ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සෑම පියවරක්ම ගන්නවා – අගමැති මහින්ද රාජපක්ෂ

රටේ ඇතිවී තිබෙන සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව රජය දැඩි අවධානයෙන් සිට ජනතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. මේ දිනවල නැවතත් කොරෝනා රෝගීන් වාර්තා වෙමින් තිබුණ ද පළමු අවස්ථාවේ දී මෙන්ම එම වසංගතය පාලනය කර ජනතාවගේ උපරිම ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු සෑම පියවරක්ම ගන්නා බවත් අගමැතිවරයා පැවසීය. අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ …

Continue Reading

නුවරඑළියේ ප්‍රභූ දේශපාලනය අවසන් කර ‘නිර්ප්‍රභූ දේශපාලනය යුගයක්’ අරඹනවා – හිරන්‍යා හේරත්

නුවරඑළිය කියන්නේ පුංචි එංගලන්තය වුණාට, සංචාරක ආකර්ෂණය දිනාගත් ප‍්‍රදේශයක් වුණාට ඔබලා දන්නවා ඔබලා මුහුණ දෙන සමාජ-ආර්ථික ගැටලූවල නිමක් නැහැ. ඒක අපේ වතුකරයේ මිත‍්‍රයින් වගේම ගම්මානවල ජීවත්වන, නගරයේ ජීවත් වන සියලූ දෙනාම පොදුවේ මුහුණ දෙන අවාසනාවන්ත තත්ත්වයක්. නුවරඑළියට වැටෙන වැස්ස මහවැලි ගග දිගේ පහළට ගලා ගෙන යනවා වාගේ නුවරඑළියේ සම්පත්වලින් ඵල ප‍්‍රයෝජන ගන්නේ නුවරඑළියේ ජනතාව නෙමෙයි. තේ වගාවේ ආදායමෙන් වතු කම්කරුවන්ට සෙතක් නැතිවා …

Continue Reading

ජනපතිගේ අම්පාර දිස්ත්‍රික් චාරිකාවෙන් පොදුජන ගැටලු රැසකට තිරසර විසදුම්

පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17) අම්පාර දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරතව සිටී. චාරිකාව අරඹමින් පදියතලාවට පැමිණි ජනාධිපතිතුමාගෙන් ප්‍රදේශවාසීන් කළ ඉල්ලීම අනුව පදියතලාව නගර මධ්‍යයේ මාර්ගය මංතීරු 04ක් ලෙස පුළුල් කරන්නැයි ජනාධිපතිවරයා මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නේය. කිරමාන, සේරංකඩ සහ මරංගල ගම්මානවල ජල හිඟයට විසඳුම් පිණිස අඹකැන්ඔය ව්‍යාපෘතියෙන් ජලය සැපයීමට …

Continue Reading

මහ මැතිවරණය ගැන මැකොගෙන් ‘ප්‍රබල අනතුරු ඇගයීමක්’

සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය නොකළහොත් ඡන්දය පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය අද(16) යළි අවධාරණය කළේය. ඔහු පෙන්වා දෙන්නේ රටේ ජනතාව නීතියක් නොමැතිව රීති අනුගමනය නොකරන බවය. තැපැල් ඡන්දය පැවැත්වීමේදී ලද අත්දැකීමක් උදාහරණයක් ලෙස ගනිමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මෙලෙස කියා සිටියේය. ”වයඹ පළාතේ දිස්ත්‍රික්කයක කෘෂිකර්මයට සම්බන්ධ කාර්යාලයක නිලධාරීන් සහකාර තේරීම්භාර නිලධාරියාගේ උපදෙස් පවා නොතකා එකට පොරකමින් ඡන්දය …

Continue Reading

Exclusive: 2020 මනාප සටනේ විමල්, රනිල්, සජිත්, සියඹලාපිටිය, තුසිතා, සන්දිත්, ප්‍රසන්න, රන්ජා, අර්ජුන පෙරමුණේ..

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයට තව ඇත්තේ දින 20කටත් වඩා අඩු කාලයකි. මේ වන විට තැපැල් ඡන්ද ප්‍රකාශ වෙමින් පවතින අතර අන්තර්ජාල සහ සමාජජාල මාධ්‍ය ඔස්සේද මහ මැතිවරණයෙන් ජයගන්නා සහ මේ වන විට පෙරමුණේ සිටින අපේක්ෂකයින් සම්බන්ධයෙන් සමීක්ෂණ වාර්තා සිදුකෙරෙමින් පවතී. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් මෙවර ශ්‍රී පොදුජන පෙරමුණ නියෝජනය කරමින් විමල් වීරවංශ, සමගි ජන බලවේගය නියෝජනය කරන සජිත් ප්‍රේමදාස සහ …

Continue Reading

යහපාලන නඩය කොවිඩ් 19 පාලනය කරන බවට කරන ප්‍රකාශය විහිළුවක් – ඇමති ප්‍රසන්න

සියළු තොරතුරු තිබිය දී පාස්කු ප්‍රහාරය නවත්වා ගැනීමට නොහැකි වු යහපාලන නඩය තමන් බලයේ සිටියේ නම් කොවිඩ් 19 පාලනය කරන බවට කරන ප්‍රකාශය තරම් විහිළුවක් තවත් නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ කොවිඩ් 19 වසංගතය මෙරට පැතිරෙන විට යහපාලන ආණ්ඩුව බලයේ සිටියේ නම් ඇමෙරිකාව, ඉතාලියටත් වඩා ඛේදජනක තත්ත්වයකට රට …

Continue Reading

බුද්ධිමතුන් වෙනුවට ‘බුද්ධිමහතුන්’ පාර්ලිමේන්තුවට යන්නේ ඇයි ?

මෙවර ලිපිය බුද්ධිමතුන්ගේ මැතිවරණ අපේක්ෂක දේශපාලනය පිළිබඳව ය. මෙරට දේශපාලනය ගැන කලකිරුණු ජනයා විසින් කලක සිට ප්‍රතික්ෂේප කිරීමක් සහ යෝජනාවක් සමාජ ගත කළේය. ‘දෙසිය විසි පහම එපා’ යනු ඒ ප්‍රතික්ෂේප කිරීමය. ‘බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට යවමු’  යනු  ඒ යෝජනාවය. මේ මොහොතේ මේ දෙකම ප්‍රබලය. දීර්ඝ කාලයක් වාර කීපයක් පාර්ලිමේන්තුවේ සිටි අය අර ‘බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට යවමු’ යන යෝජනාව ඉදිරිපත් වූ මොහොතේ සිට මේ …

Continue Reading

මහින්ද දේශප්‍රියගේ යට්කූට්ටුවැඩ හෙළි කළ හඬපට 4ක් සමග සජිත් පිල නන්නත්තාර වේ

මහ මැතිවරණය අවසන් වීමෙන් පසු සමගි ජන බලවේගය යටතේ තරග කළ අපේක්ෂකයින්ට එරෙහිව අධිකරණමය ක‍්‍රියාමාර්ග ගැනීමට සිවිල් සමාජ කණ්ඩායම් කිහිපයක් මේ වන විට සැලසුම් කරමින් සිටින බව Colombo Telegraph අනාවරණය කරයි. මේ අතර කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ඔෂල හේරත් කියා සිටින්නේ එළඹෙන මහ මැතිවරණය මෙතෙක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත දූෂිතම මැතිවරණය වනු ඇති බවයි. මේ කාරණය යළිත් අවධාරණය …

Continue Reading

පාස්කු ප්‍රහාරයට චෝදනා ලත් සියලුම දෙනා ඉන්නේ සජිත්ගේ වේදිකාවේ

කොරෝනා රෝගීන් හමුවෙද්දී වැඩිපුරම සතුටු වන්නේ විපක්ෂය බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ විපක්ෂය එමගින් කාළකණ්ණි සතුටක් ලබන බවයි. බියගම ප්‍රදේශයේ ඊයේ (12) පැවති රැස්වීමකට එක්වෙමින් ඇමතිවරයා  මේ බව සදහන් කළේය. මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය. “විපක්ෂයට දැන් හරි ම සංතෝෂයි. කොරෝනා රෝගීන් …

Continue Reading

රාජ්‍ය සේවය ශක්තිමත් කරපු ‘එකම ආණ්ඩුව’ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවයි – ඇමති ප්‍රසන්න

රනිල් මෛත්‍රී යහපාලන ආණ්ඩුව තරම් රාජ්‍ය සේවය හෑල්ලුවට ලක් කළ ආණ්ඩුවක් මෙරට ඉතිහාසයේ නොතිබු බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. එලෙස රාජ්‍ය සේවය හෑල්ලුවට ලක්කල යහපාලන නඩය නැවතත් රජයේ සේවකයන් රැවටීම සදහා කිඹුල් කදුළු හෙළමින් සිටින බව ද ඔහු පෙන්වා දෙයි. එජාපය, ජවිපෙ හා සජිත්ගේ අටමගලය කුජීත වි ඇති බව පවසන …

Continue Reading