‘මෙරට විශ්වවිද්‍යාල රාජ්‍ය විශ්වවිද්‍යාල පමණක් වීමට කිසිසේත් හේතුවක් නෑ‘
ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය ආර්ථිකයට විදේශ විනිමය ලබාදෙන ආදායම් උත්පාදකයක් බවට පරිවර්තනය කළයුතුයි අපේ රටේ අධ්‍යාපන ක්‍රමය වර්තමාන ලෝකයට අනුගත වී නොමැති අතර විශේෂයෙන් තෘතීයික අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණ රැසක් අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (09) පස්වරුවේ පැවති ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 2021 උපාධි ප්‍රදානෝත්සවයට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව …
Continue Reading
වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි
වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත් කෙරුණු අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය. වසන්ත කරන්නාගොඩ මහතා මානුෂීය මෙහෙයුම සමයේ නාවික හමුදාපතිවරයා ලෙස මව්බිම වෙනුවෙන් ඉමහත් සේවයක් ඉටු කළේය. ඒ මහතා මීට පෙර ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද සේවය කර ඇත. රාජා කොල්ලුරේ මහතාගේ අභාවය හේතුවෙන් …
Continue Reading
ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි
ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව අද (07) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු කාමර අංක 01 දී රැස්විය. ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ සභාපතිවරයා වශයෙන්, මෙම අවස්ථාවට සහභාගී වීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා, සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් විසින් පිළිගනු ලැබිණ. රටේ ජාතික ආරක්ෂාව, නීතිය …
Continue Reading
‘එක රටක එක නීතියකට’ නැගෙනහිර ජනතාවගෙන් ඉහළ පිළිගැනීමක්
“එක රටක්, එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායට නැගෙනහිර පළාතේ ජනතාවගෙන් උණුසුම් ප්‍රතිචාරයක් සහ ඉහළ පිළිගැනීමක් හිමිවිය. “එක රටක් එක නීතියක්” වෙනුවෙන් මහජන අදහස් විමසීම ඊයේ (04) මඩකළපුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී සහ වාලච්චේන ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී ආරම්භ කෙරිණ. ස්වාමීන්වහන්සේ, පූජකවරු, වෘත්තිකයන්, සමාජ ක්‍රියාකාරීන් දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රදේශයේ පවතින ගැටලු පිළිබඳව අදහස් දැක් වූහ. යෝජනා වාචිකව හා ලිඛිතව කමිටුවට ඉදිරිපත් …
Continue Reading
මුදල් ඇමති බැසිල් ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල් හමුවෙයි
දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (02) නවදිල්ලි නුවරදී ඉන්දීයජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් කුමාර් දොවාල් මහතා හමුවිය. ජාතික ආරක්ෂක උපදේශක දොවාල් මහතා අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා උණුසුම් ලෙස පිළිගෙන ඔහු සමඟ අතිශයින් සුහදකතාබහක නිරත වූ අතර දෙරටේ අන්‍යෝන්‍ය උපාය මාර්ගික අවශ්‍යතාවලට අදාළ කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කළේය. ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ සහ මුදල් ලේකම් එස් ආර් ආටිගල අමාත්‍යවරයා සමඟ මෙම හමුවටඑක්ව සිටියහ. ශ්‍රී අජිත් කුමාර් දොවාල් ඉන්දියාවේ පස්වන ජාතික ආරක්ෂක උපදේශක වේ. ඔහු කැබිනට් අමාත්‍යවරයෙකුගේ නිලයක් දරයි.
Continue Reading
‘මේ රට හසුරුවන්න නොයෙක් බලවේග ක්‍රියාත්මක වෙනවා’ – අගමැති මහින්ද
මාධ්‍යයත් එක්ක සුහදව වැඩ කරන එක කලාවක්. අපි කවදාවත් මාධ්‍යයට කිසි දෙයක් හැංගුවේ නෑ. අපේ ජීවිතේ දුෂ්කරම කාලවල මාධ්‍යවේදීන් අපිත් එක්ක හිටියා. හැම අවස්ථාවේම අපි මාධ්‍යවේදීන් ආරක්ෂා කළා. මාධ්‍යවේදීන්ටත් නොතේරෙන විදියට මේ රට හසුරුවන්න නොයෙක් බලවේග ක්‍රියාත්මක වෙනවා යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ජනමාධ්‍යවේදීන් සඳහා පිරිනමන “ඇසිදිසි රක්ෂණාවරණය” ප්‍රදානය කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා …
Continue Reading
මංජු ලලිත් වර්ණ කුමාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි
වාද්දුවගේ මංජු ලලිත් වර්ණ කුමාර මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරියේ අද (01) දිවුරුම් දුන්නේය. නියෝජ්‍ය කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය. කළුතර මැතිවරණ කොට්ඨාශයේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ මහින්ද සමරසිංහ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුවට වාද්දුවගේ මංජු …
Continue Reading
නැවත රට වසා දැමීමේ බලාපොරොත්තුවක් නැහැ – ඇමති රමේෂ් පතිරණ
නැවත රට වසා දැමීමේ බලාපොරොත්තුවක් රජයට නොමැති බවත් එළඹෙන නත්තල් උත්සව සමයේ රට වසාදැමීමක් පිළිබදව නිල වශයෙන් සාකච්ඡා කර නොමැති බවද සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයකට ප්‍රතිචාර දක්වමිනි. ඉතාම ජයග්‍රාහී එන්නත්කරණ වැඩසටහනක් රජය විසින් රටේ ක්‍රියාත්මක …
Continue Reading
‘නව ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා‘ – අගමැති මහින්ද
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉදිරිපත් කොට සාකච්ඡාවට ලක්කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (23) දින පාර්ලිමේන්තුවේ දී පැවසීය. අය-වැය කාරක සභා අවස්ථාවේ ජනාධිපති, අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු ආයතනවල වැය ශිර්ෂ විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කරන බවත් රහසිගතව සිදුවන යමක් එහි නැතිබවත් අග්‍රාමාත්‍යතුමා මෙහිදී පෙන්වා දුන්නේ. අග්‍රාමාත්‍ය මහින්ද …
Continue Reading
මන්ත්‍රීවරියන්ට පාර්ලිමේන්තුවේදී සිදුවන වාචික හිංසනය ගැන කතානායකට පැමිණිල්ලක්
අතලොස්සක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ වාචික හිංසනයට ලක්වීම පිළීබදව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් කථානායකවරයාගේ අවධානයට යොමුකර තිබේ. පසුගියදා මන්ත්‍රීවරයෙකු විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකට එරෙහිව සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකරමින් සිය ලිපිය යොමු කර ඇති සභාපතිනිය සදහන් කර ඇත්තේ මීට පෙර අවස්ථාවලද වාචික හිංසනයන් තුළින් උත්තරීතර පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරියන් …
Continue Reading