මාධ්‍ය ප්‍රධානීන් හමුවේ ජනපති හෙළිකළ රහස

ජනාධිපතිවරණයට නැවතත්  ඉදිරිපත් වීමට තමා බලාපොරොන්තුව වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) පෙරවරුවේ මාධ්‍ය ආයතන හිමිකරුවන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති  සාකච්ඡාවේ පැවසීය. තම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට වසර තුනක් නොව ඉන් පසුව ද තවත් වසර පහක් තිබෙන බව ජනාධිපතිවරයා  සඳහන් කළේය.

Continue Reading

මැතිවරණ නීතී ප්‍රතිසංස්කරණයට මහජනතාව සහ සිවිල් සංවිධාන වෙතින් යෝජනා 155ක්

මැතිවරණ සහ ජන්ද විමසීම් ව්‍යූහයේ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කර ඇති සභානායක සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට පිළිගත් දේශපාලන පක්ෂ 21 කින් යෝජනා ලැබී තිබේ. මෙයට අමතරව, මහජනතාව සහ සිවිල් සංවිධාන වෙතින් යෝජනා හා අදහස් 155ක් ඉදිරිපත් වී ඇති බව මැතිවරණ සහ ජන්ද විමසීම් ව්‍යූහයේ නීති රීති ප්‍රතිසංස්කරණයට අදාළව පත් කර ඇති …

Continue Reading

නිවාස අධිකාරියේ සභාපති පුටුවට දුමින්ද සිල්වා පත්කරයි

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා පත්කර තිබෙනවා. ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතාගේ අත්සනින් යුතු පත්වීම් ලිපිය පසුගිය ජූලි 16 වැනිදා ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත මේ බව දැනුම් දී තිබෙනවා.. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම් නියම වූ දුමින්ද සිල්වා මහතා …

Continue Reading

හමුදා මානසිකත්වයෙන් පිරුණු මිලිටරි මේනියාව.. සරත්ගේ තවත් කථාවක්..

රටේ විනය මෑතදී පිරිහී ඇති බවත්, විනයගරුක සමාජයක් ඇති කිරීම සඳහා වයස අවුරුදු 18 ට වැඩි අයට හමුදා කඳවුරුවල පුහුණුවක් ලබා දිය යුතු බවත් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ පණදුර අළුබොමුල්ල සහ හිරාන පොලිස් ස්ථාන විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වෙමිනි. රටේ විනය වඩාත් නරක අතට හැරෙමින් පවතින අතර එවැනි සමාජයක කප්පම්කරුවන්, ස්ත්‍රී දූෂකයින්, …

Continue Reading

ආණ්ඩුව එහෙට මෙහෙට බෝලේ පාස් කරනවා විතරයි – සුනිල් හඳුන්නෙත්ති

මුදල් හොයන්න දන්නා බව කියා සිටියද ආණ්ඩුවේ අය දන්නේ තමන්ට මුදල් සොයා ගන්න ක්‍රමය විතර යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරයි. සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසූවේ අද (15) පෙරවරුවේ පැලවත්ත බත්තරමුල්ල හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි. එහිදී ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස්… “මේ වනවිට අපේ රටේ විදේශ විනිමය සහ …

Continue Reading

මැතිවරණ නීතී ප්‍රතිසංස්කරණයට යෝජනා හා අදහස් 138 ක්

මැතිවරණ සහ ජන්ද විමසීම් ව්‍යූහයේ නීති ප්‍රතිසංස්කරණයට අදාළව, ඒ සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට පිළිගත් දේශපාලන පක්ෂ 10 කින් යෝජනා හා අදහස් ඉදිරිපත් වී ඇතැයි කාරක සභාවේ සභාපති, සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (14)  පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැති එම කාරක සභා රැස්වීමේදී  පැවසීය. යෝජනා ඉදිරිපත් කිරීමට පිළිගත් දේශපාලන පක්ෂවලට ලබා දී තිබූ කාලය ජූලි 15 වැනිදා අවසන් …

Continue Reading

මැතිවරණ කොමිසම ‘විධායකයේ රූකඩයක්’ බවට පත් කරමින් යනවා

පක්ෂ නායක, නීත්‍ය නියෝජිත, මැතිවරණ නිරීක්ෂණ රැස්වීම් නෑ සහකාර කොමසාරිස්වරුන්ට රැස්වීමක් දෙන්නේ නෑ.  මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉවත්වී යනවා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ සෑම පාර්ශවයක් සමඟ ‘සාකච්ඡාකර තීන්දු ගැනීම මැතිවරණ දෙපාර්තමේන්තුව/ කොමිෂන් සභාව ඉතිහාසය පුරාම පවත්වාගෙන ගිය ව්‍යවහාරය යි.  වත්මන් කොමිෂන් සභාව පත් වූ දින සිට මේ දක්වා පවත්වා ඇත්තේ කොමිෂන් සභාව හදුන්වා දීමේ එක පක්ෂ නායක රැස්වීම පමණී. නිත්‍ය නියෝජිතයින්ගේ …

Continue Reading

රටේ බලශක්ති ක්ෂේත්‍රය මැදමුලන බූදලයක්ද ? – අනුර

දේශප්‍රේමී සළු පොරවා ගනිමින්, දේශප්‍රේමය ගැන ගෝරනාඩුකරමින් බලයට පැමිණි ගෝටාබය රාජපක්ෂ ආණ්ඩුව මෙරට බලශක්ති ක්ෂේත්‍රය ඇමෙරිකාවට පවරන්නේ මැදමුලනේ බූදලයක් ලෙස සිතාගෙන දැයි ජවිපෙ නායක අනුර දිසානායක ප්‍රශ්න කරයි. කෙරවලපිටිය යුගදනවි LNG බලාගාරයේ කොටස් 40%ක් ඇමෙරිකානු සමාගමකට පවරා දීමට පසුගිය කැබිනට් මණ්ඩලයේදී අනුමත කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද (13) පෙරවරුවේ එම පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා මේ බව පැවසීය. එම මාධ්‍ය …

Continue Reading

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන්ගේ ආරක්ෂාවට නීති හදන ලෙස අගමැතිගෙන් උපදෙස්

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන සේවකයන් විසින් රාජකාරි ඉටු කිරීමේ දී සද්භාවයෙන් යුතුව ගන්නා ලද ක්‍රියාමාර්ග වලට අදාළව එම සේවකයන් සඳහා සුදුසු ආරක්ෂාවක් ලබාදීම පිණිස නීති කෙටුම්පත් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දුන්නේය. “දේශපාලන පළිගැනීම්වලට ලක්වූ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන් හට සහන සලසාලීම පිළිබඳව අරලියගහ මන්දිරයේ දී අද (13) දින පෙරවරුවේ පැවති සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍යවරයා …

Continue Reading

පාස්කු ප්‍රහාරය ගැන ‘කතෝලික පල්ලියෙන්‘ නම් ගම් සහිත සම්පූර්ණ හෙළිදරව්වක් !

දේශපාලනඥයින් තිදෙනකුට සහ පොලිස් නිලධාරීන් 10 කට වැඩි පිරිසකට එරෙහිව පියවර ගැනීමට අපොහොසත් වී තිබේ 2019 පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ ප‍්‍රතිඵලයක් ලෙස වර්තමාන තත්ත්වය පිළිබඳ ලිපියක් සහ ඒ හා සම්බන්ධ විමර්ශන අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙන බව කොළඹ අගරදගුරු අතිගරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ පැවසූහ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතු දේශපාලනඥයන් තිදෙනෙකු සහ පොලිස් නිලධාරීන් 10 කට වැඩි …

Continue Reading