වන විට අතින් සිදු කරන බව ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම පවසනවා. දෝෂය නිවැරදි කරන තුරු එම ක්‍රියාවලිය අතින් සිදු කරන බව ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.

Continue Reading

විදෙස් ගමන් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවයි

බත්තරමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ සහ දිවයින පුරා පිහිටි සියලුම ප්‍රදේශීය කාර්යාලවල විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට තාවකාලිකව අත්හිටුවා ඇති බව එම දෙපාර්තමේන්තුව පවසනවා. පරිගණක පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

Continue Reading