ජනපති ගෝඨාභයගේ වසරක මෙහෙවර සහ යුග දෙකක වෙනස (වීඩියෝ)

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත්ව වසරක් (2019-2020) ගත වන අද(18) දවසේ එතුමා සහ මින් පෙර ජනාධිපතිධුරය දරූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ (2015-2016) පළමු වසරක ධුර කාලය තුළ රටට සහ ජනතාවට සිදු වූ සේවාවන් සඳහා වෙනස් කම් සම්බන්ධයෙන් සිදුකළ සංසන්දනාත්මක විශ්ලේෂණයකි.

Continue Reading

20 ඡන්දය දුන්න ‘ඩයනාගේ’ පක්ෂ සාමාජිකත්වය තහනම් කරයි

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස  මහතා පියවර ගෙන ඇත. සමගි ජන බලවේගය ව්‍යවස්ථාවේ 15  I ( ඇ) වගන්තිය යටතේ තමන් වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ඩයනා ගමගේ මහත්මියගේ පක්‍ෂ සාමාජිකත්වය තහනම් කිරීමට කටයුතු කළ බව …

Continue Reading

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විකල්ප යෝජනා අගමැතිට භාර දෙයි

ශ්‍රී ලංකාව සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන විකල්ප යෝජනා ඇතුළත් ග්‍රන්ථය අද (16) දින  බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතා විසින්  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දෙන ලදී. බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලය හා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය නියෝජනය කරමින් ගරුතර මහා සංඝරත්නය විසින් විජේරාමේ පිහිටි නිල නිවසේදී, මෙම ග්‍රන්ථය අග්‍රාමාත්‍යවරයාට පිළිගැන්වූහ. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ, …

Continue Reading

ජනපති 18 වැනි බදාදා ජාතිය අමතයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා කරන විශේෂ ප්‍රකාශය නොවැම්බර් 18 වැනි බදාදා දින රාත්‍රී 8.30ට සියලුම රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ විකාශය කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (15) දින නිකුත් කළ නිවේදනයක සදහන් වේ.

Continue Reading

විපක්ෂයෙන් සභාව කල් තැබීමේ යෝජනාවක් ලබන 13 වනදා පාර්ලිමේන්තුවට

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළ ඉල්ලීමකට අනුව ලබන 13 වන සිකුරාදා පාර්ලිමේන්තුව රැස්වීමටත් එදින විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය. ඒ අනුව හෙට (12) දිනයේ පැවැත්වෙනුයේ 2020 විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීම සහ කාරක සභා අවස්ථාව පිළිබඳ විවාදය පමණි. හෙට දිනයේ දිවා භෝජනය සඳහා කාලය …

Continue Reading

2021 අයවැය විවාදය දින 19ක්

2021 වසර සඳහා වන අයවැය ලබන 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු එය දින 19 ක් විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. ඒ අනුව ලබන 18 සිට 21 වනදා දක්වා අයවැය දෙවන වර කියවීfම් විවාදය සිදුවන අතර දෙවන වර කියවීම පිළිබඳ ඡන්ද විමසීම 21 වන දා පස්වරු 5ට සිදුකරන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම්  ධම්මික දසනායක මහතා …

Continue Reading

රජයේ මුදල් කාරක සභාවේ සභාපතිධූරය අනුර ප්‍රියදර්ශන යාපාට

රජයේ මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී  අනුර ප්‍රියදර්ශන යාපා මහතා තේරී පත්විය. රජයේ මුදල් කාරක සභාව අද (09) පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවක රැස්විය.මෙහිදී  අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ නම අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා විසින් ස්ථිර කරන ලදී. අනතුරුව නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයට අදාල  මුදල් කාරක …

Continue Reading

ව්‍යවස්ථාදායක සභාවේ අගමැතිගේ නියෝජිතයා ලෙස අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පත් කරයි

ව්‍යවස්ථාදායක සභාවේ අග්‍රාමාත්‍යවරයා විසින් පත් කරනු ලබන නියෝජිතයා ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පත්කර තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ යෝජනාවට ඊයේ (02)  කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ අනුමැතිය හිමිවී ඇත. ඒ අනුව ව්‍යවස්ථාදායක සභාවේ අග්‍රාමාත්‍යවරයා විසින් පත් කරනු ලබන නියෝජිතයා ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා කථානායකවරයා විසින් පත් කර තිබේ. 20 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ව්‍යවස්ථාදායක සභාවේ …

Continue Reading

ඩයනා ගමගේ සහ 20 පක්ෂ වූ 7ට අත තිබ්බොත් SJB කපෝති වෙයිද ?

පිටු 32 ක සමගි ජනබලවේගයේ ව්‍යවස්ථාව සහ 17 දෙනෙකුගෙන් යුතු කෘත්‍යාධිකාරි මණ්ඩලයට, පක්ෂ සමාජිකයින් නෙරපා දැමීමට අවම ශක්තියක් ඇති ලේඛනයකි. කෙහෙළිය, අමුණුගම, අමීර් අලී නඩු තීන්දුවල අවධාරණය කරන විනය ක්‍රියාමාර්ග ගැනීමේ කාර්ය පටිපාටිය හා ක්‍රමවේදය එහි සවිස්තරාත්මක නැත.  20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ සහ ඊට පක්ෂව …

Continue Reading

20න් පස්සේ ලංකාව මොනව වගේ රටක් වෙයිද ?

ලොව ඕනෑම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සංශෝධනයන්ට ලක්වෙමින් ඉදිරියට යයි. එසේ ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක යහපත් ලක්ෂණයක් වන්නේ සංශෝධනය වීම මිස සංශෝධනය නොවීම නොවේ. කෙසේ වෙතත් වරද ඇත්තේ මෙරට බහුතරයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන්, ප්‍රජාතන්ත්‍රවාදය සහ රටේ සුබසිද්ධිය තකා නොව, පෞද්ගලික ව ඇතැම් රාජ්‍ය නායකයන්ගේ හෝ පක්ෂවල යහපත වෙනුවෙන්, ඔවුන්ගේ න්‍යාය පත්‍ර අනුව සිදු වූ ඒවා වීමේ ය. ඉකුත් දින ගණනාවක් මුළුල්ලේ දේශපාලන කරළිය …

Continue Reading