අඟේ ඉඳලා කන කන්න එපා – සනත් නිශාන්ත විමල්ට කියයි

‘අඟේ ඉඳලා කන කන්න එපා යැයිද හැකිනම් තනිවම ජනාධිපතිවරණයට ඉදිරිපත් වී තමන්ගේ තරම පෙන්වන ලෙසත් ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය ඇමති නිශාන්ත කර්මාන්ත ඇමති විමල් වීරවංසට අභියෝග කරයි. රාජ්‍ය ඇමති නිශාන්ත මෙලෙස කර්මාන්ත ඇමති විමල් වීරවංසට අභියෝග කර සිටියේ අද (02) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. “විමල් සහෝදරයා උදය ගම්මන්පිල මෙන්න මෙහෙම කථාවක් කියනවා. විමල් මේ මැතිවරණය අපි …

Continue Reading

එක් රටක් – එක් නීතියක් ගැසට් එකට කතෝලික රදගුරු සමුළුවේ විරෝධය

‘එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය’ පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය අවලංගු කළ යුතු යැයි ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම ජනාධිපති කාර්ය සාධක බලකායේ මුල් පුටුවට පත්කළ අයගේ අතීත වාර්තා කිසිවක් අවධානයට ලක්නොකිරීම නිසා තුවාලවලට අපහාසයක් කර තිබෙන බව ද එම නිවේදනයේ සඳහන් වේ. ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ සභාපති, ජේ. වින්ස්ටන් …

Continue Reading

දේශගුණික විපර්යාස සමුළුව අමතා ජනපති කළ විශේෂ ප්‍රකාශය

පෘථිවියේ පැවැත්මට මනා සහයෝගීතාවයෙන් එක්ව වැඩ කරන්නැයි ජනපති සියලු ජාතීන්ගෙන් ඉල්ලයි රසායනික පොහොර සීමා කිරීම සෞඛ්‍ය සම්පන්න සහ වඩා තිරසර හරිත කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගත් සාධනීය පියවරක් දේශගුණික විපර්යාස අවම කිරීමට නිර්භීත පියවර ගන්නා සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට පුළුල් සහයෝගයක් ලැබිය යුතුයි බුදුන් වහන්සේගේ ඉගැන්වීම්වලට අනුව හැඩගැසුණු අපගේ පොහොසත් දාර්ශනික උරුමය පරිසරයට විශාල වටිනාකමක් ලබා දෙනවා තිරසරභාවය අපගේ …

Continue Reading

රසායනික පොහොරම ඉල්ලන්නේ කවුද ? – ජනපති ලෝකයාට කී කතාව

මිනිසුන් ස්වභාවධර්මයට එරෙහිව ක්‍රියා කරනවාට වඩා ඒ සමග සමපාත විය යුතු බව පෙන්වා දෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සොබාදහමට එරෙහි නොවන නව කෘෂිකාර්මික විප්ලවයක් අවශ්‍ය බව අවධාරණය කරයි. ස්කොට්ලන්තයේ ග්ලාස්ගො හි දී පැවැත්වෙන COP :26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සමගාමීව “නයිට්‍රජන් නැවත සොයා ගැනීම : දේශගුණික විපර්යාස, සෞඛ්‍ය ජෛව විවිධත්වය සහ චක්‍රීය ආර්ථිකය සඳහා විසඳුම් සහ ක්‍රියාකාරීත්වය” තේමාව …

Continue Reading

යුගදනවි කැබිනට් පත්‍රිකාව පිළිබඳ හදිසි තීරණයක්

යුගදනවි තාප විදුලි බලාගාරය සම්බන්ධයෙන්  ඉදිරිපත්ව ඇති කැබිනට් පත්‍රිකාවට නිරීක්ෂණ  ඉදිරිපත් කිරීමට ජනපති හා අගමැති ප්‍රධානත්වයෙන් ඊයේ(28) පස්වරුවේ රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධාන පක්ෂ නායක හමුවේ දී එකඟතාව පළවිය. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේ පැවති හමුවේ දී මේ සම්බන්ධ කරුණු සාකච්ඡාවට ලක් කෙරිණි. මෙයට අමතරව කොවිඩ්-19 වසංගතයේ සහ ගුරු-විදුහල්පති වැටුප් ගැටලුවේ වර්තමාන තත්ත්වය, කොවිඩ් …

Continue Reading

එක් රටක්-එක නීතියක් හදන ජනපති කාර්ය සාධක බළකායේ මුල්පුටුව ‘ඥානසාර හිමියන්ට‘

එක් රටක් සහ එක නීතියක් සඳහා වූ  සාමාජිකයන් 13 දෙනෙකුගෙන් යුතු ජනාධිපති කාර්යය සාධක බළකායක් ස්ථාපිත කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබ ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇති බලතල අනුව නම් කළ මෙම ජනාධිපති කාර්යය සාධක බළකායේ සභාපතිවරයා ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමි පත්කර ඇති අතර එහි ලේකම් ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති සේනානායක මහත්මිය පත්කර ඇත. ජනාධිපති ගෝඨාභය …

Continue Reading

කොළඹ වරායේ බටහිර පර්යන්තයට ආයෝජනය කළ අදානි ජනපති හමුවෙයි

කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කරන අදානි සමූහයේ සභාපති ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපරික ගෞතම් අදානි මහතා ඇතුළු පිරිසක් පෞද්ගලික ගුවන් යානා දෙකකින් ඔවුන් ඊයේ (24) රාත්‍රියේ දිවයිනට පැමිණ තිබේ. ගෞතම් අදානි මහතා අද (25) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ද හින්දු පුවත්පත වාර්තා කර ඇති අතර එහි සදහන් වන්නේ බටහිර පර්යන්ත ව්‍යපෘතිය පිළිබඳව, බලශක්ති පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍ර පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරෙනු …

Continue Reading

සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ගැන අගමැති දුන් නව නියෝගය

සංවර්ධන ව්‍යාපෘති සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ දී පවතින ගැටලු හා අපේක්ෂිත වැඩපිළිවෙල සමඟ කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් මසකට වරක් හමුවී සාකච්ඡා කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (25) දින උපදෙස් දුන්නේය. ඒ අනුව අදාළ සාකච්ඡාවල දී ඉස්මතුවන කරුණු ත්‍රෛයිමාසිකව සමාලෝචනය කරමින් සංවර්ධන කටයුතු සඳහා කාර්යක්ෂම වැඩපිළිවෙලක් පවත්වාගෙන යන්නැයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය. ජාතික භෞතික සැළසුම් දෙපාර්තමේන්තුවේ හා විදේශ …

Continue Reading

‘CIDය විසින් මගේ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කළා’

නිසි අධිකරණ නියෝගයකින් තොරව තම අතීත දුරකථන සංවාදයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබා ගැනීම මගින් තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය කොට ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (ඔක්තෝබර් 21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109:06 වගන්තිය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලිපියක්  තමන් වෙත ලැබුණු බවත්, ඒ අනුව නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය …

Continue Reading

ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (21) පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණියේය. පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි ජනාධිපතිතුමා සභානායක දිනේෂ් ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන කනක හේරත්, නාලක ගොඩහේවා, කංචන විජේසේකර, අරුන්දික ප්‍රනාන්දු සහ පාර්ලිමේන්තු මන්ත්‍රි ඉසුරු දොඩංගොඩ යන මහත්වරු  විසින් පිළිගැනුණු අතර පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් සමග ජනාධිපතිතුමා සභා ගර්භයට පිවිසියහ. ජනාධිපතිතුමා සභා ගර්භයට පිවිසෙන විට ස්ථාවර නියෝග 27/2 යටතේ විපක්ෂ නායක සජිත් ‍ප්‍රේමදාස මහතා …

Continue Reading