බැසිල් රාජපක්ෂගේ නම මැතිවරණ කොමිෂමට – දිවුරුම් දීමත් තීන්දුයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා අද (05) මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයට සදහා බැසිල් රාජපක්ෂ මහතා නම්කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද මැතිවරණ කොමිෂමෙන් ඉල්ලා සිටියා. එම ඉල්ලීම කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර …
Continue Reading
ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය: විපක්ෂයට බොරදියේ මාළු බාන්න දෙන්න බැහැ – පොහොට්ටුවේ මහ ලේකම්
මෑතදී ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරයෙහි කිසිදු වෙනසක් සිදු නොවූවත් විපක්ෂයට බොරදියේ මාළු බෑමට ඉඩදිය නොහැකි බව පොහොට්ටු පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය. 69 ලක්ෂයක ජනතාවගේ සහය ඇතිව පිහිටුවන ලද රජය ආරක්ෂා කිරීමේ වගකීම ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඇති බව ඔහු අද (05) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. ඉන්ධන මිල …
Continue Reading
කාක පිහාටු එල්ලලා මේ ගමන නවත්වන්න බැහැ – සමන්ත විද්‍යාරත්න
බුදුදහම රකිනවා කියා බලයට ආපු ආණ්ඩුව, ගොවි ජනතාව වෙනුවෙන් පාරට බැස්ස සංඝයාවහන්සේලා හිරේ දැමීමට සූදානම් වන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික සමන්ත විද්‍යාරත්න සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කරන්නේ, ගොවිජනතා ප්‍රශ්න වෙනුවෙන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න සහ තමන් ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ ඇති සූදානම සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුව හරහා විශේෂ ප්‍රකාශයක් සිදු …
Continue Reading
රනිල්ගෙන් යළිත් ‘පංච පුද්ගල කමිටුවක්‘
එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධාන කිරීමටත්, පක්ෂය ශක්තිමත් කිරීමටත් අවශ්‍ය කරුණු සොයා බලා නිර්දේශ කිරීමට එජාප පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත්කළ බව එජාප ජ්‍යෙෂ්ඨයෙක් පවසයි. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, සභාපති වජිර අබේවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර සහ උප සභාපතිවරුන් වන අකිල විරාජ් කාරියවසම් සහ සාගල රත්නායක යන මහත්වරුන් එම කමිටුවට පත්කළ …
Continue Reading
බැසිල්ට සහ පී.බී ජයසුන්දරට ‘දයාසිරිගෙන් දැඩි ප්‍රහාරයක්‘
බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පිවිසීමෙන් රට මුහුණ දෙන ගැටලු විසඳන්නේ නැති බවත් වත්මන් කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශ නම් කර ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතා විසින් බවත් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා කියයි. ‘‘බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍යධුරයක් භාරගත් දිනට පසු මෙම ප්‍රශ්න විසදෙන්නේ නැහැ. රට දැවැන්ත අර්බුදය ගිලී තිබෙනවා. අපි මෙය ජනතාවට පැවසිය යුතුයි. රටේ ඩොලර් අර්බුදයක් පවතිනවා. මේ අර්බුදයේ කේන්ද්‍රය වන …
Continue Reading
පොහොර ඉල්ලා කරන ‘ගොවි උද්ඝෝෂණවලට තිත තියන්න‘ ආණ්ඩුවෙන් අලුත් සැලසුමක්
කොවිඩ් මර්දන මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් උද්ඝෝෂණයක් සිදුකර ඇති බවට චෝදනා කරමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි ජවිපෙ ප්‍රකාශකයෙක් සදහන් කළේය. ඔහු සදහන් කළේ පසුගිය දා පොහොර ගැටලුව සම්බන්ධයෙන් බණ්ඩාරවෙල, බොරලන්ද ප්‍රදේශයේදී සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විසින් සංවිධානය කර තිබූ උද්ඝෝෂණය සෞඛ්‍ය …
Continue Reading
‘ආණ්ඩුව‘ පෙරපාසල් ගුරුවරියන්ගේ ජීවිත අපායක් කළා – අයිතීන් උදෙසා කාන්තාවෝ
“රට ගොඩනගන්න නිර්මාණශීලී පුද්ගලයන් සහ වෘත්තිකයන් බිහි කරන අත්තිවාරම මේ ලෙස විනාශ වෙලා යනවා. සහෝදරත්වය, බෙදාහදා ගැනීමේ හැඟීම්, අහිමි දරුවන් අනාගතයේ අභියෝග බාර ගන්නේ කොහොමද? දරුවන්ගේ පැත්තෙන් මේ ප්‍රශ්න තියෙනවා වගේම අද වෙනකොට පෙරපාසැල් ගුරුවරිය විශාල පීඩනයකට ලක්වෙලා ඉන්නේ. පෙරපාසැල් ගුරුවරුන්ගේ ඇත්ත ජීවන තත්වය ඉතාමත් ඛේදනීයයි. බොහෝ තැන් මාසික කුලී පදනම මත ලබාගෙන දැන් ගෙවාගන්න බැරිව ඉන්නෙ. අනික් පැත්තෙන් පෙරපාසැල් …
Continue Reading
පොදු දේශපාලන වේදිකාවක් සඳහා නායකත්වය දෙන්න සූදානම් – චම්පික රණවක
පාලක පක්ෂයට එරෙහි පොදු දේශපාලන වේදිකාවක් සඳහා නායකත්වය ලබා දීමට තමා නායකත්වය දෙන 43 වන සේනාංකය සූදානම් බව පඨලී චම්පික රණවක මහතා ඊයේ (02) පැවැති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය. 43 වන සේනාංකය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ඉටු කරන ලද කාර්යභාරය පිළිබඳව දැනටමත් පැහැදිලි කර ඇති බව රණවක මහතා මාධ්‍ය හමුවේ පැවසීය. “සජිත් ප්‍රේමදාස මහතා 43 වන සේනාංකයට සම්බන්ධ නැති නමුත් …
Continue Reading
මහින්ද අමරවීරත් ‘ආණ්ඩුවේ මදිපුංචිකම්‘ ගැන අදෝනා කියයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල මන්ත්‍රීවරුන්ට ඇතැම් ඇමැතිවරුන්ගෙන් හා ප්‍රාදේශීය දේශපාලඥයන්ගෙන් කෙනෙහිලිකම් සිදුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය. ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකදී අමරවීර මහතා මේ බව පැවසීය. මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා, ‘‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවෙන් ද යම් යම් මදිපුංචිකම් සිදුවෙනවා. අපි පක්ෂයක් …
Continue Reading
Parliament Hot: -ජූනි 21 සිට ජූනි 23
පවතින කොවිඩ් තත්ත්වය මැද මෙරට සංචරණ සීමා පසුගිය 21 වන දින උදෑසන ඉවත් කළද තවදුරටත් දැඩි සෞඛ්‍ය රෙගුලාසිවලට අනුගත වෙමින් අවශ්‍ය කටයුතු පවත්වාගෙන යාමට රජය තීරණය කළේය. මේ අතර ඉකුත් සතියේ පාර්ලිමේන්තු රැස්වීම් කෙරෙහි ද බොහෝ දෙනාගේ දැඩි අවධානය යොමුව තිබිණි. වෙසෙසින්ම කොවිඩ් තත්ත්වය පාලනය ඇතුළු රජයේ වියදම් සදහා රු බිලියන 200 ක පරිපූරක ඇස්තමේන්තුවකට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට ඉදිරිපත්ව තිබීමත්, …
Continue Reading