ලබන සතියේ පාර්ලිමේන්තුව දින 4ක් රැස්වේ

ලබන මාර්තු 23 වනදා සිට 26 වනදා දක්වා දින 4ක් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද ( 17 ) පෙරවරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබේ. පසුගිය මාර්තු 10 වැනිදා ආරම්භ කළ 2019 අප්‍රේල් 21 වැනිදා එල්ලවූ ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය සඳහා …

Continue Reading

අගමැති ලබන 19-20 බංග්ලාදේශ නිල සංචාරයක

බංග්ලාදේශ මහජන සමූහාණ්ඩු (People’s Republic of Bangladesh) අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා (Sheikh Hasina) මහත්මියගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මාර්තු 19 සහ 20 යන දෙදින බංග්ලාදේශයේ රාජ්‍යතාන්ත්‍රික සංචාරයක නිරතවීමට නියමිතය. බංග්ලාදේශ ජනරජයේ ජාතියේ පියා ලෙසට සැලකෙන බංගබන්දු ෂෙයික් මුජිබර් රහ්මාන් (Bangabandhu Sheikh Mujibur Rahman) මැතිතුමාගේ ජන්ම ශත සංවත්සරය හා බංග්ලාදේශයේ නිදහස් ස්වර්ණ ජයන්තිය සැමරීමට සමඟාමීව අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරය සිදු වනු …

Continue Reading

පාස්කු ප්‍රහාරය ගැන ප්‍රශ්න කරන්න’අසාද් සාලි’ අත්අඩංගුවට

පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර, ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොල්ලූපිටියේදී අද (16) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුවා. 1978 ත‍්‍රස්වාදය වැළැක්වීමේ පනත, ලංකා දණ්ඩ නිති සංග‍්‍රහය සහ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන ජාත්‍යන්තර සම්මුති පනත ප‍්‍රකාරව අසාද් සාලි මහතා වරදක් …

Continue Reading

‘Made in Sri Lanka’ අගමැති මහින්දගේ ආයාචනය

“මේඩ් ඉන් ශ්‍රී ලංකා” (Made in Sri Lanka) ලොව ඉස්තරම්ම සන්නාමය ලෙස ලොවට ගෙන යෑමට රටක් හැටියට අපි අත්වැල් බැඳ ගමු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා (15) ප්‍රකාශ කළේය. වාහන නිෂ්පාදනය, එකලස් කිරීම සහ වාහන උපාංග නිපදවීම සඳහා වූ සම්මත මෙහෙයුම් පටිපාටියක් (Standard Operating Procedures) එළිදැක්වීම කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ දී පැවති අවස්ථාවේ අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය. කර්මාන්ත අමාත්‍ය විමල් …

Continue Reading

බෞද්ධයින්ට සතියකට දිනයක් හෝ පොහොයකට පන්සල් යෑම අනිවාර්ය කළ යුතුයි – අගමැති

බෞද්ධයන් ලෙස අපි සතියකට දිනයක් හෝ අඩුම වශයෙන් පොහොයකට හෝ පන්සල් යෑම අනිවාර්ය කළ යුතු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (14) දින පෙරවරුවේ පැවසීය. පුත්තලම, මාදම්පේ ගල්මුරුව ශ්‍රී සුනන්දාරාම පිරිවෙන් විහාරස්ථානයේ රන්වැට සහිත අඩි 60ක් උසැති චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීම සහ මකර තොරණ සහිත ඇතුළත ප්‍රාකාරය හා ප්‍රතිසංස්කරණය කරමින් සංරක්ෂණය කළ ඉපැරණි විෂ්ණු දේවාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් …

Continue Reading

එදත්, අදත් ජාතික ආරක්ෂාවට මුල් තැන – ජනපති ‘ගම සමග පිළිසඳරේදී’ කියයි

විපක්ෂයක් හැටියට විවිධ චෝදනා නැගීමට පිළිවන. ඒවා සත්‍ය තොරතුරු මත පදනම් විය යුතුය. එහෙත් අභූත චෝදනා නඟමින් ජනතාව මුලා කිරීමට ගෙන යන ව්‍යාපාරයට ඉඩදිය නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී. “විපක්ෂ මන්ත්‍රීවරයෙක් පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පසුගියදා කළ ප්‍රකාශයක් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා. එය ජාතික ආරක්ෂාවට ඝෘජුව බලපාන ප්‍රකාශයක්. ඒ නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පිළිබඳව විමර්ශනය කළා. …

Continue Reading

ජාතිකවාදී ආණ්ඩුවක් බලයට ආ විට ක්‍රියාත්මක සතුරු බලවේග අවබෝධකර ගන්න

පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත හෝ එහි ඇති ව්‍යාකූලතා හෝ ඉවත් කර මැතිවරණය කඩිනමින් පැවැත්වීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ පාර්ශ්වයන්ට උපදෙස් දෙයි. කොට්ඨාස ක්‍රමය, සීමා නිර්ණය, පනහට පනහ, කාන්තා සංයුතිය ඇතුළුව පැවති ආණ්ඩුව ගෙන ආ පනත් කෙටුම්පත ඔවුන් විසින්ම පරාජය කරන ලදී. මහජන නියෝජිතයන් නැතිව දැන් පළාත් සභාව ක්‍රියාත්මක වේ. මේ තත්ත්වය ගැන …

Continue Reading

‘ජාතික ඇඳුමෙන් සැරසී සිටි’ තරුණ ව්‍යවසායකයින් පිරිසක් දැක අගමැති සතුටු වෙලා

රට ජාතිය ගැන හැඟීම තිබෙන තරුණ ව්‍යවසායකයින් පිරිසක් ජාතික ඇඳුමෙන් සැරසී සිටිනු දැකීම විශාල ආඩම්බරයක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (10) දින පස්වරුවේ පැවසීය. කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ පැවති ලාංකේය තරුණ ව්‍යවසායකයින්ගේ මණ්ඩලයේ 22 වැනි සංවත්සර සැමරුමට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. හිටපු සභාපති චමත් කෝට්ටගේ මහතා එම තනතුරේ කාලය අවසන් කිරීමත් ලාංකේය තරුණ ව්‍යවසායකයින්ගේ මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස …

Continue Reading

ආණ්ඩුව ගැන කලකිරිච්ච නැති ගෙයකින් අබ මිටක් ගෙනත් දෙන්න – මුරුත්තෙට්ටුවේ හිමියෝ ඉල්ලති

‘හොදයි දියණිය ! මම දරුවාට ප්‍රාණය ලබා දෙන්නම්. ඔබ ගිහින් කිසිවෙකු නොමළ ගෙයකින් අබ මිටක් රැගෙන එන්න‘ මේ කතාව කිව්වේ බුදු රජාණන් වහන්සේ කිසා ගෝතමියට. එදා සිට අතිෂය දුර්ලභ, නැති නම් සොයා ගත නොහැකි දෙයක් ගැන කතා කරන විට අපි බොහෝ විට ‘නොමළ ගෙයකින් අබ මිටක් සොයා ගැනීම‘ කතාව කියනවා. පසුගිය දා මෙරට ප්‍රමුඛ භික්ෂුවක් වන, වත්මන් ආණ්ඩුව බලයට ගෙන …

Continue Reading

පාස්කු ප්‍රහාරය ගැන ‘ඇමති සරත් වීරසේකර’ මැති සබේදී කළ විශේෂ හෙළිදරව්ව

මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් විරසේකර මහතා විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධව අද (10) දින පාර්ලිමේන්තුවේදී සිදු කළ විශේෂ ප්‍රකාශය මහජන ආරක්ෂක අමාත්‍යාංශය වශයෙන් පාස්කු ප්‍රහාරයට ලක්ව මිය ගිය අපේ අහිංසක සහෝදර ජනතාව වෙනුවෙන් එම සාහසිකයන්ට සහ එය සැලසුම්  කළ අපරාධකරුවන්ට නීති ප්‍රකාරව උපරිම දඬුවම් ලබා දීමට අප විසින් ගන්නා ක්‍රියාමාර්ග සහ එහි ප්‍රගතිය වගේම අපේ ජනාවගේ ඉදිරි ආරක්ෂාව …

Continue Reading