රාජ්‍ය සේවක හෘද සාක්ෂියේ මනාපය කාටද..?

බඩු මිල ඉහළට යන්න යන්න ජීවන වියදම අහස උසට යනවා. හුගාක් මිනිස්සුන්ගේ ආදායම් මාර්ග අහිමි වෙලා. බඩු මිල වැඩියි.. හෙට කන්නේ කොහොමද කියලා හිතාගන්න බැරි බවයි මගතොටේ හමුවෙන කාගේත් මුවේ රැව් දෙන්නේ..! රාජ්‍ය සේවක අපිත් යන්නේ අමාරුවෙන්. වෙනදා වගේ OT නෑ. වැටුපට අමතරව කීයක් හරි ගන්න අවස්ථාව තිබුණා නම් ඒ හැම දෙයක්ම නැති වෙලා. ඒත් අපිට කන්න අඳින්න අඩුවක් නෑ.. …

Continue Reading

ළූණු අස්වැන්නට ස්ථාවර මිලක් දෙන්න – මාතලේ ගොවීන්ගෙන් ජනපතිට ඉල්ලීමක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණෙන් මෙවර මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (10) මාතලේ දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරතව සිටී. වෙළෙඳ පොළට සැපයීමට අපේක්ෂිත ළූණු අස්වැන්නට ස්ථාවර මිලක් දෙන්නැයි ගොවීහු ගලේවෙල ළමා උද්‍යානය අසළ සංවිධාන කර තිබූ ජන හමුවට පැමිණි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ. ගම්මිරිස් වගාකරුවන්ගේ අස්වැන්නට ඉහළ මිලක් ගැනීමට අගය එකතු කිරීමේ ක්‍රමවේදයකට යොමුවීමේ වැදගත්කම …

Continue Reading

නුවරඑළියට සාපයක් වූ දූෂිත පාලනය අවසන් කරනවා – හිරන්‍යා හේරත්

නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ පොදු ජනතාවට සාපයක් වූ තොණ්ඩමන් – දිසානායක දූෂිත පාලනය මෙම මහ මැතිවරණයෙන් අතුගා දමන බව සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත‍්‍රික් අපේක්ෂිකා නීතිඥ හිරන්‍යා හේරත් මහත්මිය පැවසුවාය. නුවරඑළිය, ලබුකැලේ ප්‍රදේශයේ පැවැති  ජනහමුවකදී ඇය මේ බව පැවසුවාය. දශක කිහිපයක් පුරා තොණ්ඩමන් ආධිපත්‍යය යටතේ තිබූ නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ වතු ජනතාවට කිසිදු සෙතක් නැතැයි කී හිරන්‍යා හේරත් මහත්මිය තම පවුලේ හා හිතමිතුරන් සමග …

Continue Reading

Political vs Political: ප‍්‍රසන්න – දයාසිරි වාදය ගැන කැබිනට් රැස්වීමේදී කතාබහක්

මම මේ කථා කරන්නේ ප්‍රතිපත්තියක් ගැන. මට මෛත්‍රී එක්කවත්, දයාසිරි එක්කවත් පුද්ගලික තරහක් නෑ. මට තියෙන්නේ බයක්. මම ඒ අවධානම රටට කිව්වා. නායකයන්ට කිව්වා. දැන් රට දැනුවත්. නායකයන් දැනුවත්. මම මගේ යුතුකම කළා. දැන් ඉතිං තීන්දුව තියෙන්නේ ජනතාව අතේ”. ප්‍රසන්න කීවේය සටහන – ගජබා නාගහවත්ත ඇමති ප්‍රසන්න පසුගිය සතියේ  සිකුරාදා උදෑසන ම තංගල්ල කාල්ටන් නිවස බලා ගියේය. ඒ අගමැති මහින්දගේ …

Continue Reading

කොළඹ නාගරික ජනතාවගෙන් ජනපතිට විශේෂ ඉල්ලීමක්

පැල්පත් ජීවිතයෙන් පීඩා විඳිමින් සිටි තමන්ට මහල් නිවාස දුන්නා සේ මත් උවදුර රටින් අතුගා දමා දරුවන්ගේ අනාගතය බේරාදෙන ලෙස ජනතාව ජනපතිගෙන් ඉල්ලති.  මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය නිසා පාසල් දරුවාගේ සිට වැඩිමහලා දක්වා ජිවිත විශාල සංඛ්‍යාවක් විනාශ වී තිබේ. මෙය  තමන් මුහුණපා ඇති බරපතළ ගැටළුවක් බව මට්ටක්කුලිය ප්‍රදේශවාසීහූ පවසති. එය තුරන් කළ හැකි නායකයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කෙරෙහි තමන් දැඩි විශ්වාසයෙන් …

Continue Reading

‘උගත් වුණාට වැඩක් නෑ’ ගෙම්බො වගේ පැනලා මෝඩයෝ වගේ කථා කරනවනම් – ප්‍රසන්න

මම දයාසිරි වගේ පැත්ත මාරු කරලා නෑ. මට එතුමා එක්ක පෞද්ගලික ප්‍රශ්නයක් නෑ. දයාසිරි මහත්තයා එතුමාගේ ඉතිහාසය නැවත මතක් කර ගත්තනම් හොදයි. ජී.එල් ඇමතිතුමාගේ ලේකම් වෙලා ඉදලා එජාපයට ගිහින් මහින්ද මහත්තයා ළගට ඇවිත් ආයෙත් මෛත්‍රී ගාවට ගිය ප්‍රතිපත්තියක් නැති කෙනෙක් තමයි දයාසිරි කියන්නේ.  යහපාලනයට ගියේ රට හදන්න කියලා. පොහොට්ටුව කිසිසේත් පූට්ටු ආණ්ඩු සෑදිමට සුදානම් නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක …

Continue Reading

පාලිත තෙවරප්පෙරුම ඉල්ලා අස්වීමේ ලිපිය මැතිවරණ කොමිෂමට භාර දෙයි

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා විසින් මහ මැතිවරණයට තරග කිරීම සඳහා වන අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය මැතිවරණ කොමිසමට භාර දුන්නත් එය භාර ගැනීම මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා විසින් ප‍්‍රතික්ෂේප කර තිබෙනවා. අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය භාර ගැනීම ප‍්‍රතික්ෂේප කිරීමට හේතු වශයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කර ඇත්තේ පවතින නීතිය අනුව අපේක්ෂකත්වය ලබා ඇති …

Continue Reading

පළාත් පාලන ආයතනවල රාජ්‍ය දේපොළ ‘අයුතු පරිහරණය’ ගැන මැ.කො. අවධානය

පළාත් පාලන ආයතනවල රාජ්‍ය දේපොළ අයුතු ලෙස පරිහරණය කිරීම වැළැක්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් සියලුම පළාත් පාලන ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දීමක් කර තිබෙනවා. මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අත්සනින් අද (8) නිකුත් කර ඇති මෙම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේයි.

Continue Reading

සජිත් ‘එජාපයේ කොළපාට’ සොරකම් කරලා

සජිත් ප්‍රේමදාස මහතා විසින් නායකත්වය දෙන සමගි ජන බලවේගය පක්ෂය විසින් එක්සත් ජාතික පාක්ෂිකයින් නොමග යැවීම සදහා හිතාමතා සැලසුම් සහගතව ‘කොළ‘ වර්ණය භාවිතා කරන බවට එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් මැතිවරණ කොමිෂමට ලිඛිත පැමිණිල්ලක් කර තිබෙනවා. මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට ලිපියක් යොමු කරමින් එජාප මහ ලේකම්වරයා ඉල්ලා ඇත්තේ සමගි ජනබලවේගය පක්ෂයේ මේ ක්‍රියාව  එක්සත් ජාතික …

Continue Reading

රාජ්‍ය ආයතන තුළ මැතිවරණ ප්‍රචාරණය සම්පූර්ණයෙන් තහනම් – මැතිවරණ කොමිෂම

රජයේ ආයතන හෝ කාර්යාල තුළ ඡන්ද ආයාචනා කිරීම හෝ අත් පත්‍රිකා බෙදීම ඇතුළු කටයුතු සම්පූර්ණයෙන් තහනම් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එය සම්පූර්ණයෙන්ම පහත පළ වෙනවා.

Continue Reading