දුෂ්කරතා මැද වැඩ කළොත් එහි ප්‍රතිඵලය කවදාහරි මේ රටට ඉතිරි වෙනවා – අගමැති මහින්ද

දුෂ්කරතා මැද වැඩ කළොත් එහි ප්‍රතිඵලය කවදාහරි මේ රටට ඉතිරි වෙනවා කියන විශ්වාසයෙන් අපි වැඩ කරමු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (01) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවසීය. ‍‍දිවයින පුරා ගම්මාන 500ක් “සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන” ලෙස සංවර්ධනය කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය. ඒ අනුව නුවරඑළිය මන්දාරම්නුවර බෝංචි බීජ හා කෝපි නිෂ්පාදන ගම්මානය, පේරාදෙණිය උඩුඊරියගොල්ල මල් නිෂ්පාදන ගම්මානය …

Continue Reading

ගෝලීය කොවිඩ් අභියෝගය අභිමුව ‘අපේ පාර්ලිමේන්තුවේ අනාගත දිශානතිය’

ජාත්‍යන්තර පාර්ලිමේන්තු දිනය වෙනුවෙන් කථානායකවරයා විසින් නිකුත් කළ පණිවිඩය අද ජාත්‍යන්තර පාර්ලිමේන්තු දිනයයි. සෑම වසරකම ජූනි  30 වැනිදා ජාත්‍යන්තර පාර්ලිමේන්තු දිනය සැමරීමට ලොව අනෙකුත් රටවල් මෙන්ම ලොව ඉපැරණිතම ප්‍රජාතන්ත්‍රවාදයකට හිමිකම් පවසන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවද අභිමානයෙන් යුතුව එක්වෙයි. එපමණක් නොව, 1931 දී සර්වජන ජන්ද බලය දිනාගත් රටක් ලෙස ලෝක ඉතිහාසය ට එක්වු ශ්‍රී ලංකාව 1960 ජූලි 21 වැනිදා සිය ජන්ද බලය …

Continue Reading

බැසිල් පාර්ලිමේන්තුවට එන්නේ ඇයි ? – ‘සාගර කාරියවසම්‘ කළ අලුත්ම හෙළිදරව්ව !

බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස මෙවර කරන ඉල්ලීම ඔහුට බැහැර කළ නොහැකි බවත් බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් තම අසුන පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු විශාල පිරිසක් සූදානම් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ අද (28) පෙරවරුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සාගර කාරියවසම් මහතා මේ …

Continue Reading

‘ඇමතිකම් ඉල්ලුවෙත් නෑ – දුන්නත් ගන්නෙත් නෑ‘ – හිටපු ජනපති මෛත්‍රී ගෙන් විශේෂ නිවේදනයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍යධුරයක දිවුරුම් දීමට නියමිත බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය විසින් අද (28) දින නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා. එම නිවේදනයේ සදහන් වන්නේ හිටපු ජනපතිවරයා අමාත්‍යධුරයක් හෝ වෙනත් කිසිම තනතුරක් තමා වෙත ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් නොකළ බවත් එවැනි තනතුරක් ලබා ගැනීම හිටපු ජනපතිවරයා බලාපොරොත්තු නොවන බවත්ය. එම නිවේදනය පහතින් …

Continue Reading

ආණ්ඩුවේ සංවර්ධනය කටයුතු අඩපණ වීමට හේතුව ‘ජනපති මහ නාහිමිවරුන්ට පැහැදිලි කරයි‘

නිරෝගිමත් අනාගත පරපුරක් වෙනුවෙන් කාබනික පොහොර භාවිතයට ගත් පියවර කිසි විටෙකත් පසුපසට නොගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අස්ගිරි මහා නායක හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයට කියයි. එමෙන්ම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමේදී ගොවීන් අපහසුතාවට පත්වීමට ඉඩ නොතබන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. රසායනික පොහොර භාවිතය නිසා දිවයිනේ ප්‍රදේශ රැසක ගොවීන් වකුගඩු රෝගය ඇතුළු බෝ නොවන රෝග රැසකින් පීඩා විඳින අතර එමගින් පරිසරයට …

Continue Reading

‘මේ රටේ රාජපක්‍ෂවරු විතරද රටට වැඩක් කරන්න පුළුවන් අය ඉන්නේ ?’

හැම මොහොතකම පෙන්නුම් කරමින් තිබෙන්නේ ආණ්ඩුවේ නොහැකියාව යැයි ජාතික ජන බලවේගය සඳහන් කරයි. එම පක්ෂය විසින් අද (25) පෙරවරුවේ කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කර අතර එම මාධ්‍ය හමුව සඳහා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී, ආචාර්ය හරිනි අමරසූරිය සහ ජාතික ජන බලවේගයේ මෙහෙයුම් මණ්ඩල සාමාජික මහින්ද රත්නායක එම මාධ්‍ය හමුව සඳහා සහභාගී වී සිටි අතර එහිදී ඔවුන් …

Continue Reading

‘සමහර දෙනෙකු ‘පුද්ගලික ඉල්ලීම් ඉටු නොවුනාය කියා’රජය සමඟ අමනාප වී සිටිනවා’- ජනපති

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය අතිපූජ්‍ය මහා සංඝරත්නයෙන් අවසරයි,අන්‍යාගමික පූජකතුමණි,ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියණි, මිත්‍රවරුණි, ආදරණීය දූ දරුවණි. අපේ රටට පමණක් නොව දියුණු, නොදියුණු සෑම රටකටම මේ අවස්ථාවේ තිබෙන බරපතලම ප්‍රශ්නය කොවිඩ් 19 ගෝලීය වසංගතයයි. ලෝකය පුරා මිලියන 180 කට මේ රෝගය වැලඳී තිබෙනවා. මිලියන 3.9 කට ආසන්න ජනගහනයක් මේ වන විට ඉන් මියගොස් තිබෙනවා. මුල් කාලයේ …

Continue Reading

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට – ආර්ථික සංවර්ධන කැබිනට් ඇමැතිකමත් සූදානම් !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ජූනි මස 06 වැනිදා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන බව ප්‍රමුඛ දේශපාලන වෙබ් අඩවි කිහිපයක් අද (25) වාර්තාකර තිබෙනවා. තහවුරු නොකළ මූලාශ්‍ර උපුටා දක්වමින් එම වෙබ් අඩවි සදහන් කරන්නේ බැසිල් රාජපක්ෂ මහතාට පත්වීමට ඉඩ දී මේ වන විට ජාතික ලැයිස්තුවෙන් පත්ව සිටින මහාචාර්ය රංජිත් බණ්ඩාර …

Continue Reading

දුමින්ද සිල්වාට ‘ජනපති සමාව‘

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ජනාධිපති සමාව ලැබීමෙන් පසු දුමින්ද සිල්වා අද වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස් විය. අද (24) පෙරවරු 10ට පමණ දුමින්ද සිල්වාව වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස් කළ බව බන්ධනාගාර ප්‍රකාශක චන්දන ඒකනායක තහවුරු කළේය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ප්‍රේමචන්ද්‍ර ඝතනය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ පැවැති නඩු විභාගයකින් වැරදිකරු වීමෙන් පසු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට 2016 සිට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම විය

Continue Reading

රනිල්ගේ මංගල කතාව: ‘රට හමුවේ ඇති අර්බුදයට එකම පිහිට IMF එක

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ පා ඇති විදේශ විනිමය අර්බුදයට ඇති ඒකම විකල්පය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නැවත වරක් සාකච්ඡා ආරම්භ කිරීම බවත් විකල්පයක් නැතුව සංඛ්‍යාලේඛන කතා කිරීමෙන් කිසිම ප්‍රයෝජනයක් අත් නොවන බවත් එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.  මෙහිදී වත්මන් කොවිඩ් වසංගත තත්ත්වය ගැන සිය අදහස් ප්‍රකාශ කළ වික්‍රමසිංහ මහතා මෙම ආර්ථික …

Continue Reading