හිටපු අමාත්‍ය ‘මංගල සමරවීර දැයෙන් සමුගනී‘

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ‘කොවිඩ්’ ආසාදනය වීමෙන් අද (24) පෙරවරුවේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වුණා. මියයන විට 65 වැනි වියේ පසු වූ මංගල සමරවීර මහතා මෙරට කෘතහස්ත දේශපාලනඥයෙකු වශයෙන් සැලකෙනවා. 1994 මහ මැතිවරණයේ දී පොදුජන එක්සත් පෙරමුණේ මාතර දිස්ත්‍රික්කය අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත්ව ජයග්‍රහණය කළ සමරවීර මහතා චන්ද්‍රිකා බණ්ඩාර නායක රජයේ, නාගරික සංවර්ධ, ජනමාධ්‍ය ඇතුළු ප්‍රබල අමාත්‍යාංශ කිහිපයක් …

Continue Reading

රට වසාදැමීම ජාතිය අමතා කළ කතාවේදී ජනපතිගෙන් ජනතාවට අනතුරු ඇගයීමක්

වසංගතය පාලනයට එකම විසඳුම එන්නත්කරණයයි රට අරාජික තත්ත්වයට පත් කරන්න එපා රට ඉදිරියට ගෙන යෑමට එකමුතුව වැඩ කරමු වර්ජන – උද්ඝෝෂණ කර රට අරාජික කරන්න එපා ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් දීර්ඝ කාලයක් රට වසා තැබීමට ඉදිරියේදී සිදු වුවහොත් සියලු දෙනාම වඩාත් කැප කිරීම් කරන්නට සූදානම් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමස්ත ජනතාවගෙන් ඊයේ (20) රාත්‍රියේ ඉල්ලීමක් කළේය. ජනතාව අමතා විශේෂ ප්‍රකාශයක් …

Continue Reading

තංගල්ලේ හිටපු ප්‍රා.සභාපතිගේ අභියාචනය ඉවතට

2011 වසරේ දෙසැම්බර් මස 25 තංගල්ල ප්‍රදේශයේ පිහිටි අවන්හලක් තුළදී බ්‍රිතාන්‍ය ජාතිකයකු ඝාතනය කර ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය දුෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණ ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට එරෙහිව පනවා ඇති දඬුවම් 2014 වසරේ ජූලි 18 වන දා සිට ක්‍රියාත්මක කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය. තමන්ව එම දඬුවම්වලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා විත්තිකරුවන් …

Continue Reading

සති තුනකවත් රට වසා දමන්න – ‘ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක්‘ ජනපතිගෙන් ඉල්ලයි

රට අගුළු දැමීමට යෝජනා කරමින් ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 10ක් විසින් ජනපතිවරයාට යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10 ක නායකයන්ගේ අත්සනින් ජනාධිපතිවරයාට යවා ඇති ලිපියේ මෙම අවස්ථාව ජාතික ආපදාවක් ලෙස සලකා එයට මුහුණ දීමට සර්ව පාක්ෂික යාන්ත්‍රණයක් සකසන ලෙස යෝජනා කර ඇත. මේ වන විට ජනාධිපතිවරයා විසින් රට වසා නොදමන බවට දැඩි ස්ථාවරයක සිටියත් පොදු ජනතාව විසින් …

Continue Reading

මුදල් කෙටුම්පතේ වගන්ති 13ක් ව්‍යවස්ථාවට පටහැනියි – ශ්‍රේෂ්ඨාධිකරණය

පසුගිය දිනවල මහත් ආන්දෝලනයට තුඩුදුන් මුදල් පනත් කෙටුම්පතේ  වගන්ති 13ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (17) දැනුම් දුන්නේය. 4(1),5(1),5(2),5(3),5(4),5(5),6(1),7(1),12බී,13(1),14,20 සහ17 යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී ඇතැයි කතානායකවරයා පැවසීය. මෙම වගන්තිවලින් 17 වැනි වගන්තිය මුළුමනින්ම ඉවත් කළ යුතු බවටත්  සෙසු වගන්තිවලට  සංශෝධන ගෙන ආ යුතු බවටත් එසේ …

Continue Reading

ඇමති මාරුවෙන් නාමල්ට වාසි පිට වාසි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (16) දින අමාත්‍ය මණ්ඩලය පහත සඳහන් පරිදි සංශෝධනය කර තිබේ. ජී.එල්. පීරිස් මහතා                              –           විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා                    –           අධ්‍යාපන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය              –           ප්‍රවාහන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා –           සෞඛ්‍ය අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා                      –           විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා                  –           ජනමාධ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා                       –           තරුණ කටයුතු හා ක්‍රීඩා …

Continue Reading

පවිත්‍රා සිය සමුගැනීමේ කතාවේදී ‘රජු – පුරෝහිත‘ උපමාවට ගෙන කළ සංවේදී කතාව

පුරෝහිතයා කිව්වා ලු ‘‘රජතුමනි මාව වළට දාපු එකත් ඔබතුමාට මම ස්තූතිවන්ත වෙනවා. මොකද ඔබතුමාත් එක්ක මම ගියානම් එහෙම සම්පූර්ණ මනුස්සයෙක් හොයන කොට මමයි බිලි පූජාවට පත්වෙන්නේ ‘‘ කියලා.    සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තමන්ව ඉවත් කෙරුණේ තමා බලාපොරොත්තු නොවුණු මොහොතක බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය, වත්මන් ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. ඇය ඒ බව සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිය සමුගැනීම වෙනුවෙන් …

Continue Reading

කිසිදු පුරවැසියෙක් ජනාධිපතිගේ තකතීරු තීරණ නිසා මිය යා යුතු නෑ – ජවිපෙ නායක අනුර

කොවිඩ් වසංගතය පාලනය කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ගෙන යන වැඩ පිළිවෙල දැඩි ලෙස විවේචනය කළ ජනතා විමුක්ති පෙරමුණ “කිසිදු පුරවැසියෙක් ජනාධිපතිගේ තකතීරු තීරණ නිසා මිය යා යුතු නැහැ” යනුවෙන් අවධාරණය කළේය. අද අන්තර්ජාලයේ සජීවී විකාශයක් ඔස්සේ මාධ්‍ය හමුවක් පවත්වමින් එම පක්ෂයේ නායක අනුර දිසානායක මේ බව අවධාරණය කර තිබිණි. එහිදී ඔහු දැක්වූ අදහස් පහත පළ වේ. “කොවිඞ් වසංගතය ඇතිවූ පසුව …

Continue Reading

වැඩිහිටියන්ට එන්නත් ප්‍රමුඛතාව නොදීම කොවිඩ් මරණ ඉහළ යාමට බලපෑවා – සුනිල් හඳුන්නෙත්ති

කොවිඩ් එන්නත් ලබාදීමේදී වැඩිහටියන්ට ප්‍රමුඛතාවය ලබානොදීම කොවිඩ් මරණ ඉහළයාමට බලපා ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි. ඔහු මේ බව පැවසූවේ බත්තරමුල්ල පැලවත්ත හිදී අද (12) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. එහිදී ඔහු වැඩිදුරටත් දැක්අවූ දහස්… “අද වනවිට ඩෙල්ටා ප්‍රභේදය ඉතා වේගයෙන් ව්‍යාප්ත වීමත් සමග ආණ්ඩුව දක්වන ප්‍රතිචාරවල පරස්පතරතා නිසා රටේ ඇති වී තිබෙන අවිනිශ්චිතභාවය …

Continue Reading

ගත වූ මාසය තුළ උද්ඝෝෂණ 120ක් !

කොවිඩ් රෝග ලක්ෂණ සහිතව රෝහල් වෙත පැමිණෙන කිසිඳු රෝගියෙකු අපහසුතාවට පත්වීමට ඉඩ නොතබන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස් දෙයි. කොවිඩ් රෝග ලක්ෂණ හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රධාන නගර කිහිපයක රෝහල් වෙත දෛනිකව පැමිණෙන රෝගීන්ගේ ඉහළ යාමක් වාර්තා වී තිබේ. එලෙස පැමිණෙන රෝගීන් නිර්ණය කිරීමේ දී ඇතිවන තදබදය හේතුවෙන්, ඔවුන් අපහසුතාවට ලක් නොවිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. …

Continue Reading