නව අග්‍රාමාත්‍යවරිය ලෙස හරිනි අමරසූරිය දිවුරුම් දෙයි

නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මැතිණිය අද (24) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය. ශ්‍රී ලංකාවේ අගමැති ධුරයට පත්වූ තෙවැනි කාන්තාව ඇයයි. අග්‍රාමාත්‍යවරිය යටතට පහත දැක්වෙන අමාත්‍යාංශ එක්කර ඇත. අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු, අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ කාන්තා, ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර …

Continue Reading

ජනපති ප්‍රමුඛ නව ඇමැතිවරුන්ගේ අමාත්‍යාංශ මෙන්න !

මෙරට නව අග්‍රාමාත්‍යවරිය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස විජිත හේරත් මහතාත්  අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. අද පත්කෙරුණු කැබිනට් අමාත්‍ය ධූර පහත පරිදි වෙයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 01 ආරක්ෂක 02 මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක 03 බලශක්ති 04 කෘෂිකර්ම, ඉඩම්, …

Continue Reading

ඡන්දේ දාන්න රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයින්ට නිවාඩු ලැබෙන හැටි මෙන්න

ඡන්දය ප්‍රකාශ කිරීමට සියලු සේවකයින්ට නිවාඩු ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරයි. අද (19) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා මේ බව අවධාරණය කළේය. ඒ අනුව රාජ්‍ය අංශයේ සේවකයින්ට ආයතන සංග්‍රහය අනුව අවම පැය 4ක කාලයක් ඇතුළුව දුර ප්‍රමාණය අනුව ඡන්ද පොළට යෑම සඳහා නිවාඩු ලබාදිය යුතු බව මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා …

Continue Reading

ජනපතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වුණ පසු කළ යුතු දේ මැකො කියයි

ඉදිරි ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු හෙට (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බවත් එතැන් සිට නිහඬ කාලය ක්‍රියාත්මක වන බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. මෙම නිහඬ කාලයෙන් පසු අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ගෙයින් ගෙට යාම හෝ ඕනෑම ආකාරයක ප්‍රචාරණ කටයුත්තක නිරත වීම මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් ලෙස සලකන බවත්, එවැනි පුද්ගලයින් හෝ කණ්ඩායම් වහාම අත්අඩංගුවට ගන්නා බවත් කොමසාරිස් …

Continue Reading

යුරෝපා සංගමයේ රාජ්‍ය තාන්ත්‍රිකයින්ට ජනපතිවරණ නිරීක්ෂණය තහනම්

යුරෝපා සංගමයේ (EU) දූත මණ්ඩලවල රාජ්‍ය තාන්ත්‍රිකයින්ට ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීමට අවසර දී නැති බව මැතිවරණ කොමිෂම පවසයි. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පැවසුවේ යුරෝපා සංගමයේ මෙරට තානාපති කාර්යාල කාර්ය මණ්ඩලය මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා සහභාගීවීමට කළ ඉල්ලීම ප්‍රතිපත්ෂේප කළ බවත් එවැන්නකට අවස්ථාවක් ලබාදිය නොහැකි බවත්ය. ශ්‍රී ලංකාවේ සිටින රාජ්‍ය තාන්ත්‍රිකයින්ට කිසිදු නිරීක්ෂණ මෙහෙයුමක නිරත විය නොහැකි බවත්, මැතිවරණ නිරීක්‍ෂණය කිරීමට …

Continue Reading

ඡන්ද මධ්‍යස්ථාන වෙත ජංගම දුරකථන ගෙන යාම ගැන මැකො ගත් තීන්දුව

සලකුණු කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරුපය සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමත් සමඟ සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඡන්ද මධ්‍යස්ථාන තුළට ජංගම දුරකථන රැගෙන යාම තහනම් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙන බව මැතිවරණ කොමිෂමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය. ‘නිදහස් හා සාධාරණ ජනාධිපතිවරණයක් සහතික කිරීමේ මාධ්‍ය භූමිකාව’ තේමා කර ගනිමින් ශ්‍රී ලංකා පුවත්පත් සංගමය විසින් සංවිධානය …

Continue Reading

මතභේදාත්මක කැබිනට් තීන්දු ගැන මැකො කියන කතාව

කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ මෑත කාලීන තීරණ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව දැඩි කනස්සල්ල පළ කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පවසයි. ඔහු පැවසුවේ අමාත්‍ය මණ්ඩල තීරණ හරහා ඇතැම් අපේක්ෂකයින් පැහැදිලිව ප්‍රවර්ධනය කරනු ලබන බවයි. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසා ඇත්තේ කැබිනට් මණ්ඩලය විසින් ගනු ලබන කිසිදු තීරණයක් නතර කිරීමට කොමිසමට බලයක් නොමැති බවයි. “කෙසේ වෙතත් කැබිනට් මණ්ඩලය විසින් මෑතකදී …

Continue Reading

ගීතා ඇතුළු රාජ්‍ය ඇමැති 05ක් ගැන ජනපති ගත් තීන්දුව

වහාම ක්‍රියාත්මක වන පරිදි ගීතා කුමාරසිංහ ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉවත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පවසයි. ශෂීන්ද්‍ර රාජපක්ෂ, තේනුක විදානගමගේ, ප්‍රසන්න රණවීර සහ ඩී.වී චානක ඉවත් කළ සෙසු පිරිස අතර වෙති. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (3) (අ) වගන්තිය යටතේ මෙම ඉවත් කිරීම් සිදු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේය.

Continue Reading

වාහනවල ප්‍රචාරක ස්ටිකර් ගැන මැකො ගත් තීන්දුව

වාහනවල ප්‍රදර්ශනය කර ඇති මැතිවරණ ප්‍රචාරක ස්ටිකර් වහාම ඉවත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව නියෝගයක් නිකුත් කර තිබේ. පෞද්ගලික බස්රථවල සහ ත්‍රිරෝද රථවල දේශපාලන සටන් පාඨ සහ ස්ටිකර් ඇලවීම සම්බන්ධයෙන් පැමිණිළි රැසක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. ජනාධිපති මැතිවරණ පනතට අනුව එවැනි ද්‍රව්‍ය ප්‍රදර්ශනය කිරීම මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බව කොමිසම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.තවද, නීතියට අවනත නොවන පුද්ගලයින්ට …

Continue Reading

හිටපු ජනපතිනියගේ සහාය කාට ද ? ජනතාවටත් දැඩි අවවාද

2024 ජනාධිපතිවරණයේදී මධ්‍යස්ථව සිටීමට තමන් තීරණය කළ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අද (05) ප්‍රකාශ කළාය. තමන් විවිධ අපේක්ෂකයින්ට සහය පළ කරන බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇති නමුත් 2024 ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයෙකුට තම සහය ලබා නොදෙන බව අවධාරණය කළ ඇය ප්‍රකාශ කළේ ඇතැම් අපේක්ෂකයින් තම සහාය ඉල්ලා සිටි බවයි. ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කිරීමේදී සියලුම ඡන්දදායකයින් බැරෑරුම් ලෙස …

Continue Reading